Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check :වාහනයක ඇතුලත තබා ඇති බුදු පිලිමයක් සඳහා පොලීසිය සැබවින්ම දඩ පත්‍රිකාවක් නිකුත් කලාද ?

    2019-10-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වාහනයක ඇතුලත ඉදිරිපස තබා ඇති බුදු පිලිමයක ඡයාරූපයක්  සහ පොලීසිය නිකුත් කල දඩ පත්‍රිකාවක ඡයාරූපයක් ඊයේ (ඔක්තොබර් 18 ) සිට සමාජ මාධ්‍යය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍යය හරහා හුවමාරුවන එවැනි එක්  සටහනක (post) සඳහන් වුයේ “බුදු පිලිම වහන්සේලා ත

    වාහනයක ඇතුලත ඉදිරිපස තබා ඇති බුදු පිලිමයක ඡයාරූපයක්  සහ පොලීසිය නිකුත් කල දඩ පත්‍රිකාවක ඡයාරූපයක් ඊයේ (ඔක්තොබර් 18 ) සිට සමාජ මාධ්‍යය තුළ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා.

    සමාජ මාධ්‍යය හරහා හුවමාරුවන එවැනි එක්  සටහනක (post) සඳහන් වුයේ “බුදු පිලිම වහන්සේලා තම මෝටර් රථය ඇතුලේ සවිකර තිබුණ කියා දඩ කොළ නියම වෙයි, බුදුන්ගෙ රටේ අද සිදුවෙන දේවල් …මොනාද බං මේ රටට මේ වෙන්නේ” යනුවෙනි.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍යය හරහා හුවමාරුවන තවත් සටහනක් පහතින්. “අලුත්ම රථවාහන වැරැද්ද . “ඉශ්ට රූප සහිත ධාවනය”..ලංකාවට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ බන්.?පොලිස් මරදාන.”

    Twitter  LinkArchived Link

    “පොලිස් පොඩ්ඩා ටු” නැමැති ෆේස්බුක් පිටුවෙහි ද මේ සම්බන්ධව සටහනක් පළකර තිබිණ. 

    මෙහිදී රූප රාමු සහිතව දීර්ඝ සටහනකින් ඔහු පැහැදිලි කර තිබුනේ “මිනිස්සු ඔක්කොම වගේ අදාල පොලීසි නිලධාරියාටයි, ආන්ඩුවටයි බනිනවා බෞද්ධාගමට කරන පහත් සැලකිලි කියලා. ඉෂ්ඨ රූප යනු බුදු පිළිමය කියලා හිතාගෙන සෑහෙන්න ජංජාලයක් වෙලා තියෙන්නෙ. ඉශ්ඨ රූප කියන්නේ ඔය බුදුපිළිමයට නෙවෙයි වාහනයේ ඉස්සරහ ලයිට්ස් වලට එලියෙන් සවිකරන් යන යකඩ වැටක් වගේ තියන ආවරණයට.” 

    Facebook Link Archive 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පලවන පුවත සම්බන්දයෙන් සත්‍ය අසත්‍යතාවය විමර්ෂණය කිරීම සදහා අප මරදාන පොලිසියේ ස්ථානාධිපති දුරකතනයෙන් සම්බන්ධ කරගනු ලැබුවා. සමාජ මාධ්‍යය හරහා හුවමාරුවන මෙම දඩ පත්‍රිකාව මරදාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් විසින් නිකුත් කර ඇති බව ඔහු සදහන් කලා. මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව ආසන්නයේ බුදු පිළිමයක් තිබු බවත් ඔහු ප්‍රකාශ කළා.

    එහෙත් එම දඩ පත්‍රිකාව නිකුත් කරනු ලැබුවේ රථයේ ඉදිරිපස වීදුරුව ආසන්නයේ ඔහුගේ රියදුරු දර්ශණ පථය (windscreen) ආවරණය වන පරිදි මල් වැලක් එල්ලා තිබු නිසා බවයි. තවද රථයේ මැද ඇති කණ්නාඩිය මතද මල් වැලක් එල්ලා තිබු බව ඔහු ප්‍රකාශ කලා.

    නෙත් එෆ් එම් පුවත් අඩවියද මේ සම්බන්දයෙන් පුවතක් පළකර තිබිණ. “රටක් නොමග යැවු දඩ පත්‍රිකාවේ ඇත්ත මෙන්න” යනුවෙන් සඳහන් කර තිබු එම ලිපිය පහතින්

    Neth NewsArchived Link

    “මෝටර් රථ ආඥා පනතේ ඇති වගන්ති අනුව ඉදිරි වාමුවා අවහිර වන ලෙස තබා තිබෙන ඉෂ්ඨ රූප සහ අනෙක් ද්‍රව්‍යයන් ඉවත් කිරීමට පොලිසියට බලය පැවරී ඇති අතර ඒ හේතුවෙන් දඩ පත්‍රිකාවේ වැරැද්දේ සොභාවය යන තීරුවේ “ඉෂ්ඨ රූප සහිතව ධාවනය” යනුවෙන් අදාළ පොලිස් නිලධාරියා සටහන් කොට ඇති බවයි” 

    “මෙම වැරැද්ද සිදුකරනු ලැබූ පුද්ගලයා විසින් තමන්ට පොලිසියෙන් නිකුත් කරන ලද දඩ පත්‍රිකාවේ ජයාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවත් “ඉෂ්ඨ රූප” යන වචනය වැරදි ආකාරයෙන් තේරුම් ගත් පිරිස් එය වාහනයේ ඉදිරිපස තබා තිබෙන කුඩා බුදු පිළිමයක් හේතුවෙන් පොලිසිය විසින් දඩ පත්‍රිකාවක් නිකුත් කර ඇති බවට තේරුම් ගෙන ඇති බවයි”

    එම ලිපියේ දක්වා ඇති ආකාරයට කොළඹ නාගරික පොලිස් රථ වාහන අංශයේ අධ්‍යක්ෂක, පොලිස් අධිකාරි චුලා කොඩිතුවක්කු මහතා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකර ඇත්තේ ඉහත පරිද්දෙනි.

    පහතින් දැක්වෙන්නේ මරදාන පොලිස් නිලධාරියා විසින් මෙම පුද්ගලයාට ලබා දී ඇති දඩ පත්‍රිකාවේ ඡායාරූපයකි

    පොලීසිය විසින් මිට පෙරද ඉෂ්ඨ රූප සහිත වාහන ධාවනය සඳහා නඩු පැවරීමට පියවර ගෙන තිබේ. 2017 වසරේ පානදුර සහ කළුතර කොට්ඨාසවල සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඉෂ්ඨ රූප සහිත වාහන ධාවනය සිදු කළ 89 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

    Newsfirst LinkArchived Link

    මේ ප්‍රකාශය පිළිබඳව තවදුරටත් කරුණු විමසීම සඳහා අප කොළඹ රථවාහන පොලිසිය හා අද දින සම්බන්ධ වූ අතර එහිදී ඔවුන් දන්වා සිටියේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම සඳහා පොලිස්පති තුමා හරහා ඉල්ලීමක් ලැබී ඇති බවත් ඉන් අනතුරුව සම්පූර්ණ වාර්තාව ලබා දිය හැකි බවත්ය.

    ඉහත එක් ප්‍රකාශයක, ඉෂ්ඨ රූප සහිතව ධාවනය කිරීම යන වරද නිකුත් කරනු ලබන්නේ, වාහනයේ ඉස්සරහ ලයිට්ස් වලට එලියෙන් සවිකරණ යකඩ වැටක් වැනි ආවරණයකට බව පෙන්වා දී තිබුණි. නමුත් මේ පිළිබඳව මරදාන පොලිසියෙන් ලැබුණු තොරතුරු අනුව මෝටර් කාර් රථයක් ලෙස සඳහන් කළ බැවින් මෙබඳු යකඩ වැටක් බොහෝදුරට තිබීමේ ඉඩකඩක් නැත.

    Update : ඉහත සිද්ධිය සම්බන්ධයෙන් නිල මාධ්‍ය වාර්තාවක් අද දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් නිකුත් කරන ලද අතර පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.

    Media-on-2019.10.22-at-1145

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වාහනයක ඇතුලත තබා ඇති බුදු පිලිමය සදහා මරදාන පොලීසිය සැබවින්ම දඩ පත්‍රිකාවක් නිකුත් කර  නොමැති බවයි.  

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.