Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනාධිපතිවරණය සඳහා සහය ඉල්ලා ජනාධිපති රනිල්ගෙන් මහින්ද රාජපක්ෂයට ලිපියක්? 

    2024-08-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතනින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    වර්තමාන ජනාධිතපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් සංසරණය වූයේ මෙලෙසින්.

    FB | Archived 

    මෙම ලිපිය පිළිබඳ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් සඳහන් කර තිබුණේ මෙය ව්‍යාජ ලෙස සැකසූ බවයි. එමෙන් ම තව ත් පිරිසක් මෙම ලිපිය ව්‍යාජ බවට සඳහන් කළ මුද්‍රාවත් සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු ගෙන තිබුණේ මේ අයුරින්.

    A screenshot of a phone

Description automatically generated


    මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    2022 වසරේ මෙරට ඇති වූ ජන අරගලයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුව ද ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ(SLPP) සාමාජිකයෙකු නොවේ.

    ලබන සැප්තැම්බර් 21 වන දාට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස බැඳුම්කර මුදල් තැන්පත් කරනු ලැබුවා.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශ්වයකින් දේශපාලන සහය ලබා ගැනීමට වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් දෝෂා රෝපණය කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශය :

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා අප කළ විමසීමේදී තහවුරු කළේ, මෙම ලිපියේ සඳහන් වන කරුණු සත්‍ය බවයි එමෙන් ම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මහින්ද රාජපක්ෂ මහතාට එවැනි ලිපියක් ලැබුණු බවයි.

    ජනාධිපති මාධ්‍ය අංශය:

    ඉහත ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද, අප කළ විමසීමේදී ඔවුන් එම ලිපිය ව්‍යාජ බවට තහවුරු කිරීමක් සිදු කරේ නැත.

    එමෙන් ම මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඒ පිළිබඳ වාර්තා කර තිබුණේ මේ අයුරින්.

    කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

    මෙම තීරණය නොතකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහය පළ කර ඇති බව ත්, මැති ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු ජනාධිපති වික්‍රමසිංහ මහතා හමුවී ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ කිරීමට ප්‍රතිඥා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනවා.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න 

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.