Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සමගි ජන සන්ධානයේ ආරම්භක රැළියේ දී “රට බංකොලොත් කිරීමේ ගමනේ පළමු පියවර මෙයයි” යනුවෙන් සජිත් ප්‍රේමදාස කීවාද?

    2024-08-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම, විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රධාන ජනපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් සංස්කරණය කරන ලද සහ නොමඟ යවන සුළු සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ ආ

    අපගේ WhatsApp නාලිකාවට දායක වන්න

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම, විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රධාන ජනපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් සංස්කරණය කරන ලද සහ නොමඟ යවන සුළු සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙමින් පවතී.

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    මේ ආකාරයට හුවමාරු වූ වීඩියෝවක් මගින් කියවුනේ, සජබ මුලික කරගත්, සමගි ජන සන්ධාන දේශපාලන සන්ධානය පිහිටුවීමේ උත්සවයේදී “රට බංකොලොත් කිරීමේ ගමනේ පළමු පියවර මෙයයි” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවක්.

    FB | Archived 

    මෙම වීඩියෝව WhatsApp ඔස්සේ ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    අපි මේ ගැන කරුණු විමසා බැලීමක්  කරන්න තීරණය කළා.

    කරුණු පරීක්ෂා කිරීම ( Fact Check) 

    සමගි ජන සන්ධානය පිහිටුවීමේ උළෙලේ දී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වැරදීමකින් හෝ ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදු කරන බවට වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සංසරණය වේ ද යන්න අප ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සොයා බැලුවාට එවැන්නක් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ.

    එබැවින් මෙම ප්‍රකාශයට පාදක වී තිබු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති, සමගි ජන බලවේගය (SJB) ප්‍රමුඛ නව දේශපාලන සන්ධානයක් වන සමගි ජන සන්ධානය පිහිටුවීමේ උත්වසයේ දී සජිත් සිදුකළ කතාවේ සජීවී දර්ශන අප මුලින්ම පරික්ෂා කළ බැලුවා.

    ප්‍රේමදාස සැබවින්ම පැවසුවේ කුමක්ද ?

    සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවේ සංස්කරණය නොකළ මුල් දර්ශන පරීක්ෂා කිරීමේදී , සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත වීඩියෝවේ දැක්යෝවේ දැක්වෙන්නේ, ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද වීඩියෝ කොටසක් බව පැහැදිලි වෙනවා.

    සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භයේ දී ම පවසා සිටින්නේ, “රටේ ලක්ෂ 220කම මම කියන්න කැමතියි රට ගොඩ නගන, එකමුතුව යන ගමනේ මේ පළමු පියවර පමණයි” යනුවෙනි. එම අවස්ථාව මෙතනින්. (පැය 1 කි විනාඩි 3 දී)

    එසේම ඉන් විනාඩි කිහිපකයකට පසුව, ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ “මේ රටේ ඔබටත්, ලක්ෂ 22ක් වූ ජනතාවටත්, මම පොරොන්දු වෙනවා, මේ ජරා ජීර්ණ වූ අසික්කිත, රට බංකොලොත් වී තිබෙන බංකොලොත් භාවයෙන්, තවත් පතුලටම ඇද වට්ටවන, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බල තන්හාව, කෑදරකම, ගිජුකම, කේන්ද්‍රකරගත් මේ දේශපාලන රටාව, අපේ සහමුලින්ම වෙනස් කරනාවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි” යනුවෙනි. එම අවස්තාව මෙතනින්.

    මෙම කොටස් දෙක නොමඟ යවන සුළු ලෙස එකතු කරමින්, රට තවදුරටත් බංකොලොත් කිරීමට සිය නව සංධානය අදහස් කරන බව සජිත් ප්‍රේමදාස පැවසු බව ඒත්තු ගැන්වීමට හුවමාරු වන්නේ, ඉහත අවස්ථා දෙකෙන් ලබාගත් වීඩියෝ කොටස් යොදාගනිමින් සිදුකළ සංස්කරණයක් බව පැහැදිලිය.

    ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද මුල් වීඩියෝවේ සංසන්දනයක් පහතින්.

    Read in English: Did Sajith Premadasa Say, “This is the First Step of the Journey to Make the Country More Bankrupt”?

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය

    “රට බංකොලොත් කිරීමේ ගමනේ පළමු පියවර මෙයයි” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන සංධානය දියත් කිරීමේදී සිදුකළ කතාවේ දී පැවසු බවට සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිර යන වීඩියෝව නොමඟ යවන සුළු ආකාරයට සිදුකළ සංස්කරණයකි. සජිත් ප්‍රේමදාස මහතා ඇත්ත වශයෙන්ම කතා කළේ රට බංකොලොත් කිරීමට නොව රට සංවර්ධනය කිරීමේ ගමනක්, එම නව සංධානය හරහා ආරම්භ කරන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.