Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සජිත්ගේ ගෝල්ෆේස් රැලියට පැමිණි පිරිස අතර මෙවැනි ගැටුමක් සිදුවූවාද ?

    2019-10-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය පසුගිය 10  වැනිදා කොළඹ ගාලු මුවදොර  ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන විශාල ජනකායක් දිවයිනේ නන්දෙසින් සහභාගි වී තිබු බවද දැකගන්නට ලැබුණි. ම

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය පසුගිය 10  වැනිදා කොළඹ ගාලු මුවදොර  ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන විශාල ජනකායක් දිවයිනේ නන්දෙසින් සහභාගි වී තිබු බවද දැකගන්නට ලැබුණි.

    මෙම රැළිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුණි. Ranga Pradeep Jayasinghe නැමැති තැනැත්තෙක් මගින් පළ කර තිබූ සටහනක ඡායාරූප දෙකක් ද සහිතව “සජිත්ගේ ගෝල්ෆේස් රැලියට ආපු උන් බීලා වැඩිවෙලා තැන් තැන් වල පට්ට වලි ???” යනුවෙන් දක්වා තිබුණි.

    FB Link 1Archived LinkFB Link 2Archived Link

    මෙසේ විශාල වශයෙන් හුවමාරු වූ ඡායාරූප සාවද්‍ය යැයි කිහිප දෙනෙක් මගින් ම සඳහන් කර තිබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම ඡායාරූප පිළිබඳ සත්‍ය කරුණු විමර්ශනය කිරීම සඳහා අප විසින් මුලින්ම ඡායාරූප දෙකම google reverse image සෙවුමක් හරහා පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී “හරයාත්මක සංවර්ධනය සහ දේශපාලනයේ විෂම චක්‍රය” යනුවෙන් පළවූ ලිපියක සහ “සන්ඩේ ලීඩර්” පුවත්පතේ ඡායාරූපය පළ වී තිබූ අයුරු දැකගන්නට හැකිවිය.

    samabima.com articleArchived LinkSundayleader.lkArchived Link

    මෙම ඡායාරූපයේ ශෙහාන් ගුණසේකර නම සඳහන් කර තිබූ බැවින් ඔහුගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේදී අපට එම ඡායාරූපය ඇතුළත් සටහනක් 2013 ජනවාරි 11 වන දින දැක ගන්නට හැකි විය . ඡායරූපයට අදාල සිදුවීම කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ දෝශාභියෝගයට විරෝධය පෑ පිරිස් සහ ඊට සහය දැක්වූ දෙපිරිසක් අතර වූ ගැටුමකි. ශෙහාන් ගුණසේකර අද වන විට‍ Daily FT පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරයි.

    Facebook LinkArchived Link

    මෙම ප්‍රකාශයට සම්බන්ධ අනෙක් ඡායාරූපය පිළිබඳ කරුණු සෙවීමේදී අපට එම ඡායාරූපයට අදාළ සිද්ධිය ද පහත පරිදි වෙබ් අඩවි දෙකක පළ කර තිබෙනු දක්නට ලැබුණි. “මෙම ප්‍රවෘත්තියෙහි දැක්වෙන ඡායාරූප දෙකෙහි සිටින්නේ හිටපු අගවිනිසුරු තුමියට විරුද්ධව පැවති දෝශාභියෝගය පිළිබඳ අප්‍රසාදය පලකිරීම සදහා පැවති උද්ඝෝෂණයට පහර දීම සඳහා රාජපක්ෂ රෙජිමය ගෙන ආ කුලී මැරයන් අතරින් අප විසින් මේ වනවිට හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකි.” යනුවෙන් ද එම වාර්තාවේ තවදුරටත් කරුණු දක්වා තිබුණි.

    Lankadaily.com article in 2013Archived LinkColombotelegraph.com article on 2013Archived Link

    වම් පැත්තෙන් ප්‍රකාශිත ඡායාරූපයද දකුණු පැත්තෙන් වෙබ් අඩවියේ පළවී ඇති ඡායාරූපයද සංසන්දනය කිරීමෙන් මෙම ඡායාරූප දෙකම එකම අවස්ථාවකදී ලබාගත් කැමරා කෝණ දෙකකින් බව පැහැදිලිය.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෙම ඡායාරූප පසුගියදා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ගෝල්ෆේස් පිටියේ පැවති රැළිය අතරතුරදී සිදුවූ ගැටුමක් බවට පළවන තොරතුරු සියල්ල පදනම් විරහිත බවයි. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව 2013 දී පැවති දෝශාභියෝගය පිළිබඳ අප්‍රසාදය පලකිරීම සඳහා පැවති උද්ඝෝෂණයකදී දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-10-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.