Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඇල්ල ප්‍රදේශයේ Wingsuit flying ක්‍රීඩාවේ නියැලෙන අවස්ථාවක් ද?

    2024-04-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ත්‍රාසජනක ක්‍රීඩාවල නියැලීමට ඇතැම් පිරිස් මහත් උද්යෝගයක් දක්වයි. එවැනි ක්‍රීඩා අවස්ථාවල නියැලීමේ මෙහෙයුම් සිදු කර ස්ථාන ද දුර්ලභ වනවා. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි රටක එවැනි ක්‍රීඩා මෙහෙය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ත්‍රාසජනක ක්‍රීඩාවල නියැලීමට ඇතැම් පිරිස් මහත් උද්යෝගයක් දක්වයි. එවැනි ක්‍රීඩා අවස්ථාවල නියැලීමේ මෙහෙයුම් සිදු කර ස්ථාන ද දුර්ලභ වනවා. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි රටක එවැනි ක්‍රීඩා මෙහෙයුම් සිදු කරන ස්ථාන අල්ප බැවින් එවැනි අවස්ථා ඇති බව ට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. එම විමර්ශන වාර්තාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Skydiving ත්‍රාසජනක ක්‍රීඩාව වැනි Wingsuit flying ක්‍රීඩාවේ නියැලීම මෙරට ඇල්ල ප්‍රදේශයේ අවස්ථාව පවතින බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම තොරතුරුවල සත්‍යයක් පවතිනවාද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රසිද්ධ සංචාරක නගරයක් වන ශ්‍රී ලංකාවේ ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක් වන ‘ඇල්ල’ දේශීය, විදේශීය සංචාරකයන්ගේ දැඩි ආකර්ශනයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

    ආරුක්කු නවය පාලම,රාවණා ඇල්ල,ඇල්ල රොක්,කිතල් ඇල්ල,දෝව රජමහා විහාරය,දෙමෝදර රේල් ගැටය, රාවණා ගුහාව ඇල්ලේ සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන වලින් කිහිපයක් වන අතර පසු කාලීනව මෙහි ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට Flying Ravana Adventure park නිර්මාණය වුණා.

    මෙම ත්‍රාසජනක උද්‍යානය  නිර්මාණය කර ඇත්තේ Flying Ravana වැනි ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට ලෝලීන් ට මෙන් ම සාමාන්‍ය නොවන කඳුකර අත්දැකීමකට කැමති පිරිසට, එළිමහන් අත්දැකීමක් ලබා ගැනීමට මෙන් ම ATV/quad බයිසිකල් සවාරි, Abseiling, Archery සහ Air rifling වැනි ක්‍රීඩාවන් වල අත්දැකීම් ලබා ගැනීමටයි.

    නමුත් අපට මෙම ත්‍රාසජනක අත්දැකීම් සමගින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් කර ඇති පරිදි Wingsuit flying ක්‍රීඩාවේ අත්දැකීම ඇල්ල ප්‍රදේශයේ ලබා දෙන බවට දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් අප Flying Ravana Mega Zipline ආයතනයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එම ආයතනය විසින් එවැනි ක්‍රීඩාවක් එහි පවත්වන්නේ නැති බවයි. එමෙන් ම ඇල්ල ප්‍රදේශයේ Wingsuit flying යෙදෙන වෙනත් ස්ථානයක් ද, දැක නොමැති බවයි.

    ඇල්ල ප්‍රදේශ වාසීන් කිහිප දෙනෙකුගෙන් මෙන් ම, ඇල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, Wingsuit flying ක්‍රීඩාවේ අත්දැකීම් ලබා ගැනීමේ මෙහෙයුම් ඇල්ල ප්‍රදේශයේ නොමැති බව ත්, එම ක්‍රීඩාවේ නියැලෙන කිසිදු පුද්ගලයෙක් මෙතෙක් එම ප්‍රදේශයේ දැක නොමැති බවයි.

    අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගැනීමට හැකි වූයේ, එය DeviantArt නමැති කලා කෘති, වීඩියෝකරණය සහ ඡායාරූපකරණය ඇතුළත් ඇමරිකානු ඔන්ලයින් සමාජ ජාල සමාගමක පළ වූ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

    Deviantart

    එමෙන් ම එම ඡායාරූපය මහේල මනම්පේරි නමැති ලාංකික තරුණයෙකු විසින් නිර්මාණය කර තිබුණි. අප මේ පිළිබඳව ඔහුගෙන් ද, විමසීමක් කළ අතර ඔහුගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට ඇල්ල ප්‍රදේශයේ Skydiving ත්‍රාසජනක ක්‍රීඩාව වැනි Wingsuit flying ක්‍රීඩාවේ නියැලීමට අවස්ථාව පවතින බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. එම ප්‍රදේශයේ එවැනි ත්‍රාසජනක ක්‍රීඩාවක මෙහෙයුම් සිදු නොවන බව ට Flying Ravana Mega Zipline ආයතනයද, එම ප්‍රදේශයේ මාධ්‍යවේදීන් මෙන් ම ප්‍රදේශවාසින් ද, අප කළ විමසීමේදී සඳහන් කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.