Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායකට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් !

    2022-12-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. හඬකැවීම් ශිල්පී මෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ඩිලාන් සේනානායක සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    හඬකැවීම් ශිල්පී මෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ඩිලාන් සේනානායක සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා මීට සුලු වේලාවකට පෙර ICU වාට්ටුවට ඇතුළත් කර ඇත යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණා. මෙම ඡායාරූපය බැලූ බැල්මට ඔහු මිය ගිය බවට හැඟවෙන අයුරින් නිර්මාණය කර තිබුණු අතර පෙරේදා නිහාල් නෙල්සන් මිය ගිය බව ත්, අද ඩිලාන් ලෙසද සඳහන් කර තිබීම එම කරුණ ප්‍රත්‍යක්ෂ වේ.

    Facebook | Archived Link

    මෙම සටහන හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයින් නොමග යන බවට පවසමින්  බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින්.

    එම සටහනම සෘජුවම ඩිලාන් සේනානායක මෙලොවින් සමුගත් බවක් සඳහන් කරමින් හුවමාරු වී තිබු අයුරු පහතින්

    Facebook | Archived

    තවත් සටහනක දැක්වුණේ, ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහර දුන් 35 හැවිරිදි පුද්ගලයෙකු සොයා පොලීසිය පරීක්ෂණ අරඹා ඇති බව ත්, එම පුද්ගලයාගේ බිරිඳ සමග ඩිලාන් සේනානායකගේ අනියම් සම්බන්ධතාවයක් ඇති කර ගත් හේතුව මත මෙලෙස පහර දුන් බව ටත්, ඔහු මේ වන විට නිවසින් පළා ගොස් ඇති බවත්, එම සබඳතාවය පැවත් වූ බවට කියන කාන්තාවගෙන් පොලීසිට ප්‍රකාශ සටහන් කර ඇති බවට ත්, දක්වමින්.

    Facebook | Archived Link 

    ඩිලාන් සේනානායක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවාද , යන්න සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙන්ම ඉහත සටහන සම්බන්ධයෙන් ද, විමසා බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    නුගේගොඩ, පාගොඩ පාරේ තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල ලැබූ හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායක ඊයේ(14) රාත්‍රියේ රෝහල්ගත කර තිබුණා.

    පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ  ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. ඔහුගේ පාදයකට හා උරහිසට පහරදීමෙන් තුවාල සිදුව තිබේ.

    නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ ශබ්දාගාරයට(Studio) පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇති බවට පොලීසිය සඳහන් කළා. මෙම සිදුවීම පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    ඩිලාන් සේනානායක හදිසි ප්‍රතිකාර ඒකකයට(ICU) ඇතුළත් කළා ද?

    කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ සහෝදරයාගෙන් විමසීමක් අප සිදු කළා. එහිදී ඔහු තහවුරු කළේ, තම සහෝදරයා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර නොමැති බවයි. එමෙන්ම ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

    මේ පිළිබඳව අප සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන රතිදු සේනාරත්නගෙන්(රැට්ටා) ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඩිලාන් සේනානායකගේ තත්ත්වය බරපතළ නොවන බවයි. එහෙන්ම ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට නොමැති බවයි. ඔහු මේ වන තුරු සිටින්නේ, හදිසි අනතුරු වාට්ටුවේ බව ත් රතිඳු පවසා සිටියා.  ඔහුගේ සුවදුක් විමසීමට ඊයේ දින රතිදු සේනාරත්න ඇතුළු පිරිස කළුබෝවිල රෝහලට ගොස් තිබූ අවස්ථාව මෙතනින්. Archived Link

    අප මේ පිළිබඳව කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් විමසීමට උත්සහ කර ත් එම අවස්ථාව ව්‍යර්ථ විය.

     පොලිස් මාධ්‍ය කොට්ඨාශය

    පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, ඩිලාන් සේනානායක සම්බන්ධ සිදුවීම පිළිබඳ විමර්ශන තවම ත් ක්‍රියාත්මක වන බවයි. මේ  වන විට පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට පියවර ගෙන ඇති අතර, ඉහත සටහන් වල දැක්වෙන අන්දමින් අනියම් සබඳතාවක් සම්බන්ධ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ත්, සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති හෙයින් මේ වන විට ඩිලාන් සේනානායකට සිදු කළ පහර දීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් සිදු වන බවයි තහවුරු කළේ. 

    ඒ අනුව පැහැදිලි වන්නේ, පොලීසිය විසින් ඩිලාන් පිළිබඳ දක්වා තිබූ  අනියම් සබඳතාවක් සම්බන්ධ තොරතුරු යනුවෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. 

    මෙම සිදුවීම සත්‍යයක් නම් හෝ පොලීසිය විසින් තහවුරු කරන ලද නිල තොරතුරු සමගින් මෙම ලිපිය මගින් යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායක සම්බන්ධ ඉහත සටහන් නොමග යන සුළු බවයි. 

    ඩිලාන් සේනානායක හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට හැඟවමින් සහ ඔහු මිය ගිය බවට හඟවමින් නිර්මාණය කර තිබූ සටහනේ දැක්වෙන ලෙස ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ නොමැති අතර ඔහු ප්‍රතිකාර හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට ඔහුගේ සහෝදරයා විසින් තහවුරු කළා. එමෙන්ම ඔහුට මෙම අනතුර සිදු කළ පුද්ගලයා සම්බන්ධ තොරතුරු සොයා විමර්ශන සිදු කරන අතර නිසි තොරතුරක් මෙතෙක් නොලැබුණු බවට පොලීසිය සඳහන් කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.