Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දිනිති වල්ගමගේ අඩනිරුවත් දර්ශන ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

    2024-07-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ෆේස්බුක්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය මගින්, ප්‍රසිද්ධියට පත් කාන්තාවන් අපහසුතාවයට පත් කිරීමට ඔවුන්ගේ ඡායාරූප මෙන් ම, වීඩියෝ ද, සංස්කරණය කරමින් ප්‍රචාරණය කෙරෙනවා. එලෙසින් ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවලදී ෆේස්බුක්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය මගින්, ප්‍රසිද්ධියට පත් කාන්තාවන් අපහසුතාවයට පත් කිරීමට ඔවුන්ගේ ඡායාරූප මෙන් ම, වීඩියෝ ද, සංස්කරණය කරමින් ප්‍රචාරණය කෙරෙනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව සංසරණය වන, මෙරට රංගන ශිල්පිනියක සම්බන්ධයෙන් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    රංගන ශිල්පී දිනිති වල්ගම විසින් අඩ නිරුවතින් රංගනයෙන් දායක වූ බවට පෙන්වීමට උත්සහ කර තිබූ ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලයේ ඇති වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ විඩියෝ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    (සැ.යු: දිනිති වල්ගම අඩ නිරුවතින් සිටින බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ වීඩියෝ සහ ඡායාරූප සටහන් අප විසින් ආවරණය කළ පළ කර ඇත)

    Facebook | Archived Link Facebook 

    එමෙන් ම WhatsApp ඔස්සේ ද, මෙම තේමාව යටතේ වීඩියෝ සහ සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්. 

    WhatsApp ඔස්සේ බහුලව සංසරණය වී තිබූ අප විසින් ආවරණය කරන ලද වීඩියෝව පහතින්.

    මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව සොයා අප විසින් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝවේ සඳහන් වී තිබුණේ, ‘සුසුම් රස්තියාදුව’ නමැති කතා මාලාවක පළ වූ වීඩියෝවක් බවයි.

    මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අප කළ පරීක්ෂා කිරීමේදී දැක ගන්න ලැබුණේ, මෙම කතා මාලාව ස්වර්ණවාහිනි නාලිකාවේ 2023 වර්ෂයේ විකාශය වූ ‘සුසුම් රස්තියාදුව’ නමැති ටෙලි නාට්‍යක් බවයි.

    ඉහත සමාජ මාධය ඔස්සේ පෙන්වා දෙන ලද වීඩියෝව අයත් කොටස වෙත අපගේ අවධානය යොමු කිරීමේදී, ඔක්තෝම්බර් 16 වන දා 15 වන කතා මාලාවේ කොටසක් බවට අනාවරණය වුණා.

    නමුත් සමාජ මාධ්‍ය වීඩියෝවල පෙන්වා දෙන පරිදි දිනිති වල්ගමගේ ගේ අඩ නිරුවත් දර්ශන දැක ගන්නට නොලැබේ. එම සත්‍ය වීඩියෝව අවස්ථාව මෙතනින්.

    ඒ අනුව, ඉහත වීඩියෝව සංස්කරණය කරන ලද වීඩියෝවක් බවට පෙන්වා දිය හැක.

    එමෙන් ම අප මෙම වීඩියෝවේ සංස්කරණයක් සිදු කර ඇත් ද, යන්න පරීක්ෂා කිරීම සඳහා වීඩියෝව තාක්ෂණික පරීක්ෂා කිරීමක් යොමු කළ අතර එහි ප්‍රතිඵල වලින් තහවුරු වූයේ, මෙය සංස්කරණය කරන ලද වීඩියෝවක් බවයි.

    UNITE to End Violence against Women | කාන්තා සයිබර් හිංසනයට එරෙහිව නැගී සිටිමු !

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රංගන ශිල්පිනි දිනිති වල්ගමගේ නිරුවත්, අඩ නිරුවත් දර්ශන ලෙසින් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායරූප, වීඩියෝවල දැක්වෙන්නේ, සංස්කරණය කරන ලද වීඩියෝ සහ ඡායාරූප බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-07-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.