Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ආපදා තත්වය හමුවේ මුදල් පරිත්‍යාග කිරීමට, රජය ලබා දුන් යාවත්කාලින කළ දෙස් විදෙස් නිල බැංකු ගිණුම්!

    2025-11-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුකොට ගෙන ජනතාව මහත් පීඩාවට පත් වුණේ, ඇතමුන්ට උන්හිටි තැන් ද, අහිමි කරමින්. එවන් වටපිටාවක පීඩාවට පත් වූවන්ට සහනාධාර ලබා දීමට ස්වෙච්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුකොට ගෙන ජනතාව මහත් පීඩාවට පත් වුණේ, ඇතමුන්ට උන්හිටි තැන් ද, අහිමි කරමින්. එවන් වටපිටාවක පීඩාවට පත් වූවන්ට සහනාධාර ලබා දීමට ස්වෙච්ඡා සංවිධාන, සමාගම්, ආයතන සහ පුද්ගලයන් ඉදිරිපත්ව වෙද්දී, රජය විසින් විදෙස් ශ්‍රමිකයන්ට ද, මේ සඳහා උදව් උපකාර කිරීමට අවස්ථාවක් සලසමින් බැංකු ගිණුම් ලබා දුන්නා.

    කෙසේවෙතත් මෙම ගිණුම් නැවත යාවත්කාලීන කිරීමත්, මීට පෙර ලබා දුන් ගිණුම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත්, හේතුකොට ගෙන ගැටලු උද්ගත වී ඇති අතර මෙ හේතුවෙන් නිසි තොරතුරු දැනුවත් කිරීමට අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ආපදාවට ලක් වූ අයට පරිත්‍යාග ලබා ගැනීමට රජය මගින් විශේෂ බැංකු ගිණුමක් හඳුන්වා දුන් අතර එම බැංකු ගිණුමේ තොරතුරු සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ හුවමාරු වී තිබුණා.

    එය ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ බැංකු ගිණුමක් වන අතර බැංකු ගිණුමේ අංකය 50516 ලෙස සඳහන් කර ඇත.

    Facebook | Archived Link

    මෙම සටහන් පළ වී තිබූ තව ත් අවස්ථා පහතින්.

    ඉහත සඳහන් කර ඇති ගිණුම් අංකයට මුදල් තැම්පත් කිරීමට හැකි ද යන්න පිළිබඳ සොයා බැලීමක් කළේ මෙලෙසින්. 

    Explainer (කරුණු පැහැදිලි කිරීම) :

    මෙරටට ඇති වී ඇති ස්වභාවික ගං වතුර තත්ත්වය නිසා ඇති වූ ව්‍යසනයේදී අවතැන් වූ ජනතාවට පිහිට වීමට ශ්‍රී ලාංකිකයන්ට මෙන් ම විදේශීකයන්ට මුදල් බැර කිරීම සඳහා ගිණුම් අංක කිහිපයක් ඊයේ(28) දිනයේදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳහන්කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

    Facebook | Archived Link

    කෙසේ වෙතත් ඉහත සඳහන් ගිණුම් යාවත්කාලීන කර ඇති බවට නැවතත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් වෙනත් ගිණු අංක ලබා දී තිබුණා.

    Facebook

    මෙහිදී මීට පෙර මුදල් බැර කිරීමට ලබා දී තිබූ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ගිණුම් අංක දෙක ඇතුළත් වී නොතිබුණි.

    යාවත්කාලීන කරන ලද ගිණුම් සම්බන්ධයෙන් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ද, පළ කර තිබුණේ මෙලෙසින්.

    Press-Release-Instructions-for-Disaster-Relief-Contributions-20251129-sin

    ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද, මුදල් තැන්පත් කළ යුතු ගිණුම් අංක ලෙස එම තොරතුරුම දක්වා තිබුණේ මේ අයුරින්‍.

    ඒ අනුව අවසන් යාවත්කාලින කිරීම අනුව, ශ්‍රී ලංකා රුපියල් වලින් මුදල් තැන්පත් කරන්නේ නම්, පහත සඳහන් ලංකා බැංකු ගිණුමට බැර කරන ලෙස උපදෙස් දී තිබුණි.

    Account Name: Deputy Secretary to the Treasury 

    Account Number: 2026450 

    Bank: Bank of Ceylon 

    ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් ගිණුම් වෙත සෘජුවම පරිත්‍යාග මුදල් ගෙවීමට කැමති පරිත්‍යාගශීලීන්ට පහත ගිණුම් භාවිත කළ හැක.

    US Dollar (USD)Bank: Deutsche Bank Trust Company Americas, New York, USA 
    Recipient Account Name: Central Bank of Sri Lanka 
    Account Number: 04015541 
    Routing Number: 021001033 
    SWIFT: BKTRUS33XXX
    Euro (EUR)Bank: ODDO BHF Bank, Frankfurt am Main, Germany 
    Recipient Account Name: Central Bank of Sri Lanka 
    Account Number: 0000739854 
    IBAN: DE39500202000000739854 
    SWIFT: BHFBDEFF500
    Pound Sterling (GBP) – Account 1Bank: HSBC Bank Plc, London, UK 
    Recipient Account Name: Central Bank of Sri Lanka 
    Account Number: 39600144 
    Sort Code: 40-05-15 
    IBAN: GB48MIDL40051539600144 
    SWIFT: MIDLGB22XXX
    Pound Sterling (GBP) – Account 2Bank: Bank of Ceylon (UK) Ltd, London, UK 
    Recipient Account Name: Central Bank of Sri Lanka 
    Account Number: 88001249 
    Sort Code: 40-50-56 
    IBAN: GB89BCEY40505688001249 
    SWIFT: BCEYGB2LXXX
    Japanese Yen (JPY)Bank: MUFG Bank, Tokyo, Japan 
    Recipient Account Name: Central Bank of Sri Lanka 
    Account Number: 653-0407895 
    SWIFT: BOTKJPJTXXX
    Australian Dollar (AUD)Bank: Reserve Bank of Australia 
    Recipient Account Name: Central Bank of Sri Lanka 
    Account Number: 81736-4 
    BSB: 092002 
    SWIFT: RSBKAU2SXXX

    එම ගිණුම් ශ්‍රී ලංකා මහබැංකුව විසින් ආපදා තත්වයන් වෙනුවෙන් ආධාර සැපයීම සඳහා කලින් සිටම පවත්වාගෙන තිබු නිල ගිණුම් වන අතර එම තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියේ ද පළකර තිබුනේ මෙලෙසින්.

    ජනාධිපති මාධ්‍ය අංශය

    කෙසේ වෙතත් මෙම ගිණුම් යාවත් කාලීන වීමට හේතුව පිළිබඳ අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කරනු ලැබුවා. ඔවුන් පෙන්වා දුන්නේ, ඊයේ දිනයේදී අවතැන් වූවන්ට උපකාර කිරීම සඳහා හඳුන්වා දුන් නව ගිණුමට මුදල් බැර කිරීමට නොහැකි බව පරිත්‍යාගශීලි මිනිසුන් දැනුම් දුන් බව ත්, ඒ අනුව කළ පරීක්ෂාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කර ඇති එම ගිණුම් වලට ඩොලර් බැර කිරීමේදී අවම මට්ටමක් සීමා කර ඇති බවයි. මේ හේතුවෙන් අඩු මුදල් බැර කිරීමට නොහැකි බැවින් වෙනත් ගිණුම් ලබා දී යාවත් කාලීන කර ඇති බවයි.

    මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

    මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඒ මහතා පැවසුවේ, එම ගිණුම මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අභ්‍යන්තර ගනුදෙනු කරන ගිණුමක් බව ත්, නමුත් එහි යම් සීමා පනවා ඇති නිසා නැවත සීමා කිරීම් නොමැති ගිණුම් ලබා දී ඇති බවයි. 

    ශ්‍රී ලංකා මහ බැංකුව

    රජය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිල ආපදා සහන ගිණුමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇත්නම්, මහජනතාවට ඕනෑම වාණිජ බැංකුවක් හරහා එම ගිණුමට මුදල් තැන්පත් කළ හැකිය.

    ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජයෙන් නිල නිවේදනයක් නොමැති නම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වලට ඔබට මුදල් තැන්පත් කළ නොහැක, මන්ද ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය තැන්පතු පිළිගන්නේ නැත.

    මීට පෙර අවස්ථා වලදී ශ්‍රී ලංකා රජයේ ආපදා සහන අරමුදල සඳහා බැංකු ගිණුම් විවෘත කර තිබූ අවස්ථාවන් මෙලෙසින් සහ මෙලෙසින්.

    සැ.යු  : අප මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ගිණුම් අංක වලට මුදල් බැර කිරීමට උත්සහ නොකොට යාවත්කාලීන කරන ලද බැංකු ගිණුම් වලට ඔබේ පරිත්‍යාගශීලි මුදල් බැර කරන ලෙසයි 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-11-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.