Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: වේයන්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා දැමීමේ සිදුවීමට මුල් වුයේ ඔහු විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක් මත ද?

    2020-12-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමට පසුගිය සමයේ විශාල වශයෙන් මෙහෙයුම් සිදු කරන ආකාරය අපට දක්නට ලැබුණි. මේ ආකාරයට වේයන්ගොඩ පොලිසිය මගින් සිදු කල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි. ඉහත වැටලීමට ඔත්තුව ලබා

    මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමට පසුගිය සමයේ විශාල වශයෙන් මෙහෙයුම් සිදු කරන ආකාරය අපට දක්නට ලැබුණි. මේ ආකාරයට වේයන්ගොඩ පොලිසිය මගින් සිදු කල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි.

    ඉහත වැටලීමට ඔත්තුව ලබාදුන් පුද්ගලයාගේ නම පොලිසිය විසින් හෙළි කල බවත් ඒ හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයාගේ හිතවාදීන්, ඔත්තුව ලබාදුන් පුද්ගලයාගේ අත පය කපා කොට දැමු බවටත් පුවතක් බොහෝ ලෙස හුවමාරු වී තිබුණි.

    මෙම පහරදීම සත්‍ය සිද්ධියක් වුවද ඊට හේතුවී තිබෙන්නේ, ඔත්තුවක් ලබාදීමේ සැකය මත, ජාවාරම්කාර පාර්ශව දෙකක් අතර ඇතිවූ ගැටුමක් විනා, පොලීසිය විසින් ඔත්තුකරුවකුගේ නමක් එළි කිරීමේ සිද්ධියක් නොවන බව වේයන්ගොඩ පොලිසිය තහවුරු කර සිටියා.

    සමාජ මාධ්‍ය සටහන්:

    ColomboXnews නිවුස් නම් වෙබ් අඩවියක් විසින් පුවතක් වාර්තා කර තිබුනේ “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගැන ඔත්තුව දුන් අයගේ නම පොලිසිය හෙළිකරලා – ජාවාරම්කරු තොරතුරු දුන් පුද්ගලයාගේ පාද දෙක සහ අතක් කපා දමයි.” යනුවෙන්.

    ColomboXnewsArchived

    වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළෙඳසලක් අසලදී බයිසිකලයකින් පැමිනි දෙදෙනෙකුගේ පහරදීමට ලක්වී තිබෙන්නේ 41 හැවිරිදි පුද්ගලයෙකු බව එම පුවතේ වාර්තා කර තිබුණා.  තවදුරටත් වාර්තා කර තිබුනේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු පිලිබඳව ඔත්තුව දුන් අයගේ විස්තර පොලීසිය විසින් හෙළි කල නිසා ජාවාරම්කරුවන් විසින් එම පුද්ගලයාව කපා කොටා ඇති බව, ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ ඥාතීහු පවසන බවයි.

    සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බව ද ඉහත පුවතෙන් දක්වා තිබෙනවා.

    මෙම පුවත ෆේස්බුක් තුළත් බොහෝ ලෙස සංසරණය වු අතර ඒ හා සම්බන්ධ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

    FacebookArchived
    FacebookArchived

    පොලිසියට ඔත්තුවක් ලබාදීමේ අවදානම හැඟවෙන අයුරින් හුවමාරු වී තිබු මෙම සටහන් වලට මුල්වූ සිදුවීම පිලිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අප තීරණය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    වේයන්ගොඩ පොලිස්පති තුමා:

    මෙම සිදුවීම පිලිබඳව කරුනු විමසා බැලීම සඳහා අප වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමාව සම්බන්ද කර ගත්තා. ඔහු ප්‍රකාශ කළේ මෙම කඩුවකින් පහරදී පුද්ගලයෙකුගේ අතක් සහ පාද දෙක කපා දම තිබු සිදුවීම සත්‍ය සිද්ධියක් වන අතර මෙම සිදුවීමට අදාල පාර්ශව දෙකම මත්ද්‍රව්‍ය ජාවරම් හා සම්බන්දව කටයුතු කරන අය බවයි.

    කෙසේ නමුත් පොලිසීය වෙත මෙම වැටලීම සඳහා කිසියම් පාර්ශවයකින් ඔත්තුවක් නොලැබුනු බවත් පොලිස් විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස ටික දිනකට ඉහතදී මෙසේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු අත් අඩංගුවට ගත් බවත් ඔහු සඳහන් කර සිටියා.

    එසේ වුවද ප්‍රහාරයට ලක් වූ අය විසින් පොලීසියට ඔත්තුව ලබා දුන් බවට සැක සිතා මෙසේ ප්‍රහාරයක් එල්ල කිරීමට ඇතැයි පොලීසිය සැක කරන බවත් පොලිස් ස්ථානාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

    කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධ ඔත්තුවක් දුන් පාර්ශවයේ තොරතුරු හෙලි කල බවට දිගින් දිගටම නැගෙන චෝදනා නිසා ඒ පිලිබඳව කරුණු සාක්ෂාත් කර ගැනීමට විමර්ශනයක් ආරම්භ කරමින්, අධිකරණ නියෝගයක් හරහා මෙම සිද්ධියට සම්බන්ධ වූ නිලධාරීන්ගේ දුරකථන වාර්තා ද පරීක්ෂා කර බැලු බවත්, එහිදී ද පොලීසිය විසින් තොරතුරු ජාවාරම්කරුවන් අතට පත් කර ඇති බවක් අනාවරණය නොවූ බවත් පැහැදිලි කර සිටියා.

    එසේම වේයන්ගොඩ ස්ථානාධිපතිතුමා පවසා සිටියේ මෙම පහර දීමට මුල් වූ ප්‍රධාන සැකකරු ද මේ වන විට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන බවයි

    මාධ්‍ය වාර්තා:

    මෙම සිදුවීමට අදාලව තුවාල ලැබූ පුද්ගලයා වෘත්තියෙන් පෙදරේරුවරයෙකු වන අතර ඔහු සහ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අතර කලක සිට පැවැති ආරවුලක් මෙම පහර දීමට හේතු වූ බව අනාවරණ වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළ බවට උපුටා දක්වමින් සියත පුවත් අඩවියද මෙම සිදුවීම වාර්තා කර තිබුනා.

    Siyatha newsArchived

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත මුලින්ම දෙසැම්බර් මස 22 වනදා පළවූ “අරුණ” පුවත්පතේ “ඔත්තුකරුගේ කකුල වේයන්ගොඩ වත්තක…ජාවාරම්කරුට පොලිසියෙන් ‘තොත්තු’..” යන තේමාවෙන් මෙසේ පළවී තිබු අයුරු ද අපට දැකගනන්ට ලැබුණා.

    Update : මෙම සිද්ධිය පිලිබඳ පැලියගොඩ දී අත්අඩංගුව පත්වූ පුද්ගලයා සමඟ වේයන්ගොඩ විමර්ෂණයක් වෙත පැමිණි අවස්ථාවක දී සැකකරු විසින් සිදුකළ කටයුත්තක් හේතුවෙන් පොලිසිය බලය පාවිච්චි කර ඇති බවත් එහිදී තුවාල ලැබූ සැකකරු පසුව මියගිය බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා නිවේදනයක් නිකුත් කර තිබුනේ මෙලෙසින්.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු සලකා බැලීමේදී වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකදී, පහර කෑ පුද්ගලයාගේ අත් සහ පාද කපා දමා ඇති බව පැවසෙන පුවත සත්‍ය එකක් වුවද එහි සඳහන් වන පරිදි පොලීසිය මගින් ඔත්තුකරුවන් පිලිබඳ තොරතුරු හෙළි කිරීම මත මෙම ප්‍රහාරය සිදු කළ බවට හුවමාරු වන පුවත අසත්‍ය එකක් බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතු තුමා තහවුරු කර සිටියා. 

    බොහෝදුරට පොලිසියට ඔත්තුවක් ලබාදීමේ සැක පිට මෙම පහරදීම සිදුකළ බවට පොලිසිය අනුමාන කරනවා. කෙසේ නමුත් පොලිසිය සහ පහර කෑ පුද්ගලයා සමඟ කිසිඳු තොරතුරු හුවමාරුවක් නොවූ බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතු තුමා තහවුරු කර සිටිනවා.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:වේයන්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා දැමීමේ සිදුවීමට මුල් වුයේ ඔහු විසින් පොලිසියට ලබාදුන් ඔත්තුවක් මත ද?

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.