Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මන්නාරම් ප්‍රදේශයේ තිබූ ඇමරිකාවට දුර දැක්වෙන නාමපුවරුවක්?

    2021-08-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන කොටස් ලංකාව තුළ ජීවත් වෙනවා. මේ හේතුවෙන් සියලු ජනතාවට වැටහෙන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ සිංහල සහ දෙමළ භාෂා සඳහා මුල් තැනක් හිමිවෙනවා. පොදු ස්ථාන වල දැක්වෙන නාම පුවරුද සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන  භාෂා ත්

    ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන කොටස් ලංකාව තුළ ජීවත් වෙනවා. මේ හේතුවෙන් සියලු ජනතාවට වැටහෙන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ සිංහල සහ දෙමළ භාෂා සඳහා මුල් තැනක් හිමිවෙනවා. පොදු ස්ථාන වල දැක්වෙන නාම පුවරුද සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන  භාෂා ත්‍රිත්වයෙන් බොහෝවිට සැකසෙනු දැකගනන්ට ලැබෙනවා. 

    විශේෂයෙන්ම චීන භාෂා සඳහා ලංකාවේ ප්‍රධාන නාම පුවරුවල මුල් තැනක් ලබා දීම වැනි කරුණු ඔස්සේ පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබු අතර ඒ සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමර්ශන කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මේ අතර හිතාමතාම නාමපුවරුවක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු සිදු කළ අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Prof.Dr.S.J.Emmanuel නම් යාපනයේ සිටින කතෝලික පියතුමකු විසින් සිය Twitter ගිණුමේ සඳහන් කර තිබුණේ මෙලෙසිනි.

    “What blunders made by Sinhalese without sufficient general knowledge & knowledge of Tamil make with  Tami sign-boards! America is in mannar just .7 km away!”

    එහි සිංහල පරිවර්ථනය මෙලෙසිනි.

    “ප්‍රමාණවත් සාමාන්‍ය දැනුමක් සහ දමිළ පිළිබඳ දැනුමක් නොමැතිව සිංහලයන් විසින් දමිළ සංඥා පුවරුවල සඳහන් කරන ලද වැරදි කෙතරම්ද! ඇමරිකාව තිබෙන්නේ මන්නාරමේ සිට කි.මී .7ක දුරින්!”

    Archived Link

    ඉහත සටහන සඳහා යොදා තිබූ ඡායාරූපයේ නාම පුවරුවේ දැක්වෙන්නේ එම ස්ථානයේ සිට මන්නාරමට කිලෝ මීටර් 1.5 ක් බවත් අමෙරිකාවට කිලෝ මීටර් 0.7  ක් බවයි.

    එමෙන්ම Nalin Duminda යන පුද්ගලයෙක් විසින්ද සිය ෆේස්බුක් ගිණුමේ “යමු ද frinnds”  යනුවෙන් සටහන් කරමින් දක්වා “අමෙරිකාවට මෙච්චර ළඟයි කියලා දැනන් හිටියේ නැහැනෙ බොල”  යනුවෙනි.

    Facebook | Archived Link

    මෙම ඡායාරූපය රැගත් සටහන් සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වල සංසරණය වී තිබුණේ මෙලෙසින්, සහ මෙලෙසින්.

    Archived Link | Archived Link

    මෙම ඡායාරුපය දමිළ පරිශීලකයින් අතරේ ද බොහෝ සෙයින් හුවමාරු වී තිබු අතර මීට වසර කිහිපයකට පෙර සිට ද සංසරණය වී තිබෙනු දැක ගන්නට ලැබුණා.

    FACT CHECK: යාපනයේ ඉන්දීය කොන්සුලර් කාර්යාලයේ නාම පුවරුවේ සිංහල භෂාව ඉවත් කළා ද?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම නාම පුවරුව ප්‍රදර්ශනය කර ඇති ස්ථානය මන්නාරම සිට කි.මි.1.5 ට දුරින් බවත් මෙම ස්ථානය A14 මාර්ගයේ පවතින ස්ථානයක් බවත් එමෙන්ම ඇමරිකාව ලෙස සඳහන් කර ඇති ස්ථානය B270 මාර්ගයේ කි.මි.0.7 කට දුරින් පිහිටා ඇති බවත් මෙම නාම පුවරුව නිරීක්ෂණයේදී පැහැදිලි විය.

    අප ඒ ඔස්සේ කළ විමර්ශන වලදී පැහැදිලි වූයේ මෙම ස්ථානය මන්නාරම් දිස්ත්‍රික්කයේ, තලෙයි මන්නාරම් – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ St. Mary’s කතෝලික දේවස්ථානයේ පිවිසුම අසළ ඇති නාම පුවරුව බවයි.

    2020 මාර්තු මස ලබාගන්නා ලද Google Map හි එම ස්ථානය දැක්වෙන්නේ මෙලෙසිනි.

    එම ස්ථානය Google සිතියමේ දැක්වෙන ස්ථානය පහතින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සම්බන්ධයෙන්ද අප සිදු කළ විමර්ශනයේදී තහවුරු වූයේ එම ඡායාරූපය ලබා ගෙන ඇත්තේ Edwina D’souza නම් ඉන්දියානු බ්ලොග්වරියක් බවයි. Wannabemaven නමින් ඇය සිය වෙබ් පිටුවේ වාර්තාවන් ඉදිරිපත් කරන අතර ලොව පුරා සංචාරය කරමින් ආහාර, සංස්කෘතිය, නගර, ඉතිහාසය, චිත්‍රපට ගැනද සිය වෙබ් පිටුවේ සඳහන් කරනු ලබයි. 

    2017 වර්ෂයේදී ඇය දින 17ක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඇය විසින් මන්නාරමට ගමන් ගන්නා මාර්ගයේදී ලබා ගත් ඡායාරූපයක් මෙලෙස සංස්කරණයට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත ඇතැමෙක් විසින් මුදාහැර තිබෙනවා.

    2018 වර්ෂයේ ජනවාරි 28 වන දින ඇය විසින් පළ කරන ලද බ්ලොග් සටහනේ දක්වා ඇති 9 වන ඡායාරූපය වන්නේ ඉහත සඳහන් නාම පුවරුවේ ඡායාරූපයයි. එම සටහන මෙතනින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සංස්කරණය කරන ලද ඡායාරූපය හා සංස්කරණය නොකරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    මෙම ඡායාරූප දෙක සංසන්දනය කිරීමේදී එහි ඇති පසුබිම් සමාන වන අතර පසු පසින් ඇති සුදු පැහැති ලොරි රථය මගින්ද සංස්කරණයට භාජනය වූ ඡායාරූපය ලබා ගෙන ඇත්තේ Edwina D’souza විසින් ලබා ගත් ඡායාරූපය බව පැහැදිලිව දිස් වේ.

    සංස්කරණය නොකළ රූපයේ Edwina D’souza විසින් ලබා ගත් ඡායාරූපයක් බවට දක්වා ඇති හෙයින් එම කොටස ඉවත් කොට පොදු රෝහල සිංහල භාෂාවෙනුත් එය ඉංග්‍රීසි භාෂාවෙන් General Hospital ලෙසත් දමිළ භාෂාවෙන්  பொது வைத்தியசாலை ලෙසත් දක්වා ඇති අතර සංස්කරණය කරන ලද නාම පුවරුවේ ඇමරිකාව ලෙසින් භාෂා ත්‍රිත්වයෙන්ම සංස්කරණය කර තිබේ.

    Altered Images Showing Tamil language Removed from Prominent Display Boards in Sri Lanka Go Viral….

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මන්නාරම් ප්‍රදේශයේ තිබෙන ඇමරිකාවට දුර දැක්වෙන නාමපුවරුවක් ලෙස මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ සංස්කරණය කරන ලද නාම පුවරුවක් බවයි.

    මෙම නාම පුවරුව මන්නාරම් දුපතේ, තලෙයි මන්නාරම් – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ St. Mary’s කතෝලික දේවස්ථානයේ පිවිසුම අසළ ඇති නාම පුවරුවකි. සත්‍ය නාම පුවරුවේ ‘ඇමරිකාව’ යන නාමය වෙනුවට ‘පොදු රෝහල’ යනුවෙන් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දක්වා තිබේ. එමෙන්ම සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගෙන තිබු ඡායාරූපයේ මුල් ඡායාරුපය ඉන්දියානු බ්ලොගවරියක් විසින් ඇයගේ ශ්‍රී ලංකා සංචාරයක් අතරතුරදී ලබා ගත් ඡායාරූපයකි. 

    FACT CHECK: ෆාතිමා භාවනා මධ්‍යස්ථානයේ ඇත්ත විස්තරය කුමක්ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.