Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විටමින් B17 (Amygdalin) පිළිකා සෛල විනාශ කරයිද?

    2024-08-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අපගේ WhatsApp නාලිකාවට දායක වන්න සමාජ මාධ්‍ය බොහෝ විට පිළිකා වැනි තත්වයන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශ්වයන් විසින් යොදාගනී . කෙසේ වෙතත්, මේවායින් බොහොමයක් නොමඟ යවන  සුළු අතර අතර කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැතිව සමාජ ජා

    අපගේ WhatsApp නාලිකාවට දායක වන්න

    සමාජ මාධ්‍ය බොහෝ විට පිළිකා වැනි තත්වයන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශ්වයන් විසින් යොදාගනී . කෙසේ වෙතත්, මේවායින් බොහොමයක් නොමඟ යවන  සුළු අතර අතර කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැතිව සමාජ ජාලාවල සංසරණය වේ . එහෙත්, බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් එවැනි සත්‍යාපනය නොකළ අන්තර්ගතයන් විශ්වාස කරයි . පිළිකා සෛල විනාශ කිරීම සඳහා විටමින් බී 17 හි ඵලදායී බව පිළිබඳ එවැනි ප්‍රකාශයක් පිලිබදව අප විසින් කල කරුණු විමසා බැලීමකි මේ .

    සමාජ මාධ්‍ය පළ කිරීම්

    ඇප්රිකොට් පලතුරු බීජ  සහ තවත් සමහර පළතුරු බීජ වල අඩංගු විටමින් B17 පිළිකා සෛල විනාශ කරන බවත් එය පිළිකා ප්‍රතිකාරයක් ලෙස සැලකිය හැකි බවත් ශ්‍රී ලංකාවේ බහුලව පැතිරුණ  ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා සටහන් වල සඳහන් විය. මෙම ප්‍රකාශය පහත දැක්වෙන පරිදි, “පිළිකාව රෝගයක් නොව, විටමින් B17 ඌනතාවයේ තත්වයක් පමණක්” බව අවධාරණය කරන පුවත්පත් සටහනක්ද සමාජ ජාලාවල සංසරණය වේ 

    FB|Archived 

    ඉංග්‍රීසි භාෂාවෙන් ද මෙම සටහන් සංසරණය වේ .

    FB|Archived 

    TikTok හි, විවිධ ආකාරවලින් B17 හි ප්‍රතිලාභ ගැන කතා කරන වීඩියෝ ද තිබේ.

    @bellatheseedqueen

    B17 is a must have #b17 #doctor

    ♬ original sound – Richardson Nutritional Center

    අපි මේ ගැන කරුණු පරීක්‍ෂාවක් කරන්න තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    විටමින් B17 යනු කුමක්ද?

    විටමින් B17 ලෙසද හැඳින්වෙන මෙය Amygdalin ලෙසද හැදින්වේ .,මෙය විවිධපලතුරු වර්ග වල බීජ වර්ග වල ස්වභාවිකව  දක්නට ලැබෙන සංයෝගයකි. ඇප්රිකොට් ඇට, පීච් සහ කටු ආමන්ඩ් වැනි පලතුරු වල මෙම සංයෝගය ඇත.. කෙසේ වෙතත් ,විටමින් B17 ලෙස හැදින්වුවද මෙය විටමිනයක් නොවේ . මිනිසුන් සඳහා අත්‍යවශ්‍ය  පෝෂකයක් නොවේ.මෙම සංයෝගය මුලින්ම නිස්සාරණය කලේ 1830 දී ප්‍රංශ රසායන විද්‍යාඥයින් දෙදෙනෙකු විසිනි .පරිවෘත්තීය වූ විට සයනයිඩ් මුදා හැරිය හැකි සයනොජනික් ග්ලයිකෝසයිඩ් නම් ද්‍රව්‍ය සමූහයට මෙම රසායන ද්‍රව්‍යද  අයත් වේ.

    විටමින් B17 පිළිකා සෛල විනාශ කරයිද?

    විටමින් B17 මගින් පිළිකා සෛල විනාශ කළ හැකි බවට වන ප්‍රකාශයට විශ්වාසදායක විද්‍යාත්මක පිටුබලයක් නොමැත. සමහර රසායනාගාර සහ සත්ව අධ්‍යයනයන් ඇමිග්ඩලින් වල  පිළිකා නාශක ගුණය පිලිබදව කරුණු පැහැදිලි කලත් , මිනිසුන් යොදා ගනිමින් සිදු  කරන ලද සායනික පරීක්ෂණ වලදී එවැන්නක් තහවුරු වී නොමැත. එවැනි පර්යේෂණ කිහිපයක් වෙත ළඟා විය හැකියමෙතනින් ,මෙතනින් ,මෙතනින් සහමෙතනින් . 

    බොහෝ අධ්‍යයනයන් පිළිකා ප්‍රතිකාරයක් ලෙස amygdalin හෝ laetrile(amygdalin සුළු වෙනස්කම් වලට ලක්කර මෙය සැකසේ )  භාවිතා කිරීමෙන් සැලකිය යුතු ප්‍රතිලාභයක් සොයාගෙන නොමැත. සමහර පර්යේෂණ මගින් ඇතැම් පිළිකා වර්ග  සඳහා අවම බලපෑම් පෙන්නුම් කර ඇත, නමුත් මෙම සොයාගැනීම් එය පුළුල්ව භාවිතා කිරීමට තරම්  ශක්තිමත් ඒවා නොවේ. ප්‍ර වශයෙන්,එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) ලෙට්‍රයිල්  හෝ  ඇමිගලින් පිළිකා නාශක ඖෂධයක් ලෙස භාවිතා කිරීම තහනම් කර ඇත.

    විටමින් B17 හි සෞඛ්‍ය අවදානම්

    ඇමිග්ඩලින් හා සම්බන්ධ ප්‍රධාන අවදානමක් වන්නේ සයනයිඩ් විෂ වීමයි. ශරීරගත වූ විට, amygdalin විෂ සහිත ද්‍රව්‍යයක්  වන හයිඩ්රජන් සයනයිඩ් බවට කැඩී යා හැක. ඔක්කාරය හා වමනය සිට ක්ලාන්තය, හිසරදය සහ දරුණු අවස්ථාවල දී කෝමා සහ මරණය දක්වා තත්ත්වයන්  ඇමිග්ඩලින් පානය කළ පුද්ගලයින් තුළ දක්නට ලැබේ .

    වෙනත් බරපතල අතුරු ආබාධ  අතර   අක්මාවට හානි වීම, ඇවිදීමේ අපහසුතාවයට තුඩු දෙන ස්නායු ආබාධ, උණ සහ මාරාන්තික ප්‍රතිඵල ඇතුළත් වේ.. මෙම සැලකිය යුතු අවදානම් සහ ඔප්පු කළ ප්‍රතිලාභ නොමැතිකම සැලකිල්ලට ගෙන, ඇමිග්ඩලින් භාවිතා කිරීම භයානක ලෙස සැලකේ, විශේෂයෙන් පිළිකා රෝගීන් සඳහා.

    ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලය ඇතුළු පිළිකා පර්යේෂණ සහ සුබසාධක කටයතු සම්බන්ධ ආයතන , ඇප්‍රිකොට් බිජයේ ඇති රසායනික ද්‍රව්‍යයක් වන amygdalin පිළිකා සදහා හොද ප්‍රතිකාරයක් ලෙස නොසලකයි.. පිළිකා කවුන්සිලයට අනුව, සාමාන්‍ය සෛල ඉතිරි කර පිළිකා සෛල විනාශ කිරීම සඳහා සයනයිඩ් මුදා හැරීමෙන් ලැට්‍රයිල් මගින් පිළිකා සුව කළ හැකි යැයි ප්‍රකාශ කළද, දශක ගණනාවක පර්යේෂණ එහි කාර්යක්ෂමතාවයට සහාය වන සාක්ෂි සොයාගෙන නොමැත. පිළිකා කවුන්සිලයට අනුව, සතුන් සහ මිනිසුන්ගේ සායනික අත්හදා බැලීම් නිරන්තරයෙන් පෙන්නුම් කර ඇත්තේ ලැට්‍රයිල් පිළිකා සම්බන්ධ Tumours වලට  ප්‍රතිකාර නොකරන බවත්, එය භාවිතා කිරීම සයනයිඩ් විෂ වීමට හේතු විය හැකි බවත්, මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු සෞඛ්‍ය අවදානම් හේතුවෙන් 2015 දෙසැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අමු ඇප්‍රිකොට් බිජ අලෙවිය තහනම් කර ඇත. පිළිකා කවුන්සිලයේ වෙබ් අඩවියට පිවිසිය හැකිය මෙතනින් . 

    The Healthy Indian Project සමඟ කතා කරන අතරතුර, බිලාස්පූර් හි ඇපලෝ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා සම්බන්ධ වෛද්‍ය සර්තාක් මොහාරිර්, විටමින් බී 17 සම්බන්ධ ප්‍රකාශයන් සහ එහි පිළිකා මර්දන හැකියාවන් පිළිබඳව  නොමගයවන සුළු සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇත.,ඇමිග්ඩලින් යනු විටමින් වර්ගයක්  නොව සයනොජන් ග්ලයිකෝසයිඩ් – ශරීරය තුළ සයනයිඩ් බවට පරිවෘත්තියේදී බිඳ වැටිය හැකි ස්වාභාවික ශාක විෂකි. වෛද්‍ය මොහාරීර් අනතුරු අඟවන්නේ Amygdalin පානය කිරීම සයනයිඩ් විෂ වීමට හේතු විය හැකි අතර දරුණු අවස්ථාවල දී මරණයට පවා හේතු විය හැකි බවයි. එබැවින් පිළිකා රෝගීන් ඇතුළු කිසිවකුට Laetrile/Amygdalin ආරක්ෂිත හෝ ප්‍රයෝජනවත් නොවන බව ඔහු අවධාරණය කරයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය

    විටමින් බී 17 පිළිකා සෛල විනාශ කරන බවට සහ  එහි කාර්යක්ෂමතාවය නිසා තහනම් කර ඇති බවට ප්‍රකාශය බොහෝ දුරට සාවද්‍ය වේ. amygdalin විකල්ප පිළිකා ප්‍රතිකාරයක් ලෙස අලෙවි කර ඇතත්, එහි කාර්යක්ෂමතාවයට සහාය වීමට විශ්වාසදායක සායනික සාක්ෂි නොමැත. එපමණක් නොව, එහි භාවිතය සයනයිඩ් විෂ වීමේ විභවය ඇතුළුව සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති කරයි. මෙම හේතූන් නිසා, amygdalin පිළිකා ප්‍රතිකාරයක් ලෙස අනුමත කර නොමැති අතර FDA වැනි නියාමන ආයතන විසින් තහනම් කර ඇත. පිළිකා ප්‍රතිකාර විකල්ප සලකා බැලීමේදී විද්‍යාත්මකව වලංගු ප්‍රතිකාර මත විශ්වාසය තැබීම සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.