Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : මුස්ලිම් හෝටලයකින් බලු මස් හමුවූ බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

    2020-10-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ විවිධ ජන කොටස් අතර නොසන්සුන්තාව සහ අසමඟිය ඇතිකරන පරිදි ව්‍යාජ මෙන්ම වෛරී සහ නොමඟ යවන සුළු සටහන් කලින් කලට හුවමාරු වනු දැකගත හැක. විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් අළලා එසේ නිර්මාණය වන සටහන් පසුගිය කාලය පුරාවටම දැකගැනීමට ද හැකි විය. එවැනි සටහන් කිහිපයක්

    ලංකාවේ විවිධ ජන කොටස් අතර නොසන්සුන්තාව සහ අසමඟිය ඇතිකරන පරිදි ව්‍යාජ මෙන්ම වෛරී සහ නොමඟ යවන සුළු සටහන් කලින් කලට හුවමාරු වනු දැකගත හැක. විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් අළලා එසේ නිර්මාණය වන සටහන් පසුගිය කාලය පුරාවටම දැකගැනීමට ද හැකි විය. එවැනි සටහන් කිහිපයක් පිලිබඳව අප සිදුකල විමර්ශන කිහිපයක් මෙසේය Link 1 | Link 2 | Link 3

    මේ අයුරුන්ම මුස්ලිම් හෝටලයක බලු මස් තිබී හමුවූ බවට පසුගිය දා හුවමාරු වූ සටහනක් පිලිබඳ කරුණු සොයාබැලීමේදී එය මීට වසර තුනකට පෙර සිදුවීමක් පාදක කරගනිමින් පළවූ අසත්‍ය සටහනක් බව අපට අනාවරණය විය 

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් :

    “මුස්ලිම් හෝටලයක බලුමස් මාට්ටු” යන තේමාව යටතේ හුවමරු වී තිබු එම සටහනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු විසින්, කපා තිබු මස් සහිත ස්ථානයක් පරීක්ෂා කරන ආකාරයක ඡායාරුපයක් පෙන්වා තිබු අතර හෝටලයක යයි පෙනෙන ඡායාරූප පෙළක් ද ඒ හා සමඟ දැකගන්නට ලැබුනා. එම සටහනේ තවදුරටත් දක්වා තිබුනේ “අල්ලාගේ පල්ලියට බල්ලා එපා.. බත් එකට බලුමස් හා..තව පලයල්ලා තම්බි කඩවලට..” යනුවෙනි.

    FacebookArchived Link

    මෙම සටහනට ලැබුණු ප්‍රතිචාර අතරින් මෙම සිදුවීම සත්‍ය එකක් ද යන්න බොහෝ දෙනෙකු විමසා සිටි අතර මෙවැනි ජාතිවාදී ව්‍යාජ සටහන් පලකිරීම හෙළාදකිමින් ද ප්‍රතිචාර දක්වා තිබෙනු දැකගනන්ට ලැබුණා

    මෙම සටහනම මීට පෙර 2019 වසරේ ද ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වී තිබෙනු ද මෙසේ දැක ගැනීමට හැකි වුණා Link  Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත ප්‍රකාශයට ඇතුළත් ඡායාරූප සහිත සිද්ධිය මෑතකදී සිදු වූවක් නොව 2017 වසරේ සිද්ධියක් බව අපගේ දමිළ විමර්ශන කණ්ඩායමේ සහයෙන් සොයා ගන්නට හැකි වුණා. 

    එම වාර්තාවෙන් පෙන්වා දී තිබුනේ 2017 වසරේ මැයි මාසයේදී මඩකලපු පොලිසියෙන් ලද තොරතුරක් මත ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය නිලධාරීන් හෝටලයක් වැටලූ බවත් එහිදී එම හෝටලයේ වැසිකිලියේ මස් විශාල ප්‍රමාණයක් කපා පිළියෙළ කරමින් සිටීමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත්ය. එසේ මස් පිළියෙළ කරමින් සිටි පුද්ගලයා නිසි සනීපාරක්ෂක ක්‍රම භාවිතා කර තිබුනේ නැති බවත් වාර්තා වී තිබු අතර එම වාර්තාවේ දැක්වෙන ඡායාරූප වලද ඔහුගේ අතේ තුවාල තිබෙනු පෙනෙන්නට විය. එම පුවත් වාර්තාව පහතින්.

    screenshot-www.facebook.com-2020.10.12-13_03_59
    LinkArchivedFacebook 

    ඉහත පුවත් වාර්තාවේ තිබෙන ඡායාරූප සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ ඡායාරූප සංසන්දනය කිරීමේදී එක එකම සිද්ධියක් බව අපට තහවුරු විය

    2017 වසරේ මඩකලපුව පුලියන්තිව් ප්‍රදේශයේ මුස්ලිම් හෝටලයක සිදුවූ මෙම සිදුවීමට සම්බන්ධව කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අපට හැකි වුණා. එහිදී ඔහු පවසා සිටියේ ඉහත හෝටලේ වැසිකිලියේ කුකුල් මස් කපා පිළියෙළ කිරීමට සූදානම්ව සිටීමේ සිද්ධියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත් අතර මාස නවයකින් පසුව නඩුව නිරාකරණය වූ බවත් දැනට එම හෝටලය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය. එම ප්‍රදේශයේ බලු මස් පිළියෙළ කිරීම සම්බන්ධයෙන් කිසිඳු සිද්ධියක් වාර්තා වී නැති බවද පවසා සිටියා.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ “මුස්ලිම් හෝටලයක බලුමස් මාට්ටු..” යනුවෙන් හුවමාරු වන්නේ 2017 වසරේ මඩකලපුව පුලියන්තිව් ප්‍රදේශයේ මුස්ලිම් හෝටලයක වැසිකිලියේ කුකුල් මස් කපා පිළියෙළ කළ සිද්ධියකට අදාළ ඡායාරූප පෙළක් බවයි. බලු මස් පිළියෙළ කිරීමක් එහිදී සිදුවී නැති අතර වැසිකිළියේ කුකුල් මස් කපා පිළියෙළ කිරීමට විරුද්ධව එම අවධියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මෙම මුල්ස්ම් හෝටලයෙන් බලු මස් හමුවූ බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.