Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : ෆේස්බුක් තුළ හුවමාරු වන පරිදි ඇමරිකානු ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250 සීමාවට ළඟා වුනාද?

    2021-08-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය කාලය පුරාම ඇමරිකානු ඩොලරයට සාපේක්ශව ශ්‍රී ලංකා රුපියලේ අගය වෙනස් වෙමින් පැවති අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.200ක් දක්වා ඉහළ යෑම පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබුණා. මේ අතර ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250ක් තරම් ඉහළ අගයකට වැඩි වී ඇති බවට

    පසුගිය කාලය පුරාම ඇමරිකානු ඩොලරයට සාපේක්ශව ශ්‍රී ලංකා රුපියලේ අගය වෙනස් වෙමින් පැවති අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු.200ක් දක්වා ඉහළ යෑම පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබුණා.

    මේ අතර ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය 250ක් තරම් ඉහළ අගයකට වැඩි වී ඇති බවට පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්: 

    පුණු තුෂාර නම් අයෙකු විසින් ජූලි මස 7 වන දින පළකර තිබූ සටහනකින් මේ ආකාරයට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 250 ක් වෙත ළඟා වී ඇති බවට පළ කර තිබුණේ මෙලෙසින්.

    චිත්‍ර ඇදපු මල්ලිලාට

    කටු ඇනිච්ච නංගිලාට

    අහන් ඉන්න හොද ප්‍රවෘත්තියක්

    ඩොලර් එක 250/-

    Facebook | Archived

    මෙම සටහන 1000කට අධික පිරිසක් ෆේස්බුක් තුළ හුවමාරු කරගෙන ඇති බව අපට දැකගන්නට ලැබුනා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම කරුණ පිළිබඳව නිවැරදිම තොරතුරු දැන ගැනීමට මහබැංකුවේ වෙබ් අඩවිය වෙත පිවිසුනා. පසුගිය මාසයට ඩොලර් එකක අගයේ වෙනස් වීම ප්‍රස්තාරයක් ඇසුරෙන් එහි දක්වා තිබුනු අතර කිසිදු දවසක ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 250 සීමාවට ළගා වී තිබුනේ නෑ. මෙම ෆේස්බුක් සටහන එක් කරන ලද දිනයේද ඩොලරයක මිල දැක්වුනේ රුපියල් 199.9  ක් ලෙසටයි.

    Cbsl | Archived

    ඇමරිකානු ඩොලර් සඳහා රුපියලේ විනිමය අනුපාතික චලිතය දැක්වෙන ඉහත ප්‍රස්ථාරයේ පසුගිය ජූලි 07 වන දා සිට ඊයේ දිනය අගෝස්තු (02)දක්වා ඩොලරයක මිල 199 සීමාවේ පවතින බව දැක ගන්නට ලැබෙනවා.

    මුදල් වල සාපේක්ශ අගයන් පිළිබඳව තොරතුරු ලබා දෙන exchangerates.org වෙබ් අඩවියේද පසුගිය කාලයේ දැක්වූ ඩොලරයට සාපේක්ශව රුපියලේ අගය අප පරීක්ශා කල අතර එම අගය 200ට ආසන්න මට්ටමේ තිබුණු බව පෙනී ගියා.

    Exchange rates | Archived

    අප මෙම මුදලේ අගය වැඩි දුරටත් සොයා බැලීමට රාජ්‍ය බැංකුවක් වන ලංකා බැකුවේ ඇමරිකානු ඩොලරයට සාපේක්ශ රුපියලේ අගය කොපමණ දැයි සොයා බැලුවා. 

    Boc | Archived

    එහි දැක්වුනේ ගැනුම් මිල 197ක් සහ විකුනුම් මිල 203ක් ලෙසයි. මේ අනුව කිසිම අවස්ථාවක ඩොලර් එකක මිල රුපියල 250ක සීමාවට ඉහල ගොස් නැති බව අපට පෙනී යනවා.

    එමෙන්ම මෙරට පුවත් වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය ජූලි මසදී මුදල් හුවමාරු කරන ආයතනය හරහා අමෙරිකානු ඩොලරය අලෙවි වන්නේ රුපියල් 222/-ත් රුපියල් 225/-ත් අතර මිලකට බවයි. ඇතැම් වාර්තා සඳහන් කළේ ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230ක මුදලක් ගෙනා මිළඳී ගැනීමේ ප්‍රවණතාවක් ඇති බවයි. ඒ බවට පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. නමුත් එය කිසිම විටෙකත් රුපියල් 250 සීමාවට ළගා වූ බව කිසිඳු පුවත් වාර්තා වල සඳහන් වී නොතිබුණි.

    අප මේ පිලිබඳ ව කරුණු තහවුරු කර ගැනීමට මුදල් හුවමාරු කරන පුද්ගලික ආයතනයකින් ද විමසා සිටියා. Prasanna Money Exchange (Pvt) Ltd ආයතනයෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර පසුගිය කාලයේ දී ඇමරිකානු ඩොලරයක් සඳහා මෙසේ විනිමය හුවාමාරු කිරීමේදී අගය රු. 226-227 වැනි අගයන් කරා ලඟා වුව ද කිසිඳු අවස්ථාවක රු.250 අගයක් කර ගැනුම් හෝ විකුණුම් මිල ලඟා වුයේ නැති බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ඉහත කරුණු අනුව අපට පෙන්වා දිය හැක්කේ ඩොලරයේ අගය 250ක අගයට ළගා වූ බවට පැවසෙන පුවත අසත්‍ය සටහනක් බවයි. මෑතකදී කිසිඳු අවස්ථාවක ඩොලරයට සාපේක්ශව රුපියලේ විනිමය අනුපාතිකය රු.250 සීමාවට ලගා වී නොමැති බව නිල තොරතුරු මගින් අපට තහවුරු කළ හැකියි.එසේම මුදල් හුවමාරු කරන ආයතනය හරහා ඇමරිකානු ඩොලරයේ  සිදුවී තිබු ගැනුම් හෝ විකුණුම් වල දී ද ඩොලරයේ අගය රු.230 පමණ දක්වා ලඟා වූ බව වාර්තා වී තිබුණ ද කිසිඳු අවස්ථාවක රු. 250 සීමාව වෙත ලඟා වී තිබු බවක් වාර්තා වන්නේ නැහැ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.