Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : වාහනයක සුක්කානමේ ඇති තිත් පෙළ බ්‍රේල් ක්‍රමයට අන්ධ අයගේ පහසුවට සකස් කර ඇතිද?

    2021-11-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අන්ධ පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත වූ ලෙස කටයුතු කිරීමට ප්‍රධාන පෙළේ ආයතන කටයුතු කරනවා. අන්ධ අයගේ ගමන් පහසුව පිණිසද විවිධ ආකාරයෙන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු වන ලෙස ඉදිකිරීම් සිදුවන අයුරුද අපට දක්නට ලැබෙනවා. නමුත් දෘශ්‍යාබාදිතයන් වෙනුවෙන් මෝටර් රථ වල නිපදවා ඇති

    අන්ධ පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත වූ ලෙස කටයුතු කිරීමට ප්‍රධාන පෙළේ ආයතන කටයුතු කරනවා. අන්ධ අයගේ ගමන් පහසුව පිණිසද විවිධ ආකාරයෙන් ඔවුන්ගේ වැඩ කටයුතු පහසු වන ලෙස ඉදිකිරීම් සිදුවන අයුරුද අපට දක්නට ලැබෙනවා. නමුත් දෘශ්‍යාබාදිතයන් වෙනුවෙන් මෝටර් රථ වල නිපදවා ඇති කොටසක් සම්බන්ධයෙන් බවට බවට සඳහන් කරමින් නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    වාහනයක් නිපදවීමේදී  නලාව පහසුවෙන් හඳුනා ගැනීම සඳහා දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් රියදුරු සුක්කානමේ තිත් පෙළක් නිපදවා ඇති බවට ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    එහි වැඩි දුරටත් දක්වා තිබුණේ, හදිසි අවස්ථාවකදී අන්ධ අයට වාහනයේ නලාව නාද කිරීම වෙනුවෙන් සුක්කානමේ තිත් පෙළ බ්‍රේල් ක්‍රමයට සකස් කර ඇති බවයි.

    මෙම සටහනම තවත් ෆේස්බුක් පි‍ටුවක්ද පළ කර තිබුණු අතර 2000කට අධික පිරිසක් මෙම සටහන හුවමාරු කරගෙන තිබුණා.

    Facebook | Archived

    අප මෙම පුවත පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    බ්‍රේල් යනු අන්ධ හෝ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සඳහා ස්පර්ශ කිරීමෙන් කළ හැකි කියවීමේ සහ ලිවීමේ පද්ධතියක් වන අතර එහි උස් වූ තිත් හෝඩියේ අකුරු නියෝජනය කරනු ලබනවා. මෙරට මේ හා සම්බන්ධව එතරම් පහසුකම් නොමැති උවත් ලෝකයේ දියුණු රටවල අන්ධ පුද්ගලයන් සඳහා සංඥා පුවරු , ATM  යන්ත්‍ර වැනි දෑ සඳහා බ්‍රේල් පහසුකම් ලබා දී තිබෙනවා.

    බ්‍රේල් කරමය ගැන වැඩිදුර තොරතුරු Brailleworks.com 

    කෙසේ වෙතත් මෙරට මෙන්ම විදෙස් රටවලද රථ වාහන පැදවීම වෙනුවෙන් මනා දර්ශනයක් තිබිය යුතු බව තහවුරු කර තිබෙනවා. 

    එමෙන්ම මෙරටදී රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සම්බන්ධයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවියේද දක්වා තිබුණේ, සැහැල්ලූ වාහන සඳහා MBBS සුදුසුකම් ලැබු වෛද්‍ය නිලධාරියකු විසින් නිකුත් කළ වෛද්‍ය්‍ය සහතිකයක් සහ බර වාහනයක් සඳහා, නුගේගොඩ ලංගම වෛද්‍ය්‍ය ආයතනය විසින් හෝ අයදුම්කරු පදිංචි දිස්ත්‍රික්කයෙහි වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කරන ලද වෛද්‍ය්‍ය සහතිකයක් අවශ්‍ය බවයි.

    GIC | Archived Link

    මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දක්වා තිබෙන්නේ මෙලෙසින්. Archived Link

    ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් රියදුරන් සඳහා ලබාගත හැකි වෛද්‍ය මාර්ගෝපදේශ වලද දෘෂ්ටිකත්වය සම්බන්ධයෙන් දක්වා තිබුණේ මෙලෙසින්. 

    Archived Link

    ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය සඳහා දෘෂ්ටිකත්වයේ ප්‍රමිතීන් පිළිබඳ දක්වා ඇති දීර්ඝ පැහැදිලි කිරීම මෙතනින්.

    කෙසේවෙතත් සුක්කානම මත ගැටිති නිර්මාණය කර ඇත්තේ ඕනෑම රියදුරෙකුට නලාව සොයා ගැනීමට උපකාර වන පරිදි මිස බ්‍රේල් භාවිතා කරන අන්ධ පුද්ගලයන් සඳහා නොවන බවට යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය විසින් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. එම සටහන මෙතනින්. Archived

    සුක්කානමේ විකාශනය පිළිබඳව ලෝ ප්‍රකට වාහන නිෂ්පාදන සමාගමක් වන වොල්ක්ස්වැගන් ආයතනය විසින් සවිස්තරාත්මක සටහනක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබුණා. එම සටහනේද මේ ආකාරයට තිත් ලෙස සුක්කානමේ ගැටිති සකස් කිරීම පිලිබඳව කිසි සටහනක් නොමැති අතර බ්‍රේල් ක්ර්මයට අනුව සුක්කානම සකස් කර ඇති බවක් දක්වා නොතිබුණි.

    volkswagenag.com | Archived

    සුක්කානම මත තිත් ආකාරයෙන් සකස් කර ඇත්තේ බ්‍රේල් ක්‍රමයට අනුව වාහනයේ නලාව හඳුනාගැනීමටද යන්න පිළිබඳව විමර්ශනාත්මක වාර්තාවක් usatoday වෙබ් අඩවියද පළ කර තිබුණේ මෙලෙසින්. Archived

    ඔවුන් එම වාර්තාවෙන්ද සුක්කානමේ තිත් ආකාරයට සකස් කර ඇත්තේ බ්‍රේල් ක්‍රමයට සහයක් වශයෙන් යන්න නිවැරදි නොවන බව තහවුරු කර තිබෙනවා.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව සුක්කානම මත ගැටිති ආකාරයෙන් නිර්මාණය කර ඇත්තේ අන්ධ පුද්ගලයන් හට හෝ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ට, බ්‍රේල් ක්‍රමය භාවිතා කරන්නන්ට රිය පැදවීම සඳහා නලාව සොයා ගැනීමට නොව ඕනෑම රියදුරෙකුට නලාව එබීම සඳහා නිශ්චිත ප්‍රදේශය සොයා ගැනීමට උපකාර වන පරිදිය.  රියදුරු බලප්‍රත්‍රයක් ලබා දීම සඳහා අදාළ ප්‍රමිතීන් යටතේ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍රයක් ද විදෙස් රටවල මෙන්ම මෙරටට ද අවසර හිමි නොවේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.