Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළේ කෝවිඩ් ආසාදිත පුද්ගලයෙකු බිම ඇද වැටුණා ද?

    2021-05-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කෝව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ වැටී ඇති බව බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් සහිත සටහනක් සංසරණය වුනා. සත්‍ය වශයෙන්ම එම පුද්ගලයා ඡායාරූපවල දැක්වෙන පරිදි වැටී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීමෙන්ද යන්න පිළි

    කෝව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ වැටී ඇති බව බව පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප කිහිපයක් සහිත සටහනක් සංසරණය වුනා.

    සත්‍ය වශයෙන්ම එම පුද්ගලයා ඡායාරූපවල දැක්වෙන පරිදි වැටී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීමෙන්ද යන්න පිළිබඳ අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    Neel Edirisinghe යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ, “ඊයේ දිනයේ කොරොනා ආසාදිතයෙක් කුරුණෑගල බස්ටැන්ඩි එකෙ වැටිසිටි අයුරු .නිවසේම රැදී සිටින්න අත්‍යවශ්‍ය දෙයක්  සදහාම පමණක් නිවසින් බැහැර වන්න.” යනුවෙනි. එම සටහන සඳහා ඡායාරූප කිහිපයක්ද ඇතුළත් කර තිබුණා. එම සටහන පහතින්. 

    Facebook | Archived Link

    එම ඡායාරූපවල දැක්වුණේ, යම්කිසි පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළේ වැටී සිටින අයුරුයි. එමෙන්ම පොලිස් භටයින් පිරිසක්ද එම අවස්ථාවේ ඔහු අසළ සිටින අයුරුද එහි සඳහන් වුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කුරුණෑගල බස් නැවතුම්පළේ වැටී සිටි පුද්ගලයාට කෝවිඩ් ආසාදනය වීමෙන් එලෙස සිදුවූවාද යන්න පිළිබඳව අප කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිගෙන් විමසා සිටියා.

    ඒ මහතා සඳහන් කළේ, කෝවිඩ් ආසාදනය වීමෙන් නොව මෙම පුද්ගලයා පුත්තලමේ සිට පැමිණ ඇති බවත් අධික බීමත්කම හේතුවෙන් බස් රථයෙන් බහින විටදී මෙසේ බිම ඇද වැටී ඇති බවයි. ඉන් අනතුරුව 1990 ගිලන් රථ සේවාවට කතා කර ඔහුව කුරුණෑගල රෝහලට යවා ඇති බව ද පවසා සිටියා.

    අප මෙම තොරතුර තහවුරු කර ගැනීම සඳහා කුරුණෑගල නගරයේ CPHI (මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා) සම්බන්ධ කර ගත්තා. ඒ මහතා ද අපට සනාථ කළේ, කෝවිඩ් රෝගියෙකු නොව පුත්තලමේ සිට බීමත්ම පැමිණි පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළෙදී බස් රථයෙන් බිමට බැසීමට යාමේදී වැටී ඇති බවත් ඉන් අනතුරුව 1990ට කතා කර ගිලන් රථයක් ගෙන්වා මොහුව කුරුණෑගල රෝහලට යැවූ බවත් පසුව බීමත්ව සිටින පුද්ගලයින්ට ලබා දෙන එන්නත රෝහල මගින් ඔහුට ලබා දීමෙන් අනතුරුව පියවි සිහියට පැමිණි ඔහු සිය නිවස බලා පිටත් වූ බවයි.

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව පෙනී යන්නේ කෝව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ වැටී ඇති බව බව පවසමින් ඡායාරූප සහිතව දක්වා තිබූණ සටහනේ සඳහන් පරිදි කෝවිඩ් ආසාදනය වීම හේතුවෙන් එම පුද්ගලයා වැටී නොමැති බවයි. කුරුණෑගල පොලිස් ස්ථානාධිපති සහ කුරුණෑගල නගරයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා තහවුරු කළේ, බීමත්කම හේතුවෙන් මෙම පුද්ගලයා බිම වැටී ඇති බවයි.

    ඒ අනුව මෙම සටහන් හරහා අසත්‍ය හා ජනතාව නොමග යැවීමට හා අනිසි බියක් ඇති කරවීමට උත්සහ දරා ඇති බවට පෙන්වා දිය හැක.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.