Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ ගල් බැම්මේ විශාල #GoHomeGota පුවරුවක් ප්‍රදර්ශනය වූ අයුරු ?

    2022-06-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල ගාලු කොටුවේ ගල් බැම්මේ #GOHOMEGOTA ලෙස සටහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවට ඡයාරුපද සහිත සමාජ ජාලා සටහන් පළවුණා. මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තරගය අතරතුර සජීව විකාශයේ කැමරා කාචයට හසුවන සේ  ගාලු කොටුව ගල් බැම්මේ #GoHomeGota ලෙස සටහන් කරන ලද විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවක් හැඟවෙන සේ සමාජ ජාල සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived   Facebook | Archived  Facebook

    එම සේයාරුව වට්ස්ඇප් වලද පැතිර තිබු අතර මේ එය Twitter වල ද තිබුණු ආකාරයයි.

    Twitter | Archived

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    ශ්‍රී ලංකා ක්‍රිකට් යු ටියුබ් නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශය වූ , ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු පළමු ටෙස්ට් තරඟයේ , පළමු දිනයේ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේ දී, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ රූප රාමුව ම, තරඟයේ හයවන පන්දු වාරයේ දී අවසන් පන්දුව යැවීමට පෙර අවස්ථාවක් බව අපට දැක ගන්නට ලැබුණා.

    ඕස්ට්‍රේලියානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙකු වන පැතුම් නිශ්ශංක වෙත පන්දුවක් යොමු කිරීමට සැරසෙමන් සිටි එම අවස්ථාවේ සජීවී වීඩියෝවේ දැක්වුණේ මෙලෙසින්.

    මුල් වීඩියෝවේ දැක්වෙන සත්‍ය සේයාරුව සහ #GOHOMEGOTA පුවරුව ඇතුළත්ව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සංස්කරණය කරන ලද ඡායාරූපයේ සේයාරුවේ සංසන්දනයක් පහතින්.

    එසේම මෙම සංස්කරණය සඳහා මීට පෙර, අප්‍රේල් මස 10 වැනිදා ගාලු කොටුවේ පැවති විරෝධතාවයක දී යොදාගෙන තිබූ පුවරුවක කොටසක් යොදාගනිමින් සංස්කරණය සිදුකර තිබෙන බවක් ද අනුමාන කළ හැක. එම අවස්ථාවේ ගාලු කොටු බැම්මේ ප්‍රදර්ශන කර තිබූ පුවරුවේ ඡායාරූප සටහන පහතින්.

    Facebook | Archived Link

    අප්‍රේල් 10 වන දා ගාලු කොටුවේ පැවති විරෝධතාවයේදී ඉහත බැනරය දිස්වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    කෙසේ වෙතත් ඊයේ (ජුනි 29) ටෙස්ට් තරගය අතරතුර ගාලු කොටුවේ බැම්මේ සිට විරෝධතාවයක් පළ කල පිරිසක්, පොලිසිය මැදිහත්ව විසුරුවා හැරි බවට මාධ්‍ය වාර්තා පළව තිබූ අතර #GOHOMEGOTA බැනරයක් ප්‍රදර්ශනය කළ තරුණයන් පිරිසක් ඉවත්කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කිරීම හෙළා දකිමින් පළවූ ෆේස්බුක් සටහනක් මෙලෙසින්.

    ඊයේ (ජුනි 29) දිනයේ විරෝධතාවය දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප වල ද, සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ ඡායාරූපයේ බැනරය පරිදි විශාල බැනරයක් දැකගන්නට නොලැබුණි.

    එසේම අද (ජුනි 30) දක්වා තිබු විරෝධතා අතරතුර ලබාගත් ඡායාරුපයක් පහතින්

    Getty Images / AFP

    ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඊයේ (29) දිනයේ දී පොලීසිය සහ හමුදාව බලපෑම් කිරීමට එරෙහිව අද (30) දිනයේ දී ගාලු කොටුව මතදී සිදුකළ විරෝධතාවයක් පිළිබඳව පළව තිබු වීඩියෝවක් පහතින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කල කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැවෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයේ සජීව විකාශය අතරතුර කැමරා කාචයට හසුවනසේ ගාලු කොටුවේ ගල් බැම්ම මත විශාල #GOHOMEGOTA බැනරයක් ප්‍රදර්ශනය කළ බවට සමාජ ජාල වල පැතිරෙන ඡයාරූපය නොමග යවන සුලු සහ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. 

    කෙසේවෙතත් #GOHOMEGOTA තේමාවෙන් පුවරු ද අතැතිව වත්මන් රාජ්‍ය පාලනයට එරෙහිව, ඊයේ මෙන්ම අද දිනයේ ත් (29 සහ 30) ගාලු කොටුවේ බැම්මේ විරෝධතා පැවැත්වුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-06-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.