Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනාධිපති අනුර ජර්මානු ජනාධිපති හමුවූ අවස්ථාවේ සත්‍ය ඡායරූපයක් ද?

    2025-06-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දිනවල ජර්මානු සංචාරයක නිරත වී සිටිනවා මෙහිදී දෙරටේ ජනාධිපතිවරුන් හමු වූ අවස්ථාවේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි වශයෙන් මේ දිනවල අවධානය යොමු වී තිබෙනවා.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දිනවල ජර්මානු සංචාරයක නිරත වී සිටිනවා මෙහිදී දෙරටේ ජනාධිපතිවරුන් හමු වූ අවස්ථාවේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි වශයෙන් මේ දිනවල අවධානය යොමු වී තිබෙනවා. එම ඡායාරූපය කුමක්ද යන්න සහ එම ඡායාරූපය සත්‍ය ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ බර්ලින් නුවරහිදී ජර්මානු ජනාධිපති හමුවූ අවස්ථාවේ සත්‍ය ඡායරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වී තිබුණා. මෙහිදී පෙන්වීමට උත්සහ දරා තිබුණේ මෙරට ජනාධිපති හා ජර්මනියේ ජනාධිපති අතර ඇති උස පරතරයයි.

    මෙම ඡායාරූපය ඊයේ(11) දින X(Twitter) ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්’

    X

    Facebook | Archived Link

    මෙම ඡායාරූපය අද(12) දින තව ත් ෆේස්බුක් පරීශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    මෙම ඡායාරූපයේ බර්ලින් ජනාධිපතිවරයා හා මෙරට ජනාධිපති අනුරගේ උස අතර අතර අසාමාන්‍ය වෙනසක් දැක ගැනීමට ලැබෙන බැවින් අප මේ පිළිබඳව පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේදී (Bellevue Palace) ඊයේ(11) පස්වරුවේ ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank Walter Steinmeier) මහතා හමුවී තිබුණා.

    මෙහිදී මෙරට ජනාධිපතිවරයා ව නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවයක් පැවැත් වූ අතර ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන රූපය මෙම අවස්ථාවේදී ලබා ගත යුතුව ඇති ඡායාරූපයක් බැවින් අප එම නිල අවස්ථාවේ ඡායාරූප වෙත අවධානය යොමු කළා.

    මෙරට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද, ඉහත කී අවස්ථාවේ ඡායාරූප ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද, පළ වී තිබෙනු දැක ගන්නට ලැබෙන අතර ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් සහ අනුර කුමාර දිසානායක මහතා අතර ඉහත සමාජ මාධ්‍ය වල දැක්වෙන ලෙස අසාමාන්‍ය උස පරතරයක් ඇති බව දක්නට නොලැබේ.

    Facebook

    එමෙන් ම ඉහත පෙන්වා ඇති අවස්ථාවේ ම වෙනත් ඡායාරූප ද, ජනාධිපති අනුර මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ දැක ගන්නට ලැබෙන අතර එහිදීද, ජනාධිපති දෙදෙනා අතර අසාමාන්‍ය උස පරතරයක් දැක ගන්නට නොලැබේ.

    එම ඡායාරූප පහතින්.

    Facebook

    එමෙන් ම මෙම අවස්ථාවේ වීඩියෝවක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත යොමු කර තිබූ අතර ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් එම වීඩියෝව පළ කර තිබුණා. එම වීඩියෝවේද, ඉහත දැක්වෙන අසාමාන්‍ය වෙනස්කම දැක ගන්නට නොලැබේ. 

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූපයේ සත්‍ය අවස්ථාවේ ඡායාරූපය  gettyImages වල පළ වී තිබෙනු අප කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණා.

    gettyImages | Archived Link gettyImages | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සහ සත්‍ය ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම ඡායාරූප සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට මැනවින් අවබෝධකර ගැනීමට හැකි වේ.

    තව ද, මෙම අවස්ථාවේ ඡායාරූප ජර්මානු ජනාධිපතිගේ නිල ෆේස්බුක් පිටුවේ ද, පළ වී ඇති බවට දැක ගන්නට ලැබෙන ඇති අතර එහිදී ද, තහවුරු වුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කර ඇති බවයි.

    ජනපතිගේ ජර්මානු සංචාරය

    ජනාධිපති අනුර ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනයෙන්, ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා පසුගිය ජුනි 10 වන දා රාත්‍රියේදී දිවයිනෙන් පිටත් වුණා.

    මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඇමතිවරු මෙන්ම ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අරමුණු කර ඇති අතර එහිදී වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    එසේම, ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාර සංසදයට සහ ව්‍යාපාරික හමු කිහිපයකට සහභාගි වීමටද, ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවට සඳහන් වේ.

    මෙම සංචාරය සඳහා මා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව තිබේ. ඒ සම්බන්ධයෙන් පළ වූ සටහනක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේදී,  ජර්මානු ජනාධිපති හමුවූ අවස්ථාවේ සත්‍ය ඡායරූපයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වී තිබුණා. මෙහිදී පෙන්වීමට උත්සහ දරා තිබුණේ මෙරට ජනාධිපති හා ජර්මනියේ ජනාධිපති අතර ඇති උස පරතරයයි. නමුත් මෙම අවස්ථාවේ සත්‍ය ඡායාරූප අවස්ථාවේ, ඡායාරූප, වීඩියෝ පරීක්ෂා කිරීමේදී මෙය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට පැහැදිලි වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-06-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.