Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: X Press Pearl නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ කොටස් ලබා ගැනීමට වෙරළට පැමිණියේ ජ.වි.පෙ තොප්පියක් දමාගත් පුද්ගලයෙක්?

    2021-06-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අළළා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අසත්‍ය සහ ව්‍යාජ සටහන් පළ වනවා දක්නට පුළුවන්. බොහෝදුරට කාලීන මාතෘකා අළලා පළ වන මෙවැනි සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Dulip Dee නමැත්තෙකු විසි

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අළළා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් අසත්‍ය සහ ව්‍යාජ සටහන් පළ වනවා දක්නට පුළුවන්.

    බොහෝදුරට කාලීන මාතෘකා අළලා පළ වන මෙවැනි සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    1. Dulip Dee නමැත්තෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, “මංගල මහත්තය වගේම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්තය” යනුවෙන් ජවිපෙ සමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූ බවයි.

    Facebook | Archived Link

    1. “රාජපක්ෂ රෙජිමය නිසා  නැවකට වත් යන්න නෑ පාඩුවේ .එකෙනුත් ඩොලර් හොයනවා  ගිණිබත් කරලා 😡” යනුවෙන් Yasith Dilshan  සිය ෆේස් බුක් ගිණුමේ දක්වා තිබුණේ රටේ ඩොලර් නැති නිසා නැව් සමාගම්වලින් වන්දි ලෙස ඩොලර් ලබා ගන්න ඇවන්ගාර්ඩ් භාවිතා කළ නැව් ගිනි තැබූ බවට බිමල් රත්නායක මහතා පුවත්පතකට පළ කළ සාකච්ඡාවක් බවට හඟවමින්.

    Facebook | Archived Link

    1. Lahiru Ferdinandiz විසින් ගිණිගත් නැවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා රතු තරුව හෙලිකොප්ටරයකින් බේරා ගැනේ යනුවෙන් ඡායාරූප කිහිපයක් ද දක්වමින් උපහාසාත්මක කෝණයකින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, “මන් අද මේ නිව්ස් එක ගොඩක් තැන්වල දැක්කා. මේක ඇත්තක්ද සහෝදරවරුනි?” යනුවෙනි.

    Facebook | Archived Link

    1. “ඕනෑම කුණු ගොඩකට වහන නිල මැස්සෝ දැකලා නැත්නම් Zoom කරලා බලන්න ජවිපෙ වහල්ලූ” යනුවෙන් Jason Dissanayake සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ පසුගියදා ශ්‍රී ලංකා වරාය සීමාවේ ගිනිගත් X Press Pearl නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ සුන්බුන් කොටස් ලබා ගැනීමට වෙරළට පැමිණි අයෙක්ගේ ඡායාරූපයකි. 

    එම ඡායාරූපයේ ඔහු පැළදි හිස්වැසුම ජනතා විමුක්ති පෙරමුණේ ලාංඡනයක් (සීනුව) සනිටුහන් වන බව හඟවා තිබුණා.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    1. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙක් බවට සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූ බවට පළ වූ සටහනේ ඡායාරූපය මීට පෙරද සුනිල් හඳුන්නෙත්ති පැවසූ බවට අසත්‍ය සටහනක් සඳහා ඉදිරිපත් කර තිබූ ඡායාරූපයකි. LankaTruth ෆේස්බුක් පිටුවේ දැක්වූ සටහනක් බවට හැඟවීමට අවභාවිත කළ එම ඡායාරූපයම නැවත එහි ශීර්ෂය වෙනස් කරමින් මෙලෙස පළ කර තිබෙනවා.

    මෙම ඡායාරූපය හඳුන්නෙත්ති මහතා සිය ෆේස්බුක් පිටුවේ “ප්‍රමිති ආයතනය බාර ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැහැ…” යන මෙයින් කළ මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ සඳහන් කළ ඇති සටහනේ දක්වා ඇති ඡායාරූපයයි. 

    මීට පෙර එම ඡායාරූපයම අවභාවිතා කරමින් සකසා තිබූ සටහනක් පහතින්.

    ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය මෙතනින්.

    කෙසේවෙතත් හඳුන්නෙත්ති මහතා රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මෙලෙස පැවසුවාද යන්න අප ඔහුගෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, එලෙස තමන් පවසා නොමැති බවයි.

    1.  බිමල් රත්නායක මහතා රටේ ඩොලර් නැති නිසා නැව් සමාගම්වලින් වන්දි ලෙස ඩොලර් ලබා ගන්න ඇවන්ගාර්ඩ් භාවිතා කළ නැව් ගිනි තැබූ බවට බිමල් රත්නායක මහතා නොපැවසූ බව අප කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළා.

    බැලූ බැල්මට එම පුවත්පතක ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූපයක් බව පෙනුනත් මෙහි සත්‍ය පුවත් පත සොයා අප කළ විමර්ශනයේදී හමුවූයේ මෙම ව්‍යාජ සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරූපය සහිත සාකච්ඡාව ඇතුළත් පුවත් ලිපිය 2020.08.16  වන දින ‘ලංකා’ පුවත් පතේ “මේ මන්ත්‍රීකම මගේ නෙමේ” යනුවෙන් ශීර්ෂ පාඨයේ සඳහන් කළ ලිපියක් බවයි. එම ලිපිය පහතින්.

    Lankaweb.lk| Archived Link

    මෙම පුවත් වාර්තාව සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතාගේ ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්.

    කෙසේවෙතත් බිමල් රත්නායක මහතා ද අප සමඟ සම්බන්ධ වෙමින් පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ ප්‍රකාශයක් තමා විසින් සිදුකළේ නැති බවත් මෙය සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවත්ය.

    1. X Press Pearl නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීමේ කාර්යයට ලංකාවේ මෙන්ම හමුදාව ඉන්දීය නාවික හමුදාවේ ද සහය ඇතිව සමත් වූ බවට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. එලෙස පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්. 

    තවද මෙම ව්‍යාජ සටහන් නිර්මාණය සඳහා යොදාගෙන තිබුනේ Mi26 සෝවියට් / රුසියානු  ප්‍රවාහන හෙලිකොප්ටර වල ඡායරූප පෙළක් වන අතර එම යානාවල රතු තරුවක් දැක තිබෙන බැවින් එය ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුවට ආදේශ කිරීමට උත්සාහ කර තිබෙනවා.  Mi26 හෙලිකොප්ටර යානා පිලිබඳ විස්තරයක් මෙතනින්. එසේම X Press Pearl නෞකාව සම්බන්ධ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බොහෝවිට යොදාගෙන තිබුනේ ද Bell 212 වර්ගයේ යාන බව වාර්තා වී තිබුණා.

    එසේම එහි ජ.වි.පෙ රතු තරුව සාමාජිකයින් එක් රැස් වී සිටින ආකාරය පෙන්වන එම සටහන් සඳහා යොදාගත් ඡායාරුපය ද 2016 වසරේ ලබාගත් ඡායාරුපයක්. එම අවස්ථාවේ වෙනත් කෝණවලින් ලබාගත් දර්ශන සහිත ඡායාරුප පෙළක් මෙතනින්. මෙම ඡායාරුප යොදාගනිමින් පළවූ ව්‍යාජ සටහන් පිලිබඳ අප මීට පෙර සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්.

    ඒ අනුව ගිණිගත් නැවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා රතු තරුව හෙලිකොප්ටරයකින් බේරා ගැනේ යනුවෙන් සටහන් හුදෙක් උපහාසාත්මක කෝණයෙන් පළ කළ සටහන් බවට පැවසිය හැක. 

    1. ගිනිගත් X Press Pearl නෞකාවෙන් වෙරළට ගසා ගෙන ආ සුන්බුන් කොටස් ලබා ගැනීමට වෙරළට පැමිණි අයෙක් හිස පැළඳි හිස් වැසුමේ දක්වා ඇත්තේ ජනතාව විමුක්ති පෙරමුණේ පෙර ලාංඡනය වන සීනුව බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය, එහි පවසා තිබු පරිදි විශාලනය (ZOOM) කොට පරීක්ෂා කිරීමේ දී එය පැහැදිලි සංස්කරණයක් බව පෙනී ගියා.

    Accident 1st ෆේස්බුක් පිටුවේ පළවූ සංස්කරණය නොකළ මුල් ඡායාරූපය මෙතනින්. එහි දැක්වෙන්නේ සීනුව නොව වෙනත් ලාංඡනයක් බව ද පෙනෙනවා. 

    මේ අනුව වෙනුවට සීනුව ලාංඡනය සහිත සංස්කරණය කරන ලද ඡායාරුපය සහ මුල් ඡායරුපයේ සංසන්දනය පහතින්. 

    එසේම පසුගිය මැතිවරණ කිහිපයේ දී ම ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වූයේ ජාතික ජන බලවේගය යටතේ මාලිමාව ලකුණින්.

    Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශන වලින් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සඳහන් සටහන් ජනතා විමුක්ති පෙරමුණ අපහාස කිරීමට හා අසත්‍ය පුවත් පැතිරවීමට නිර්මාණය කළ ව්‍යාජ සටහන් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.