Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නෙළුම් කුළුණ දිස්වන සත්‍ය ඡායාරූපයක් ද? (PHOTO)

    2022-09-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් අවස්ථාවන් වල වැදගත් අදහස් වුවද ජනතාව වෙත ළඟා කරවීම සඳහා ඒ සඳහා භාවිත කරන ඡායාරූප සහ වීඩියෝ, සංස්කරණයට භාජනය කරමින් සමාජ මාධ්‍යට එක් කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් මේ ඔස්සේ ජනතාව නොමග යෑමට ලක්වෙන්නේ, එහි පසුබිම පිළිබඳ ජනතාව දැනුවත් නොකරමින් ඒව

    ඇතැම් අවස්ථාවන් වල වැදගත් අදහස් වුවද ජනතාව වෙත ළඟා කරවීම සඳහා ඒ සඳහා භාවිත කරන ඡායාරූප සහ වීඩියෝ, සංස්කරණයට භාජනය කරමින් සමාජ මාධ්‍යට එක් කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් මේ ඔස්සේ ජනතාව නොමග යෑමට ලක්වෙන්නේ, එහි පසුබිම පිළිබඳ ජනතාව දැනුවත් නොකරමින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීමට සැලැස්වීම මගින්. එවැනි ඡායාරූපයක් පිළිබඳ අප කරනු ලැබූ විමසා බැලීමක් පහතින්.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘අපාය සහ දෙව්ලොව එකම පින්තූරයකින්’ යනුවෙන් සඳහන් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    මෙම සටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ, මහළු රෝගී පුද්ගලයෙකු රෝහලක ඇඳක් මත සේලයින් බෝතලයක් ඇතතිව සිටින ආකාරයත් ඒ අසළ ඇති ජනේලය තුළින් නෙළුම් කුළුණ දිස්වෙන ආකාරයත් ය.

    Facebook | Archived Link

    මෙම ඡායාරූපය විවිධ තේමාවන් ඔස්සේ මෙලෙසින් ද, Archived Link පළ වී තිබුණි . තවත් සටහනක් මෙතනින්.

    එසේම සේලයින් බෝතලයක් රඳවා තැබීමට රඳවනයක් වත් නොමැති රෝහලක දර්ශනයක් බව අඟවමින් ද මෙම සටහන් හුවමාරු වූ අවස්ථා ගණනාවක් සිංහල මෙන්ම දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතරේ ද දැක ගන්නට ලැබුණා.

    Facebook | Archived Facebook Facebook2

    මෙම සටහන් සමාජ ජාලාවල බොහෝසෙයින් පැතිර තිබුණු ආකාරයක් දක්නට ලැබුණා.

    මෙම ඡායාරූපය TikTok ඔස්සේ ද හුවමාරු වී තිබුනේ මෙලෙසින් . Archived

    මෙම ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් ද යන්න පිළිබඳ බොහෝ පිරිස් අපගෙන් සිදු කරන ලද විමසීම් හේතුවෙන් මේ සම්බන්ධයෙන් අප සොයා බැලීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.  

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රථමයෙන්ම අපගේ අවධානය යොමු වූයේ, ඉහත ඡායාරූපයේ කවුළුවෙන් වම් පසින් නෙළුම් කුළුණත්, අනෙක් පසින් නෙළුම් කුළුණේ උසටම තවත් ගොඩනැගිල්ලක ඡායාරූපයක් දක්වා තිබීමයි.

    නෙළුම් කුළුණ මීටර 350 ක් උසැති කුළුණක් වන අතර, එය දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ බැවින් ඒ හා සමාන උසකින් කිසිදු ගොඩනැගිල්ලක් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිකර නොතිබීම හේතුවෙන් මේ ආකාරයට එකම මට්ටමකින් නෙළුම් කුළුණ සහ ලංකාවේ තවත් ගොඩනැගිල්ලක් දැකිය නොහැකි වීම අපගේ අවධානයට යොමු විය.

    නෙළුම් කුළුණ අවට ඇති ගොඩනැගිලි වල දර්ශන සහ ඒ අවට එයට වඩා තරමක් උසින් අඩු එහෙත් මහල් රැසකින් යුත්, උස ගොඩනැගිලි කොළඹ අහසේ දී දැකගත හැකියි. එවැනි ගොඩනැගිලි කිහිපයක් දැක්වෙන ඩ්‍රෝන දර්ශනයක් මෙතනින් ඡායරූප සටහනක් මෙතනින්.

    කෙසේ වෙතත් රෝහලේ දර්ශන සහිත මුල් ඡායාරුපය ලබාගැනීමට අප එය  Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, එය මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූපයක් බවත්, එම සත්‍ය ඡායාරූපයේ රෝහල් වාට්ටු දර්ශනයේ කවුළුවක් හෝ නෙළුම් කුළුණේ දර්ශනයක් හෝ දක්නට නොමැති බවයි.  

    එම රෝහල කරාපිටිය රෝහල බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ මීට පෙර සංසරණය වී තිබූ එම ඡායාරූපය පහතින්.

    Facebook | Archived Link

    තවත් වෙබ් අඩවියක ද, මෙම සත්‍ය ඡායාරූපය පළ වී තිබුණේ මේ අයුරින්. Archived Link

    සත්‍ය ඡායාරූපය හා සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

    කරාපිටිය රෝහලේ දී ලබාගත් ඡායාරුපයක්!

    සැප්තැම්බර් මස මුල හුවමාරුවී තිබූ සටහන්වල මුල් ඡායරුපයේ දැක්වෙන්නේ කරාපිටිය රෝහල බවට සඳහන් කර තිබූ බැවින්, ඒ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න මහතාට මෙම ඡායාරූපය යොමු කරනු ලැබුවා. වෛද්‍යවරයා තහවුරු කරනු ලැබුවේ, මෙහි දැක්වෙන්නේ කරාපිටිය රෝහල බවයි. එමෙන්ම නෙළුම් කුළුණේ කිසිදු කොටසක් කරාපිටිය රෝහල් පරිශ්‍රයට දිස් නොවන බවද, ඒ මහතා සඳහන් කළා.

    එමෙන්ම එම රෝගීවූ පුද්ගලයා සේලයින් බෝතලය අතෙහි තබා සිටින්නේ, පිටුපසින් සේලයින් බෝතලය රඳවනය පිටුපස තිබියදී බවද, මෙහිදී නිරීක්ෂණය වේ.

    සැ.යු : අප ඉහත කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව සම්බන්ධයෙන් පමණි.

    ලංකාව මුහුණදෙමින් සිටින උග්‍ර ඖෂධ ප්‍රශ්නය

    කෙසේවෙතත් මෙම සංස්කරණය කරන ලද ඡායාරූපය යොදා ගනිමින් ලංකාවේ ඉහළ යමින් පවතින ඖෂධ මිල ගණන් සම්බන්ධයෙන් මෙන්ම අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද අදහස් පළකර තිබූ අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. 

    ඖෂධ මිල ගණනන් අසීමිත ලෙස ඉහළ යෑම සහ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය පිළිබඳ රෝහල් සහ ෆාමසි රැසකින් වාර්තා වන අතර මේ හේතුවෙන් රෝගීන් ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටිනවා. පිළිකා, වකුගඩු ඇතුළු රෝගීන් රැසක් මෙම තත්ත්වය ඔස්සේ මුහුණපාමින් සිටින ගැටළු පිළිබඳ වාර්තා කිහිපයක් මෙතනින් , මෙතනින් සහ මෙතනින්

    වර්තමාන උග්‍ර ඖෂධ ප්‍රශ්නය පිලිබඳ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

    https://www.facebook.com/hirunews/videos/602522514904700/

    Also Read : නෙළුම් කුළුණ නැරඹීමේ ප්‍රවේශ පත්‍රයේ චීන ජාතිකයන්ට විශේෂ වරප්‍රසාදයක් ?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.