Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යයේ ඉහළින් බුදුරුව දිස් වූ අවස්ථාවක්ද?

    2022-03-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සංස්කරණය කරන ලද ඡායාරූපය යොදාගෙන ජනතාව නොමග යවන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. ඒ අතරින් ආගම, ජාතිය මූලික කරගෙන සංවේදී කරුණු ඔස්සේ ජනතාව නොමග යැවීමට පහසු බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එවැනි සටහන් සංසරණය වනවා. එලෙස ජනතාව නොමග යැ

    සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සංස්කරණය කරන ලද ඡායාරූපය යොදාගෙන ජනතාව නොමග යවන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. ඒ අතරින් ආගම, ජාතිය මූලික කරගෙන සංවේදී කරුණු ඔස්සේ ජනතාව නොමග යැවීමට පහසු බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එවැනි සටහන් සංසරණය වනවා. එලෙස ජනතාව නොමග යැවූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යයේ ඉහළින් අහසේ දිසුන බුදුරුව යනුවෙන් සඳහන් කරමින්, අපි බලමු බෞද්ධයෝ කී දෙනෙක්ට මෙය ශෙයා කරන්න පුලුවන්ද කියලා.’ යනුවෙන් සඳහන් කරමින් බුදු හාමුදුරුවන්ගේ ඡායාරූපයක් දක්වමින් සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    2018 වසරේ සිට මේ වන තෙක් ෆේස්බුක් ඔස්සේ මෙලෙසින් හුවමාරු කර ගනිමින් තිබූ ඡායාරූපය මේ වන විට එක්ලක්ෂ හැත්ත තුන් දහසක් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබෙනවා.

    මෙම ඡායාරූප ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබෙන්නේ, මෙම ඡායාරූපය සංස්කරණයට භාජනය කර ඇති ඡායාරූපයක් බවයි. 

    කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප ප්‍රථමයෙන්ම ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව තහවුරු වූයේ බුදුරුව ඇතුළත් කළ සංස්කරණය කර තිබූ ඡායාරූපයේ පසුබිම සත්‍ය ඡායාරූපය අන්තර්ජාලය ඔස්සේ 2012 වර්ෂයේ සිට හුවමාරු වී තිබූ ඡායාරූපයක් බවයි.

    එම සත්‍ය ඡායාරූපය Frenzy photography නමින් ඇති බ්ලොග් අඩවියක වර්ෂයේදී ඇතුළත් කළ ගුවනේ ඡායාරූප එකතුවක තිබූ එක් ඡායාරූපයකි. එම බ්ලෝගි ගිණුමෙහි සඳහන් වී තිබුණේ, Frenzy photography බ්ලොග් ගිණුමේ අයිතිකරු සංස්කරණ කළ ඡායාරූප පෙළක් බවයි. (Frenzy photography The photos which had edited by me are the miracles of my heart beat…..)

    frenzy005.blogspot

    මෙම ඡායාරූපයේ පසුබිම වර්ණය වෙනස් කරමින් බුදුරුවක් ඇතුළත් කරමින් නැවත සංස්කරණය කරමින් පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යයේ ඉහළින් අහසේ දිස්වුන බුදුරුව යනුවෙන් පවසා තිබුණා.

    ඉන්ස්ටග්‍රම් ඔස්සේ ද එම ඡායාරූපය පළ වී තිබුණේ මෙලෙසින්.

    කෙසේ වෙතත් මෙම ඡායාරූප සංස්කරණය කර ඇති බවට ප්‍රකාශිත ඡායාරූපය දෝෂ මට්ටම් විශ්ලේෂණයකට (Error Level Analysis) යොමු කර තාක්ෂණික විමර්ශනයක් අප විසින් සිදු කරනු ලැබුවා.

    මෙම ඡායාරූපය සංස්කරණය නොකරන ලද ඡායාරූපයක් නම් සම්පූර්ණ ඡායාරූපම  එකම දෝෂ මට්ටමක (same error level) පැවතිය යුතුය. යම්කිසි රූපයක කොටසක් සැලකිය යුතු ලෙස වෙනස් කම් වලට භාජනය කර ඇත්නම් (වෙනස් දෝෂ මට්ටමක පවතී නම්), එය ඩිජිටල් සංස්කරණය කිරීමක් පෙන්නුම් කරයි. අප විසින් සිදුකළ තාක්ෂණික විමර්ශනයේ දී බුදුරුව ඇති කොටස දෝෂ මට්ටම්ක් ලෙස දැක ගන්නට ලැබුණ අතර ඒ අනුව බුදුරුව ඇතුළත් කර සංස්කරණය කර ඇති බවට දැක ගන්නට ලැබුණා.

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පෙන්වා දෙනු ලබන්නේ, පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යයේ ඉහළින් අහසේ දිසුන බුදුරුව යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. එහි සත්‍ය ඡායාරූපය 2012 වසරේ බ්ලොග් අඩවියක එහි නිර්මාතෘ විසින් ගුවනේ ඡායාරූප සංස්කරණය කරමින් පළ කළ ඡායාරූපයක් යොදාගෙන එහි වර්ණය වෙනස් කරමින් බුදුරුවක් සංස්කරණය කරමින් එම පසුබිම ඡායාරූපයට එක් කර ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.