Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: නන්දා මාලිනියන්ගේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිලිබඳ ගීතය ගැන කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

    2021-04-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොටුවෙ පොඩි හාමුදුරුවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන හිමිනමක් වශයෙන් බොහෝ දෙනා හඳුනනවා. මේ හේතුව නිසාවෙන් ම කලින් කලට උන්වහන්සේ සිදුනොකරන ප්‍රකාශ ද කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ප්‍රකාශ ලෙස බොහෝ විට උපහාසාත්මක කෝණයකින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි. පාස්කු ඉ

    කොටුවෙ පොඩි හාමුදුරුවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන හිමිනමක් වශයෙන් බොහෝ දෙනා හඳුනනවා. මේ හේතුව නිසාවෙන් ම කලින් කලට උන්වහන්සේ සිදුනොකරන ප්‍රකාශ ද කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ප්‍රකාශ ලෙස බොහෝ විට උපහාසාත්මක කෝණයකින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.

    පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් සටහන් රැසක් පලවී තිබෙනවා.  කොටුවෙ පොඩි හාමුදුරුවන් අළලා මෙවර පළවූ සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අපගේ විමර්ෂණය පහතින්

    සමාජ මාධ්‍ය සටහන්:

    ශනික දසනායක නම් අයෙකු විසින් පළකර තිබු සටහනක දක්වා තිබුනේ “පාස්කු වින්දිතයන් ගැන ගීත ගායනා කරන නන්දා මාලනී වැනි තුච්ච් ගෑනු එදා කොටි මිනීමරද්දි හැංගිලා හිටියේ..” යනුවෙන් කොටුවෙ පොඩි හාමුදුරුවන් වහන්සේ පැවසු බවක් . එසේම “ නන්දා මාලනී ගායිකාවක් ද.. පිස්සු ගෑනියෙක් නේ..” යනුවෙන් ද කොටුවේ පොඩි හාමුදුරුවන් පැවසු බව පෙන්වන්මින් උන්වහන්සේගේ ආන්දෝලනාතමක් ප්‍රකාශයක් ලෙස මෙම සටහන හුවමාරු කරගෙන තිබුණා.

    Facebook | Facebook | Archived

    මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙකු අතරේම හුවමාරු වී තිබු ආකාරයක් ද දැක ගන්නට ලැබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    කොටුවේ පොඩි හාමුදුරුවන්වන් යමිකිසි ආකාරයේ ප්‍රකාශයක් මෙසේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ විශාරද නන්දා මාලනී මහත්මිය සම්බන්ධයෙන් පවසා තිබු අයුරක් අපට පසුගිය කාල වකවානුවේ පළවී තිබු වීඩියෝ සහ පුවත් වාර්තා පරීක්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

    කෙසේවෙතත් මීට දින දෙකකට පෙර “පාස්කු දින ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන තොරතුරු තිබුණු ලැප් එක ඇමරිකාවෙන් ඇවිත් අරං ගියා. කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..” යන විස්තරය සතිතව පළවූ පහත පරිදි වීඩියෝවක් අපට හමුවුණා

    YouTube

    එම වීඩියෝව සම්පුර්ණයෙන් ම අප පරීක්ෂා කල අතර එහි විනාඩි 17 කිසිඳු අවස්ථාවක නන්දා මාලිනි ගායිකාව සම්බන්ධයෙන් සඳහනක් සිදුව නැති බව අපට දැක ගන්නට ලැබුණා

    මේ අනුව ඉහත යුටියුබ් වීඩියෝවේ ඡායරුපය (Thumbnail) සංස්කරණය කරමින් කොටුවේ පොඩි හාමුදුරුවන් අලලා සිදුකර තිබෙන ව්‍යාජ සංස්කරණ නිර්මාණය වී ඇති බව පෙනී යනවා. එම සංසන්දනය පහතින්

    කෙසේවෙතත් මේ පිළිබඳව අප කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙන් විමසා සිටි අතර උන්වහන්සේ පවසා සිටියේ මේ ආකාරයේ පාස්කු ප්‍රහාරය සහ විශාරද නන්දා මාලිනියන් අළලා කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය වෙනුවෙන් ඊයේ ගායනා කරන ලදී. මෙම ගීය රචනා කළ

    මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගෙන් සංගීතවත් වූ විශේෂ ගීතයක් විශාරද නන්දා මාලිනියන් පාස්කු ඉරුදින ප්‍රහාරයට දෙවසරක් ගතවන මොහොතේදී පළකර තිබුණා. එම ගීතය මෙතනින්

    පාස්කු ප්‍රහාරය අළලා විවිධාකාරයෙන් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු පුවත් පිලිබඳ අපගේ කරුණු විමර්ෂණ මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ “පාස්කු වින්දිතයන් ගැන ගීත ගායනා කරන නන්දා මාලනී වැනි තුච්ච් ගෑනු එදා කොටි මිනීමරද්දි හැංගිලා හිටියේ..” යනුවෙන් කිසිඳු ප්‍රකාශයක් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසා නැති බවයි. උන්වහන්සේ පසුගියදා පාස්කු සාකච්ඡාවක දී පවසා සිටි “ “පාස්කු දින ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන තොරතුරු තිබුණු ලැප් එක ඇමරිකාවෙන් ඇවිත් අරං ගියා” යන කොටස සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සංස්කරණය සිදුකර තිබුණා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.