Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙරට විරෝධතාවයට සහය පළ කරමින් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වුණාද?

    2022-04-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගනිමින් මේ දිනයන්හි දීප ව්‍යාප්තව සිදු කෙරෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් තුළ එම විරෝධතාවය දැක්වීමට භාවිතා කරන #GOHOMEGOTA හෑෂ් ටැගයද දක්වමින් ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ බවට සමාජ ම

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගනිමින් මේ දිනයන්හි දීප ව්‍යාප්තව සිදු කෙරෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් තුළ එම විරෝධතාවය දැක්වීමට භාවිතා කරන #GOHOMEGOTA හෑෂ් ටැගයද දක්වමින් ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ දිනවල රටේ පවතින විරෝධතාවයන්හි කැපී පෙනුණ ඡායාරූප ඇතතිව #GOHOMEGOTA හෑෂ් ටැගය ද දක්වමින් වර්ණවත් වූ බවට පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link  Facebook | Archived Link

    මෙම ඡායාරූපය ෆේස්බුක් පරිශීලකයින් විසින් බහුලව හුවමාරු කර ගෙන තිබුණු අයුරු

    බොහෝ පිරිසක් උපකල්පනය කර තිබුණේ බර්ජ් කලීෆා කුළුණ සැබවින්ම ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි වර්ණවත් වූ බවයි. ඒ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප තීරණය කරනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙම ඡායාරූපය ඊයේ(08) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ බැවින් පසුගිය දින කිහිපයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ පිහිටි බර්ජ් කලීෆා කුළුන වර්ණවත් වූයේ කුමන පැහැයකින්ද යන්න සහ එහි දක්වා තිබුණේ කුමන තේමාවක්ද යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.

    ඒ අනුව බර්ජ් කලීෆා නිල ෆේස්බුක් වෙත අපගේ අවධානය යොමු වූ අතර පසුගිය 04 වන දා එහි දක්වා තිබුණේ රාමසාන් මාසය තුළදී ඒ වෙනුවෙන් පවත්වන යාඥා මෙහෙයන් ඩුබායි හි වේලාවෙන් රාත්‍රී 07.30 සිට රාත්‍රී 11.00 දක්වා එහි ප්‍රචාරය කරනු බවයි. එම ෆේස්බුක් සටහන මෙතනින්.

    ඒ අනුව බර්ජ් කලීෆා වර්ණවත් වී තිබුණේ මෙලෙසින්.

    https://www.facebook.com/watch/?v=687030959307001

    එම ෆේස්බුක් නිල පිටුවේ මෙරට විරෝධතාවය සම්බන්ධයෙන් කිසිවක් පළ කර නොතිබුණි. ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ අසල සිටින මෙරට පුරවැසියන් කිහිප දෙනෙක් ගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේද, මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ආකාරයේ තේමාවක් එහි ප්‍රදර්ශනය නොකළ බවත්, මේ දිනවල රාමදාන් මාසය බැවින් ඊට අදාළ යාඥා මෙහෙයන් එහි ප්‍රදර්ශනය කරන බවයි. එමෙන්ම බර්ජ් කලීෆා කුළුණ මේ දිනවල නැරඹීමට ගිය පිරිස් සමාජ මාධ්‍ය වෙතට යොමු කළ ඡායාරූප කිහිපයක එම කුළුණ දැක්වුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර අපට එහිදී දැක ගන්නට ලැබුණේ, ඉහත ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බවයි. 

    2016 වසරේ 8 වැනි වාර්ෂික ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන්, Emaar පදනම විසින් ගොඩනැගිලි සහ වාසස්ථාන දහස් ගණනක් සමඟ එක්ව ‘ලයිට් ඉට් අප් බ්ලූ’ ව්‍යාපාරය සනිටුහන් කරමින් බර්ජ් කලීෆා ගොඩනැගිල්ල නිල් ආලෝකයෙන් වර්ණවත් කර තිබූ ඡායාරූපයක් මෙලෙස සංස්කරණය සඳහා යොදා ගෙන ඇති බව අනුමාන කල හැක.

    ඒ බවට සත්‍ය ඡායාරූපයේ පසුබිම නිරීක්ෂණයෙන් ද, තහවුරු වෙයි.

    emirates247 | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සංස්කරණය කරන ලද ඡායාරූපය සහ මුල් ඡායාරූපයේ සංසන්දනය පහතින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් තේමාවන් යටතේ බර්ජ් කලීෆා කුළුණේ ප්‍රදර්ශනය කළ බවට දක්වමින් පළ වූ ඡායාරූප වලද ඉහත ඡායාරූප පසුබිමේ දැක්වෙන සමාන කම් මෙලෙසින් දක්නට ලැබෙනවා.

    අප මේ පිළිබඳව ඩුබායි හි බර්ජ් කලීෆා නිල ෆේස්බුක් පිටුව හරහා ඔවුන්ගේ විමසීමක් සිදු කළ අතර ඔවුන් ලබා දෙන පිළිතුර සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. 

    LPL ජයග්‍රහණයෙන් පසු Burj Khalifa හි රෝහිත් ෂර්මාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කළ බවට දැක්වීමටද, මෙම ඡායාරූපය යොදා ගෙන සංස්කරණය කළ අවස්ථාවක් සම්බන්ධයෙන් 2020 වසරේ වෙනත් කරුණු පරීක්ෂණ කණ්ඩායමක් සිදු කළ විමර්ශනයක් මෙතනින්. එසේම Avengers  Endgame  හි චරිත යොදාගනිමින් ද මේ ආකාරයෙන්ම ඩුබායි හි බර්ජ් කලීෆා 2019 වසරේ දී වර්ණවත් වී තිබු ආකාරය මෙලෙසින්.

    ලංකාවේ ද මීට පෙර විවිධ අවස්ථාවන් සඳහා මේ ආකාරයට ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ දිස්වූ බව හැඟවෙන පරිදි සංස්කරණ යොදා ගෙන තිබුණා

    FACT CHECK: ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ, මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙරට සිදු කරන විරෝධතාවයට සහය දැක්වීමට ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණේ මෙරට විරෝධතාවයේ නියැලුනු පිරිසගේ ඡායාරූප දක්වමින් #GOHOMEGOTA හෑෂ් ටැගය ද දක්වමින් සංසරණය වූ ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. බර්ජ් කලීෆා කුළුණේ නිල ෆේස්බුක් පිටුවේද මේ සම්බන්ධයෙන් පළ නොවී තිබූ අතර මේ දිනවල රාමදාන් මාසයට මුල් තැන දෙමින් ඉස්ලාම් යාඥා මෙහෙයන් එමගින් ප්‍රදර්ශනය කරනු ලබයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.