Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

    2022-04-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් ක

    ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සාමාජික විජිත හේරත් මහතා පැවසූ බවට ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    එම සටහන ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    එමෙන්ම, තවත් ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, විජිත හේරත් මහතා මත්පැන් බෝතලයක් ළඟ තබා ගෙන ආහාර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයකි.


    Facebook | Archived Link

    එම සටහන් හුවමාරු වී තිබු තවත් සටහන් පහතින්.

    මෙම සටහන් වලින් සඳහන් වන කරුණු සහ ඡායාරූපයේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    විජිත හේරත් මන්ත්‍රීවරයාගේ වත්කම් පිළිබඳව බොහෝ අවස්ථාවලදී සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබු බැවින් අප ප්‍රථමයෙන් ඔහු විසින් ඉහත දැක්වූ පරිදි “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් සඳහන් කළ පුවතක්ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සිදුකලා දා  යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළද එවැන්නක් දැක ගන්නට නොලැබුණි.

    එ් හේතුවෙන් මේ පිළිබඳව විමසීමට විජිත හේරත් මහතා දුරකතන මාර්ගය ඔස්සේ සම්බන්ධ කිරීමට උත්සහ කරත් අපට ඒ සඳහා මෙතෙක් අවකාශය නොලැබුණ අතර ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලෙස “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා නොමැති බවයි. කෙසේනමුත් විජිත හේරත්ගේ ප්‍රකාශයත් සමඟත් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    එසේම සියලුම මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් විගණයක් සිදුවිය යුතු බවට පසුගිය දින කිහිපයේ දී තීව්‍ර වූ කතිකාවතත් සමඟ දේශපාලකයින් කිහිප දෙනෙක්ම ඒ සඳහා ඕනෑම විගණනයක් සඳහා තමන් සුදානම් බවට ප්‍රකාශ ඉදිරිපත් කොට තිබණි. එවැනි සටහන් මෙතනින් සහ මෙතනින්

    කෙසේනමුත් පසුගිය දා  රුපාවහිනී “ඉර” වැඩසටහන අතරතුර දී ද මේ පිළිබඳව සකච්ඡා වූ අතර එහිදී ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානයාක මහතා පවසා සිටියේ පුද්ගල විගණනයක් මඟින් දේශපාලකයින්ගේ අයථා ගණුදෙනු පිළිබඳ සොයා ගැනීමට ලංකාවේ නීති රාමුව තුළ නිසි ප්‍රවේශයක් නැති බවත්, සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ විගණනයක් නොව විමර්ෂණයක් බවයි. තමා මෙන්ම විජිත හේරත් සහ හරිනි අමරසුරිය යන මන්ත්‍රීවරු ද ඕනෑම අවස්ථාවක දී එවැනි විමර්ශනයක් සඳහා සුදානම් බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියා. එම වීඩියෝව මෙතනින් (40 වන විනාඩියේ සිට) 

    මෙම  කරුණම ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිහාල් ගලප්පත්ති ෆේස්බුක් සටහනකින් පළකර තිබුනේ මෙලෙසින්

    ඉන් අනතුරුව අප ඉහත සඳහන් දෙවන ඡායාරූපය සම්බන්ධයෙන් නිරීක්ෂණයක් සිදු කළ අතර මෙම ඡායාරූපය ඇතුළත් ඡායාරූප පෙළක් දක්වා තිබූ ෆේස්බුක් සටහන් කිහිපයක් වෙත අපගේ අවධානය යොමු වුණා. එම ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link

    ඉහත ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී දැක ගැන්නට ලැබුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ මත්පැන් බෝතලයක් එම සත්‍ය ඡායාරූපයේ නොතිබුණු බවයි.

    එම ඡායාරූපය පහතින්.


    Facebook | Archived Link

    එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය සංස්කරණය කර ඇති බවට තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා එම ඡායාරූපය ප්‍රකාශිත ඡායාරූපය දෝෂ මට්ටම් විශ්ලේෂණයකට (Error Level Analysis) යොමු කර තාක්ෂණික විමර්ශනයක් අප විසින් සිදු කරනු ලැබුවා. ඒ අනුව ද මෙම ඡායාරූපයේ මත්පැන් බෝතලය ඇති ප්‍රදේශය සංස්කරණයට භාජනය වී ඇති බවට තවදුරටත් තහවුරු විය.

    මෙම මුල් ඡායාරුපය සබැඳි අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ විසින් “ජන පීඩක ආණ්ඩුව පන්නමු” යනු මැයෙන් People’ March ලෙස සංවිධානය කර තිබු පා ගමන අතරතුර දී ලබගත්තයක් වූ අතර ඊයේ (18) එහි දෙවැනි දින වාද්දුවෙන් ඇරඹුණු මෙම පා ගමන මොරටුව සොයිසාපුරට ළඟා වී තිබුණා. එම අවස්ථාවේ දිවා ආහාරය ලබා ගත් අවස්ථාවේ ගනු ලැබූ සත්‍ය ඡායාරූපයක් මෙලෙස සංස්කරණය කර තිබූ බවයි අප කළ විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතා සඳහන් කළේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සංස්කරණය කරන ලද ඡායරූපය හා සත්‍ය ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පැවසිය හැක්කේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් සඳහන් කර තිබු බවට වාර්තාවන්නේ නැති අතර ජ.වි.පෙ නායකයින් විසින් පවසා සිටින්නේ විගණයකින් ඔබ්බට ගොස් දේශපාලකයින්ගේ වත්කම් පිලිබඳ විමර්ෂණයක් සිදුවිය යුතු බවත් තමන් ඒ සඳහා ඕනෑම අවස්ථාවක දී සුදානම් බවත්ය. එසේම විජිත හේරත් මහතා ආහාර ගන්නා අවස්ථාවක මත්පැන් බෝතලයක් ඒ අසළ තබා ගෙන සිටින බවට හුවමාරු වන්නේ සංස්කරණය කරන ලද නිර්මාණයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.