Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගෝල්ෆේස් අහසේ #GOHOMEGOTA ලෙස ප්‍රක්ෂේපණය කර තිබු අයුරු?

    2022-04-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ඉල්ලමින් අප්‍රේල් 9 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් භුමියේ අඛණ්ඩව පවත්වාගෙන යන මහජන අරගලයේ දී විවිධාකාරයේ නව්‍ය විධික්‍රම ඔස්සේ ද විරෝධතාව දක්වන තරුණ පිරිස් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. මේ

    ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ඉල්ලමින් අප්‍රේල් 9 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් භුමියේ අඛණ්ඩව පවත්වාගෙන යන මහජන අරගලයේ දී විවිධාකාරයේ නව්‍ය විධික්‍රම ඔස්සේ ද විරෝධතාව දක්වන තරුණ පිරිස් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත සිදුකල ප්‍රක්ෂේපණ පිළිබඳව ද, බොහෝ සෙයින් කතාබහට ලක් වී තිබුණා.

    මෙවන් පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉහළ අහසේ ද අරගලකරුවන් විසින් සිය සටන් පාඨ පෙන්නුම් කළ බව හඟවමින් ඡායාරුප පෙළක් හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අපගේ විමසුම මෙලෙසින්.

    සමාජ ජාලා සටහන් 

    ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දී ඊයේ (17) ෆ්ලෑෂ් ලයිට් සවිකරමින් සිටි දර්ශනයක්  සමඟ ඊයේ (18) තත්ත්වය ලෙස පෙන්නුම් කරමින්, එම භුමියේ ම ගෝල්ෆේස් අහසේ #GOHOMEGOTA ලෙස ප්‍රක්ෂේපණය කර තිබු බව හඟවන ආකාරයේ ඡායාරුප සටහනක් හුවමාරු වී තිබුනේ මෙලෙසිනි. 

    Facebook | Archived Facebook

    විවිධාකාරයේ අර්ථ නිරූපණ ඔස්සේ මෙම සටහන් හුවමාරු කරගෙන තිබූ අතර “බිත්තිවලට ප්ලෑෂර් හයි කලාට අහසට ප්ලෑෂර් හයි කරන්න ඔයාට බෑ සෑර්..” යන තේමාවෙන් හුවමාරු වූ තවත් සටහනක් මෙලෙසින්

    “දැන් ගෝල්ෆේස් අහස බලන්න” , “ගෝල්ෆේස් හි අහසේ සිතුවම් අඳින අපේ තාරුණ්‍ය”  යනාදී තේමා ඔස්සේ ද එම ප්‍රක්ෂේපණ ඡායාරුප සටහන හුවමාරු වී තිබුණා.

    Facebook | Archived  FB1 | Archived  FB2 | Archived FB3

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ද මෙම ප්‍රක්ෂේපණය සත්‍ය වශයෙන්ම ගෝල්ෆේස් අහසේ දිස්වූ දර්ශනයක් ලෙස පළකර තිබු අයුරු ද, අපට දැක ගන්නට ලැබුණා. මේ එම ඡායාරුපය ලංකාදීප ෆේස්බුක් පිටුවේ, අනෙකුත් අරගලයට සම්බන්ධ ඡායාරුප සමඟින් පළව තිබු ආකාරයයි.

    Facebook | Archived

    එසේම වෙනස් ආකාරයට පළවූ සටහන් පෙළක දැක්වුනේ “WE WANT GOTA” යනුවෙන් ද ප්‍රක්ෂේපණයක් සිදුවූ බවයි.

    Facebook | Archived

    මේ දිනවල තිරගතවන Batman චිත්‍රපටය හේතුවෙන් ද මෙම ප්‍රක්ෂේපණ පිළිබඳ බොහෝ උනන්දුවක් ඇතිවී තිබු අතර ඒ පිළිබඳ අප කරුණු සොයා බැලුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

    පසුගිය දා ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ යෙදී සිටින තරුණ පිරිස විසින් ප්‍රොජෙක්ටර් භාවිතා කරමින් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත විවිධාකාරයේ ප්‍රක්ෂේපණ යොදා ගනිමින් සිය විරෝධතාවය පළකර තිබුණේ මෙලෙසින්. කෙසේනමුත් ඡායාරුප සටහන්හි දැක්වෙන ආකාරයේ අහසේ සිදුකරන ලද ප්‍රක්ෂේපණ පෙළක් පිළිබඳ පුවත් මෙතෙක් වාර්තා වී තිබුනේ නැහැ. 

    එසේම හුවමාරු වන ඡායරුපයේ ගොඩනැගිල්ල, ජනපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට සමානකමක් දැක්වෙන බැවින් ද බොහෝ පිරිස් ඉහත දැක්වූ ඡායාරුප සටහන්හි දැක්වෙන ආකාරයේ ප්‍රක්ෂේපණය කිරීමක්ද පසුගිය දා සිදු වන්නට ඇතැයි අනුමාන කරගනිමින් ඉහත සටහන් කෙටි කාලයකදී විශාල පිරිසක් අතර හුවමාරු වී තිබුණා

    කෙසේනමුත් එම ඡායාරුප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ විට මෙහි මුල් ඡායාරුපය මීට වසර ගණනාවකට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී ලබාගෙන තිබු බව අපට අනාවරණය වුණා.

    Deborah Kelly නම් කලාකාරිනියක් විසින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Museum of Contemporary Arts (MCA) හි අහසේ “Beware of the God” යනුවෙන් ප්‍රක්ෂේපණයක් සිදුකළ අවස්ථාවක දී ලබාගත් ඡායාරුපයක් මෙහි පෙන්නුම් කෙරෙනවා. ඒ පිළිබඳව Artlink නම් ඕස්ට්‍රේලියානු සඟරාවේ දා 2008 වසරේ දී විස්තරාත්මක ලිපියක් පළවී තිබුණි. එම ලිපිය පිළිබඳ කෙටි විස්තරයක් එම 2008 වසරේ ලිපි පෙළගැස්ම අතර මෙසේ දක්වා තිබුණා.

    Artlink Full Article

    Alex Kershaw විසින් කැමරාවට හසුකරගෙන තිබූ මෙම මුල් ඡායාරූපය පිළිබඳ විස්තර Flicker ඔස්සේ පළවී තිබුණේ මෙලෙසින්.

    Flicker 

    මේ අවස්ථාව පිළිබඳ පළවී තිබූ වීඩියෝවක් මෙතනින්.

    BEWARE OF THE GOD Projection on clouds documentation, Deborah Kelly artwork from Su Goldfish on Vimeo.

    නිව්යෝර්ක් ටයිම්ස් හි පළවූ ලිපියක් මෙතනින්

    අප්‍රේල් 18 දා රාත්‍රීයේ දී ගෝල්ෆේස් අහසේ සිදුකළ ප්‍රක්ෂේපණයක් අතරතුර ලබාගත් ඡායාරුප බවට හුවමාරු වන  ඡායාරුප සංස්කරණය එහි මුල් ඡායාරුපය සමඟ සංසන්දනය පහතින්.

    එම ඡායාරුපය ලබාගෙන තිබු පසුබිමේ ලෝකප්‍රකට Sydney Harbour Bridge ද දැක්වෙන ස්ථානය Google Maps ඔස්සේ දැක්වෙන්නේ මෙලෙසින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Also Read:

    “Gota Hell”, ලෙස සදහන් විරෝධතා පුවරුවක් අතැතිව සිටින යොහානි ?

    විරෝධතාවය යෙදෙන භූමියේ භාවිත කළ උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු  ?

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ අප්‍රේල් 18 දා රාත්‍රීයේ දී ගෝල්ෆේස් අහසේ සිදුකළ ප්‍රක්ෂේපණයක් අතරතුර ලබාගත් ඡායාරුප බවට හුවමාරු වන්නේ  සංස්කරණය කරන ලද ඡායාරුප පෙළක් බවයි. මෙහි මුල් ඡායාරුපය 2005 වසරේ දී Deborah Kelly නම් කලාකාරිනියක් විසින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Museum of Contemporary Arts (MCA) අසළ අහසේ “Beware of the God” යනුවෙන් ප්‍රක්ෂේපණයක් සිදුකර තිබු අවස්ථාවකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.