Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අඳ ගොවීන් සම්බන්ධයෙන් ජනාධිපති සහ විපක්ෂ නායක විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

    2021-11-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාර සඳහා සිදු කළ රැස්වීම් වලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සත්‍ය ප්‍රකාශ විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    පසුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාර සඳහා සිදු කළ රැස්වීම් වලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ සත්‍ය ප්‍රකාශ විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් දැක්වුණේ,

     “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවේ පැවසූ බවටත්, එම අවස්ථාව හිරු TV ප්‍රවෘත්ති විකාශයේ පළ වූ බවද දක්වා තිබුණේ මෙලෙසින්.

    https://lh6.googleusercontent.com/CjXHYUf-kdiAxVmcqgSjMLjOP2zR1HLGviutTr37cspcS6dxOzep5xNB_KDTQ1PPLylckvp0hKbgkchqN-Oy9s5pS4ETvMgVK4ximeNPXfv_ilB6bn6zpVG5e-rdqUF3nT9ScfXh

    Facebook | Archived Link

    එමෙන්ම මෙම සටහන වෙනත් පරිශීලකයින් විසින්ද සංසරණය කර ගෙන තිබුණේ මෙලෙසින්, සහ මෙලෙසින්. Archived Link 

    එම තේමාව යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, එම ප්‍රකාශය සිදු කළ බවට 2019 වර්ෂයේ සමාජ මාධ්‍ය සටහන් වල දැක්වුණේ පහත අයුරිනි. 

    Facebook | Archived Link

    එමෙන්ම එවැනි තවත් සටහනක් ෆේස්බුක් පිටුවක් විසින් හුවමාරු කර තිබුණේ මෙලෙසින්. Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අඳ ක්‍රමය යනු අනාදිමත් කාලයේ සිට ධනවතුන්ට අයත් ඉඩම්වල අඳ ක්‍රමයට ජනතාව ගොවිතැන් කටයුතු කරනු ලැබීමයි. සමහර ඉඩම් බදු ලබාදීම කර ඇති අතර අදාළ ඉඩමේ වගාකටයුතු කර, ඉඩමේ කොටසින් සමස්ත අස්වැන්නෙන් හතරෙන් එකක් හෝ වෙනත් සාධාරණ ක්‍රමවේදයකට අස්වැන්නෙන් කොටසක් ලබාගැනීම අතීතයේ සිදුකර තිබෙනවා. මේ සම්බන්ධ ප්‍රධාන පුවත් වාර්තාවක දැක්වුණේ මෙලෙසින්.  Archived Link

    එසේ තිබියදී ‘අඳ ගොවීන්’ යනු ‘අන්ධ ගොවීන්’ බවට රටේ ජනාධිපති තුමා සහ විපක්ෂ නායක පැවසූ බවට ප්‍රකාශ කිරීම විශ්වාස කළ නොහැකි කරුණකි.

    කෙසේ වෙතත් අප කළ විමර්ශනයේදී දැක ගැනීමට හැකි වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබු ආකාරයේ ප්‍රකාශයක් කළ බවට යොදාගෙන තිබුණේ, 2019 වසරේ ඔක්තෝම්බර් 26 වන දා හිරු TV ප්‍රවෘත්ති විකාශයේ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක රැළියේදී රාජ්‍ය සේවකයින්ගේද ප්‍රශ්න විසඳන බවට පැවසූ අවස්ථාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැවසූ අවස්ථාවකි.

    එම වීඩියෝව පහතින්.

    https://youtu.be/eqZ160Cx5dM?t=535

    එම අවස්ථාවේ ජනාධිපති විසින් “ප්‍රශ්න විසඳන්න ක්‍රියාකරනවා” බවට දැක්වූ සත්‍ය පුවත මෙලෙස  “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් සංස්කරණය කර තිබුණා.

    සංස්කරණයට භාජනය වූ ඡායාරූපයේ සහ සත්‍ය ඡායාරූප අතර සංසන්දනය.

    https://lh4.googleusercontent.com/NtZtcSaga4EV3WTa_3OD0fYWmNyV72M9lV4PFt6Ubz0gqijVz9cTKa_-0BnkhGLJQPi0W1o8WShe-RxZzDp0Z4GWricfTXbHg-3u3J8kOLR_W6IAy6oU3UcX4nMDRkDV0jfDj5dU

    Read Also : ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, එවැනි ප්‍රකාශයක් කළ බවට පළ වූ බැවින් ඒ සම්බන්ධයෙන් අප විමර්ශනය කළ අතර එම ඡායාරූපයද ව්‍යාජ ලෙස සංස්කරණය කර තිබුණා.

    එම සත්‍ය වීඩියෝව පහතින්.

    https://www.youtube.com/watch?v=7-ULPFjEsjE&t=1380s

    සංස්කරණයට භාජනය වූ ඡායාරූපයේ සහ සත්‍ය ඡායාරූප අතර සංසන්දනය.

    එම අවස්ථාවේ විපක්ෂනායක වරයා විසින් පවසා තිබුණේ, “විපතට පත් මුස්ලිම් පවුල් හමුවෙන්න බැරි වුණා”  යනුවෙනි.

    Also Read : සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින්, පුවත් විකාශවල පළවූ කොටස් සංස්කරණය කරමින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි”යනුවෙන් ප්‍රකාශ කළ බවට පළ වන සටහන්  සංස්කරණය කොට නිර්මාණය කර ඇති ඡායාරූප බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.