Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඉන්දීය බිත්තර පරිභෝජනය නිසා හෘද රෝග ඉහළයාමේ ප්‍රවණතාවයක් ඇති බවට නලින් ද ජයතිස්ස ප්‍රකාශයක් සිදු කළා ද?

    2023-08-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේදී, මෙරට බිත්තර හිඟයක් ඇති වීම හේතුවෙන් බිත්තර මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළා. මීට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ද රජය පියවර ගනු ලැබුවා. මෙම ඉන්ද

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පසුගිය වකවාණුවේදී, මෙරට බිත්තර හිඟයක් ඇති වීම හේතුවෙන් බිත්තර මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළා. මීට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ද රජය පියවර ගනු ලැබුවා. මෙම ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ සමාජයේ ද කතිකාවතක් නිර්මාණය වී තිබු පසුබිමක, එම බිත්තර පරිභෝජනය කිරීම නිසා හෘද රෝග ගැටලු මතුවන බවට ජාතික ජන බලවේගයේ  නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඉන්දීය බිත්තර පරිභෝජනය නිසා හෘද රෝග ඉහළයාමේ ප්‍රවණතාවයක් තිබෙනවා” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසූ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

    එමෙන්ම අදාළ Newsfirst නිල ෆේස්බුක් පිටුවේ පළ වූ පුවතක් ලෙස දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කරගනිමින් මේ පිළිබඳ විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ඉන්දීය බිත්තර පරිභෝජනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස මහතා විසින් මෙවන් ප්‍රකාශයක් කිරීමක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබේද යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂාවක් සිදු කළා. නමුත් එලෙසින් පුවතක් වාර්තා වී තිබුනේ නැහැ.

    එමෙන් ම, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා තිබූ පරිදි ‘සිරස නිව්ස්ෆස්ට්’ ෆේස්බුක් පිටුවේ ද, එවැනි පුවතක් වාර්තා නොවී තිබුණු බව ට අපට විමර්ශනය විය. එමෙන් ම අප ඒ පිළිබඳව නිව්ස්ෆස්ට් ඩිජිටල් අංශය හරහා ද, තහුවරු කර ගන්නා ලදී.

    වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුව හරහාද , අප මෙම සටහන් සම්බන්ධයෙන් පරීක්ෂාවක් කළ අතර ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගෙන තිබූ ඡායාරූපය පසුගිය අගොස්තු 21 වන දා එම පිටුවේ පළ වී තිබූ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කළුතර ආසන හමුවේ ඡායාරූපයක් බව දැක ගන්නට ලැබුණා. එම සම්පූර්ණ සටහන මෙතනින්.

    Facebook | Archived Link

    එසේම අගෝස්තු 21 දින කළුතර ආසන හමුවේ දී නලින්ද ජයතිස්ස මහතා සිදුකළ කතාව පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබු වීඩියෝ පරික්ෂා කිරීමට ද අප උත්සුක වුණා. එවැනි වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්. එහිදී ඉන්දීය බුද්ධි අංශ කළ අනාවරණයක් සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශයක් ඉස්මතු කර තිබුණ ද ඉන්දියානු බිත්තර සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කරන බවක් අපට දැක ගන්නට ලැබුණේ නැහැ.

    මෙම අවස්ථාවේ සම්පුර්ණ වීඩියෝව පරික්ෂා කිරීමට සහ වැඩිදුර විස්තර විමසීමට අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා. ඔහු සඳහන් කළේ, තමන් ඉන්දියානු බිත්තර සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    එමෙන් ම අපෙගේ ඉල්ලීම පරිදි එම හමුවේ සම්පූර්ණ කතාව අප වෙත යොමු කරනු ලැබුවා. විනාඩි 20ක පමණ කාලයක් දිවෙන, අගෝස්තු 21 දින කළුතර ආසන හමුවේ දී නලින්ද ජයතිස්ස මහතාගේ කතාව සම්පුර්ණයෙන්ම පරික්ෂා කළ අතර එහිදී ද ඉන්දියානු බිත්තර සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සඳහන් කර නොතිබූ බව දැක ගන්නට ලැබුණා.

    ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සම්බන්ධයෙන් පුවත් වාර්තා

    ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර පරිභෝජනය සඳහා සුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බැවින් ඒවා පරිභෝජනය කිරීමට බිය නොවන ලෙස තමා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කර තිබුණා.

    එසේම මෙසේ ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර ලංකාව තුළ බෙදාහරින්න ලෙස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව කටයුතු කරන බැවින් ඔවුන්ගේ උපදෙස් පත්‍රිකාවේ සඳහන් වන පරිදි යම් පුද්ගලයෙකු ශීතකරණයක ගබඩා නොකොට දින 4 කට වැඩි කාල සීමාවක් තබන්නේ නම් එය නීතිමය වශයනේ වරදක් බවත් එසේම කල් ඉකුත්වීමේ දිනය මකා වැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර දැනටමත් ගෙන ඇති බවත් ඇතුළුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති දැක්වූ අදහස් මෙතනින්

    ආනයනය කරනු ලබන ඉන්දියානු බිත්තර සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය වාර්තා වල පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “ඉන්දීය බිත්තර පරිභෝජනය නිසා හෘද රෝග ඉහළයාමේ ප්‍රවණතාවයක් තිබෙනවා” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව ට අප කළ විමර්ශනයේදී තහවුරු වුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.