Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : අමාත්‍ය චමල් හා නාමල් රාජපක්ෂ අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

    2020-10-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රධාන පුවත් නාලිකා වල පලවී තිබු සටහන් ලෙස ව්‍යාජ සංස්කරණ යොදා ගැනීම විටින් විට දැකගන්නට ලැබෙන අතර බොහෝවිට මෙවැනි සටහන් සඳහා කාලීන මාතෘකා යොදා ගනු ලැබේ. එවැනි සංවාදය තුඩුදුන් කාලීන මාතෘකා යටතේ අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙන්ම කාඩිනල් මැල්කම් රන්

    ප්‍රධාන පුවත් නාලිකා වල පලවී තිබු සටහන් ලෙස ව්‍යාජ සංස්කරණ යොදා ගැනීම විටින් විට දැකගන්නට ලැබෙන අතර බොහෝවිට මෙවැනි සටහන් සඳහා කාලීන මාතෘකා යොදා ගනු ලැබේ. එවැනි සංවාදය තුඩුදුන් කාලීන මාතෘකා යටතේ අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙන්ම කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් අලලාද පලවී තිබු සටහන් සියල්ලම ව්‍යජා සංස්කරණ බව අපට අනාවරණය වුණා.

    රහස් පොලිස් අත්අඩංගුවට පත් විපක්ෂයේ මන්ත්‍රිවරයකු වන රිෂාඩ් බදුර්දීන්ගේ  සොහොයුරා නිදහස් වීම සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදි ඇමති චමල් රාජපක්ෂ සහ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා සුහද පිළිසඳරක යෙදී සිටින ඡායාරුප වාර්තා ප්‍රධාන මාධ්‍යයන් මෙන්ම සමාජ මාධ්‍යයෙහිද විශාල වශයෙන් හුවමාරු වීමත් සමඟ විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

    ජාතික රූපවාහිණි සංස්ථාවේ ඉදිරිපත් කිරීමක් ලෙස සැකසුණු, අමාත්‍ය චමල් රාජපක්ෂගේ සේයාරුවක “රිෂාඩ් බදියුදීන් අන්තවාදියෙක් කියල අපි කවදාවත් ප්‍රකාෂ කරල නැහැ” වදන රෝපනය කර “පීචං මහත්තයා” නමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබු සටහනක් උපහාසාත්මක ප්‍රතිචාර රැසක් සමඟ ෆේස්බුක් පරිශීලනය කරන්නන් 3000කට අධික සංඛ්‍යාවක් අතර කෙටි කාලයක් තුළදී සංසරනය වී තිබුණි.

    FacebookArchived Link

    පසුගිය දිනවල පොල් සඳහා පාලන මිලක් නියම කිරීමේ පුවත දේශපාලන වේදිකාවේද උනුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති බව අපට දැකගන්නට ලැබුණා. විශේශයෙන්ම පොල් ගෙඩියේ වට ප්‍රමානය අනුව ඒ සඳහා මිලක් නියම කර ඇති කරුන දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජ මාධ්‍ය වලද උපහාසාත්මක කෝණවලින් කතා බහට ලක්වී තිබුණා.

    මෙවන් පසුබිමක අමාත්‍ය නාමල් රාජපක්ෂමහතා විසින් පොල් හා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් ඉහත “පීචං මහත්තයා” ෆේස්බුක් පි‍ටුවේම පල කර තිබුනා. “රු 100ක් දීලා පොල් ගෙඩියක් මිලදී ගන්න බැරි මිනිස්සු අපේ රටේ නැහැ” යනුවෙන් ප්‍රකාශයක් නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකල බවත් එය නෙත් පුවත් සේවය වාර්තා කර තිබු බවත් එම ෆේස්බුක් සටහනද බොහෝ පිරිසක් උපහාසාත්මක කෝණයකින් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

    Original PostArchived Post

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    පීචං මහත්තයා ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු සටහනේ ගත කර තිබූ අන්දමේ ප්‍රකාශයක් අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් සිදුකර ඇත්දැයි තහවුරු කර ගැනීම පිණිස අප ඔහුගේ සම්බන්ධීකරන ලේකම්ට දුරකථන ඇමතුමක් ගත්තෙමු. චමල් රාජපක්ෂ අමාත්‍යවරයා කිසිවිටෙකත් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවට ඔහු අවධාරණය කර සිටියා

    රූපවාහිනී සංස්ථාවේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් ඇත්දැයි තහවුරු කර ගැනීමට, එම ආයතනයේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළද, එහි පීචං මහත්තයා ෆේස්බුක් පිටුවේ දක්වා තිබු ආකාරයේ සටහනක් නිරීක්ෂණය නොවීය.

    අනතුරුව අප ජාතික රූපවාහිණී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සමඟ සම්බන්ධ වී රුපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයක හෝ ඩිජිටල් විකාශයක මෙවැනි ප්‍රකාශයක් ඇතුලත් සටහනක් ඉදිරිපත් කර ඇත්දැයි විමසුවෙමු. ජාතික රූපවාහිණි සංස්ථාවේ ප්‍රවෘත්ති හෝ ඩිජිටල් විකාශයක මේ අන්දමේ ප්‍රවෘත්තියක් ඉදිරිපත් නොකළ බව ඔහු අවධාරනය කර සිටියා.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අලලා නෙත් නිවුස් පලකලා යයි පෙන්වූ පුවත පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා nethnews.lk නම් වෙබ් පි‍ටුවට පිවිසෙන ලෙස එම සටහනේම දක්වා තිබූ නිසා අප මේ හා සම්බන්ධ යමක් එම වෙබ් අඩවියේ පලව ඇත්දැයි පලමුව සොයා බැලුවා.නමුත් එම වෙබ් අඩවියේ මේ හා සම්බන්ද කිසිඳු පුවතක් අපට දැකගන්නට හැකි වුනේ නෑ.කෙසේ නමුත් මෙසේ පලවන ව්‍යාජ පුවත සම්බන්ධව පුවතක් එහි දක්වා තිබුනා.

    LinkArchived

    එම පුවතට අනුව “රුපියල් 100 ක් දීලා පොල් ගෙඩියක් මිලදී ගන්න බැරි මිනිස්සු රටේ නැහැ” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළ බවට නෙත් නිවුස් වෙබ් අඩවියේ නම සහ ලාංජනය උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින පුවත සාවද්‍ය බවට ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ශ මහතා තහවුරු කර ඇති බව ඔහු උපුටා දක්වමින් නෙත් නිවුස් වෙබ් අඩවිය දක්වා තිබෙනවා. එමෙන්ම nethnews.lk වෙබ් අඩවියද එසේ පුවතක් පල කර නැති බවට දක්වා තිබෙනවා.

    මේ අතර අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, නින්දා,අපහාස කිරීම ඉතාම බරපතළ වරදක් වන අතර තමා ඇතුළුව විශාල පිරිසක් මෙහී ගොදුරු බවට පත්ව තිබෙන බව සටහන් කරමින් නාමල් රාජපක්ශ මහතා ට්විටර් පනිවිඩයක්ද පසුගියදා නිකුත් කර ඇති බව අපට දැකගන්නට ලැබුනා.එම පණිවුඩය පහතින්

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “පීචං මහත්තයා” ෆේස්බුක් පිටුවේ පලවී තිබු “රිෂාඩ් බදියුදීන් අන්තවාදියෙක් කියල අපි කවදාවත් ප්‍රකාෂ කරල නැහැ” යන ප්‍රකාශය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් මෑත කාලයේ පවසා නොමැති අතර “රු 100ක් දීලා පොල් ගෙඩියක් මිලදී ගන්න බැරි මිනිස්සු අපේ රටේ නැහැ” යනුවෙන් ප්‍රකාශයක් නාමල් රාජපක්ෂ මහතා විසින්ද සිදුකර නොමැති බවයි. රුපවාහිනී සහ නෙත් නිවුස් පුවත් වල පළවූ සටහන් ලෙස පළවූ මෙම සටහන් සියල්ලම ව්‍යාජ සංස්කරණයන්ය

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.