Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පොර්ට් සිටිය නැරඹීමට පැමිණෙන අය සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

    2022-01-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලනඥයින් සම්බන්ධයෙන් පුවත් පත් වල පළ වන ලිපි ශිර්ෂයන් බොහෝ අවස්ථාවන් වලදී සංස්කරණයට භාජනය කරමින් වෙනත් අර්ථ කර්ථනයක් ලබා දෙමින් ජනතාව නොමග යෑමට ලක් කිරීම සුලබව දැක ගන්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉ

    දේශපාලනඥයින් සම්බන්ධයෙන් පුවත් පත් වල පළ වන ලිපි ශිර්ෂයන් බොහෝ අවස්ථාවන් වලදී සංස්කරණයට භාජනය කරමින් වෙනත් අර්ථ කර්ථනයක් ලබා දෙමින් ජනතාව නොමග යෑමට ලක් කිරීම සුලබව දැක ගන්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඉදිරියේදී වීසා ගන්නත් වේවි.. සබුද්ධික ජනතාව දනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්! බලන්න යන්නේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස්” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කළ ප්‍රකාශයක් පුවත් පතක පළ වූ බවට ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම සටහන සංසරණය කර ගෙන ඇති තවත් අවස්ථාවක් පහතින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම ජවිපෙ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා තුළ වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කරනු ලැබුවා.

    එවන් ප්‍රකාශයක් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කළ බවට කිසිදු පුවත් පතක වාර්තා කර නොතිබුණි.

    අප මේ පිළිබඳව කළ වැඩිදුර විමර්ශනයේදී නිරීක්ෂණය වුණේ, මේ මස(ජනවාරි) 13 වන දින මව්බිම පුවත් පතේ, 11 වන පිටුවේ, සුනිල් හඳුනෙත්ති මහතා සහභාගී වූ මාධ්‍ය හමුවක් සම්බන්ධයෙන් පළ වූ ලිපියක පසුබිම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත් ලිපියේ ඡායාරූපය සහ ආකෘතියට සමාන බවයි.

    එම පුවත් පතේ ශිර්ෂ පාඨයේ සඳහන් වූයේ,  “ගෝඨාභය ඉන්දියාව ළඟ දණගහලා තෙල් ටැංකි ගිවිසුම හොරරහසේ අත්සන් කරලා” යනුවෙනි. 

    “ඉදිරියේදී වීසා ගන්න වේවි” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනින් දැක්වූ ප්‍රකාශය සත්‍ය පුවත් ලිපියේ දැක්වෙන්නේ, “ඉංග්‍රීසීන් හදපු ත්‍රි‘මලේ තෙල් ටැංකි අපේ රටට රන් නිධානයක් වගෙයි” යනුවෙනි.

    Mawbima 

    එමෙන්ම මෙම පුවත් ලිපිය සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ෆේස්බුක් පිටුවේද දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    සත්‍ය පුවත් පත් ලිපියේ සහ සංස්කරණයට භාජනය කරන ලද පුවත් ලිපයේ සංසන්දනය පහතින්.

    වරාය නගරය සඳහා වීසා ලබා ගැනීමට සිදුවන බව බොහෝ අවස්ථාවන් වලදී දේශපාලනඥයන් විසින් ප්‍රසිද්ධ වේදිකාවේ මෙන්ම පාර්ලිමේන්තුවේදී විවාදයට තුඩු දුන් මාතෘකාවකි. එවන් අවස්ථාවක් මෙතනින්.

    අපගේ විමර්ශනයේදී හඳුන්නෙත්ති මහතා විසින් එවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න අප නිරීක්ෂණය කළ අතර පැහැදිලි සාක්ෂියත් ඒ පිළිබඳව හමුනොවූවත් වරාය නගරය සඳහා වීසා ලබා ගැනීමට සිදුවේවි යන්න කුමන හෝ කාලයක, දේශපාලන වැඩසටහනක, දේශපාලන සාකච්ඡාවක හෝ සිදු කළාද යන්න විමර්ශනය කිරීම සිදු කළ නොහැක.

    අප මේ පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසූ අතර ඔහුගේ පිළිතුරත් සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :“ඉදිරියේදී වීසා ගන්නත් වේවි.. සබුද්ධික ජනතාව දනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්! බලන්න යන්නේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස්” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රකාශ කළ බවට දැක්වීමට සත්‍ය පුවත් පතක පළ වී ලිපියක් සංස්කරණය කර තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.