Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඩ්‍රෝන සංදර්ශනයේ නොදුටු දසුන්ද?

    2022-01-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් පළ කරන ඇතැම් සටහන් සඳහා සංස්කරණයට භාජනය කරන ලද ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. එවැනි සටහන් ඔස්සේ ඇතැම් පිරිස් නොමග යවන සුළු ආකාරයෙන් පළ වන සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් පිළිබඳ

    හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් පළ කරන ඇතැම් සටහන් සඳහා සංස්කරණයට භාජනය කරන ලද ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. එවැනි සටහන් ඔස්සේ ඇතැම් පිරිස් නොමග යවන සුළු ආකාරයෙන් පළ වන සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමසුමක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Daraz ආයතනය විසින් සංවිධානය කළ DRONE සංදර්ශනයක් ඊයේ (22) ගාලුමුවදොර පිටියේදී (Galle Face Green) පැවැතිණි. කෙසේවෙතත් මෙම සංදර්ශනය අතර තුළදී සැන් සැපද? යන්න සහ ණය ගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද උඩුගුවනේ ඩ්‍රෝන මගින් පෙන්නුම් කළ බවට උපහාසත්මක කොනයෙන් පළ වූ සමාජ මාධ්‍ය දක්නට ලැබුණේ මෙලෙසින්.

    Facebook

    එම වීඩියෝව මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් 1200ක් අතර සංසරණය වී තිබුණා.

    එමෙන්ම තවත් ඡායාරූපයක දැක්වුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ එම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    ඉහත පළමු වීඩියෝවේ දැක්වෙන ලෙස සැබවින්ම Daraz ආයතනය විසින් සංවිධානය කළ DRONE සංදර්ශනයේ, ප්‍රදර්ශනය කළේද යන්න විමර්ශනය කිරීමට Daraz නිල ෆේස්බුක් ගිණුම අප නිරීක්ෂණය කරනු ලැබුවා.

    daraz from FCSL on Vimeo.

    Archived Link

    ඩ්‍රෝන සංදර්ශනයේදී ශ්‍රී ලංකාව පෙන්නුම් කරත් ඊට සමගාමීව ‘දැන් සැපද?’ යන්න උඩු ගුවනේ ප්‍රදර්ශනය නොකෙරිණි. 

    එමෙන්ම අනෙක් ඡායාරූපයේ දැක්වෙන පරිදි ‘NAYA GEWAPANG UTTO’ යනුවෙන්ද වචනයක් ප්‍රදර්ශනය නෙවුණි.

    එහි චචන වලින් පෙන්නුම් කරන ලද එකම වචනය Daraz යන වචනය පමණි.

    ඒ බවට තහවුරු කිරීම සඳහා අප වෙනත් සමාජ මාධ්‍ය පරිශීලකයින් එම අවස්ථාව වීඩියෝගත කළ වීඩියෝ කෙරෙහිද අවධානය යොමු කළ අතර එම වීඩියෝවල ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පරිදි වීඩියෝ සහ ඡායාරූප දැක ගන්නට නොලැබුණි. එම අවස්ථාවේ සත්‍ය දර්ශන මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    එමෙන්ම සංස්කරණය කරමින් දක්වා ඇති ඉහත ඡායාරූපයේ සංස්කරණය නොකළ සත්‍ය ඡායාරූපය පහතින්.

    Facebook

    හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් මෙම වීඩියෝව හා ඡායාරූපය සංස්කරණය කරමින් පළ කර තිබෙන බවට සඳහන් කළ හැක.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.