Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : “ගව මස් කෑම මිනිසාගේ අයිතියක්..සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ” – ඉරාජ් ?

    2020-12-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාව තුල ගව ඝාතනය සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර විශාල කතාබහක් ලක්වූ අතර පසුගියදා දකුණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කළ බවට පුවතක් පළවීමත් සමගම, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා ඉරාජ් වීරරත්න නිල ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක්

    ලංකාව තුල ගව ඝාතනය සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර විශාල කතාබහක් ලක්වූ අතර පසුගියදා දකුණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කළ බවට පුවතක් පළවීමත් සමගම, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා

    ඉරාජ් වීරරත්න නිල ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් ලෙස “..මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ..” යනාදී තේමාවෙන් හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සිදුකරන ලද සංස්කරණයක් බව අපගේ අනාවරණයෙන් පැහැදිලි විය

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    ඉරාජ් නිල (verified) ෆේස්බුක් පිටුවේ “ගව මස් කෑම මිනිසාගේ අයිතියක්..සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ” යනුවෙන් සඳහන් කරමින් Daily Mirror වෙබ් අඩවියේ පළකර තිබු “දකුණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්තශාලාව කටුනායක දී විවෘත වෙයි” යන පුවත හුවමාරු කරගෙන තිබු ආකාරයක් පෙන්වූ සටහනක් හුවමාරැ වී තිබුණි. එය සංසන්දනය කර තිබුනේ මීට මාස කිහිපයකට පෙර එම පිටුවේ ම පළකර තිබු බව පෙන්වන “මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට යෝජනාවක් සම්මත වෙයි!!” යනුවෙන් පලවී තිබු බව පෙන්වන සටහනකටයි.

    FacebookArchived Link
    Facebook Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු ආකාරයක් ද අපට මෙසේ දැකගනන්ට ලැබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ ආකාරයෙන් සටහනක් ඉරාජ් නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇත්දැයි පරීක්ෂා කළද එවැන්නක් දැකගන්නට ලැබුණේ නැත. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සටහනක් ඉරාජ් ශ්‍රී ලංකා (IrajSriLanka) නැමැති ෆේස්බුක් පිටුවේ දැකගන්නට ලැබුණා

    “මම මස් කන්නේ නෑ…ගව ඝාතනයට සම්පූර්ණ විරුද්ධයි ඒ වෙනුවෙන් දිගටම සටන් කරනවා මේ බෞද්ධ රටේ ගව ඝාතනය තහනම් කරන්න. මම කිසිම වෙලාවක “ගව මස් කෑම මිනිසාගේ අයිතියක්” කියා කිසිම තැනක සදහන් කරලා නෑ. මේක Fake post එකක් සමගි ජන බල වේගයේ Harin සහ Patali ගේ මඩ කැම්පේන් කරන මෝඩයෝ ටික හදපු…” යනාදී විස්තරයක් සහිතව පළකර තිබු එම සටහන පහතින්.

    https://www.facebook.com/IrajSriLanka/posts/996187744205719?__cft__[0]=AZVoq0wmSnqvI95QUabItV9QgSAVN9yIKNbpccch3d7VSKL9vk1artYfcUJbWSd-xHZr7Jgnj-dMApRLAZaqlTArYhz_B4mcWbu9Y55md-NuBxrY6QyTKE8ztwLmKXzVUeX8zRGZGwf8cjsMs2KWq2hV&__tn__=,O,P-R
    FacebookArchived

    එසේම ඩේලිමිරර් පුවත්පතේ පළවූ මෙම ලිපිය සහිත ට්විටර් පණිවුඩයක ඡායාරුපයක් ඉරාජ් නිල ෆේස්බුක් පිටුව විසින් හුවමාරු කරගෙන තිබු බව දක්වා තිබූ බවක් පෙන්වා තිබු බැවින් එම ලිපිය කවුරුන් විසින් හුවමාරු කරගෙන තිබුණේ ද යන්න පරීක්ෂා කළා. පහත දක්වා තිබෙන්නේ එම ලිපිය හුවමාරු කරගත් අයගෙන් කිහිප දෙනෙක්.

    කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම සඳහා අප ඉරාජ් නිල ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වූ අතර එහිදී ඔවුන් අපට එය ව්‍යාජ සංස්කරණයක් බව පවසමින් එම ෆේස්බුක් පිටුවේ පසුගිය දින කිහිපයේ පළවූ සටහන් පිලිබඳ වාර්තාව ලබාදුන් අතර එය පරීක්ෂා කිරීමේ දී ද මෙවැනි සටහනක් පළකර තිබුනේ නැති බව තහවුරු වුනා. අපගේ තාක්ෂණික පරීක්ෂාවේ දී ද එවැන්නක් පළකර ඉවත්කිරීමක් හෝ සිදුව නැති බව පැහැදිලි වුනා.

    එසේම මෙහි සංසන්දනය කර තිබුණේ සැප්තැම්බර් 8 වැනිදා ඉරාජ් නිල ෆේස්බුක් පිටුව විසින් පළ කරන ලද “මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට යෝජනාවක් සම්මත වෙයි!!” යනාදී සටහනක් බැවින් අප ඒ ගැනත් පරීක්ෂා කල ද දැනට එවැනි සටහනක් එම පිටුවේ දක්නට ලැබුණේ ද නැත. කෙසේ වෙතත් එවැනි සටහනක් කලින් පළකර දැනට ඉවත් කර ඇති බව අපට අපගේ තාක්ෂණික කරුණු විමර්ශණයෙන් පැහැදිලි වුණා. එසේ ඉවත් කරන ලද සටහනේ දිගුව මෙසේය.

    මේ පිළිබඳව ඉරාජ් නිල ෆේස්බුක් පිටුවෙන් ද විමසීමක් සිදු කළ විට ඔවුන් ද තහවුරු කර සිටියේ එවැනි සටහනක් සැප්තැම්බර් මාසයේදීය පළ කළද නිල ෆේස්බුක් පිටුවේ දේශපාලනික සටහන් කිසිවක් පළ නොකිරීමට තීරණය කළ බැවින් එබඳු සටහන් ඉවත් කරන ලද අතර එහිදී එම සටහන ද ඉවත් කරන්නට ඇති බවයි.

    දකුණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්තශාලාව කටුනායක දී විවෘත වෙයි යන තේමාව යටතේ සිංහල බසින් පළවූ පුවත් වාර්තාවක් මෙතනින් 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ගව මස් කෑම මිනිසාගේ අයිතියක්..සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ” යනුවෙන් ඉරාජ් නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර තිබු බවට හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සිදුකරන ලද සංස්කරණයක් බවයි. “මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට යෝජනාවක් සම්මත වෙයි!!” යනුවෙන් පසුගිය සම්තැම්බර් මස ඉරාජ් නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පලවී පසුව ඉවත්කර ඇත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.