Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මැලිබන් චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 සිට රු.300 දක්වා අඩු කරාද?

    2022-08-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාව මුහුණපාමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, උද්ධමන වේගය සීග්‍රයෙන් ගොස් භාණ්ඩ හා සේවා සියල්ලකම වාගේ මිල නොසිතූ විරූ අන්දමින් වැඩි වී තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වූයේ බිස්කට් වර්ග වල මිල ඉහළ යාම පිළිබඳවයි. එවන් පසුබිමක බිස්කට් ම

    ලංකාව මුහුණපාමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, උද්ධමන වේගය සීග්‍රයෙන් ගොස් භාණ්ඩ හා සේවා සියල්ලකම වාගේ මිල නොසිතූ විරූ අන්දමින් වැඩි වී තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වූයේ බිස්කට් වර්ග වල මිල ඉහළ යාම පිළිබඳවයි. එවන් පසුබිමක බිස්කට් මිලදී ගැනීමෙන් වැළකී සිටීමෙන් බිස්කට් මිල පහත දමන බවට දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    සුපිරි වෙළඳසැලක මැලිබන් චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 සිට රු.300 දක්වා අඩු වී ඇති බවට දක්වා තිබූ ඡායාරූයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එම ඡායාරූපය පහතින්.

    Facebook | Archived Link

    එම සටහන සංසරණය වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link |Archived Link

    එමෙන්ම මෙම ඡායාරූපයේම අඩු කළ මිල රු.250 ක් ලෙසට සඳහන් කළ ඡායාරූපයක් ද සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එම සටහන් සංසරණය වී තිබූ අවස්ථා මෙතනින් සහ මෙතනින්.  Archived Link | Archived Link

    සත්‍ය වශයෙන්ම මෙලෙසින් මැලිබන් චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 සිට 50% ක් වැනි වට්ටම් යටතේ අලෙවි කිරීමට කටයුතු කර තිබුණා ද යන්න සම්බන්ධයෙන් අප විමසා බැලීමක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන් මේ පිළිබඳ විමසා බැලීමක් සිදු කිරීම සඳහා මැලිබන් ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. 

    මැලිබන් ආයතනය

    එහිදී ඔවුන් පවසා සිටියේ, චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 ක් බවත් එහි කිසිදු වෙනසක් නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ පළවන්නේ ලබා දෙන වට්ටම් වල ඡායාරූප බවත්, ඇතැම් ඡායාරූප සංස්කරණය කර ඇති බවක් පෙනෙන බවත් ඔවුන් පවසා සිටියා.

    ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් මෙන්ම සුළු පරිමාණයෙන් පවත්වාගෙන යන වෙළඳසැල් සඳහා ද, වට්ටම් ලබා දෙන මුත්, සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පරිදි 50%ක පමණ වට්ටම් කිසිදු අවස්ථාවක ලබා නොදෙන බවත්, මැලිබන් ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය සඳහන් කළා. 

    සුපිරි වෙළඳසැල් වලින් වට්ටම් සඳහා ඉල්ලීම් කළ පසු අලෙවිකරණ අංශය ඒ පිළිබඳ කටයුතු කරන බවත්, සුපිරි වෙළඳසැල්හි Loyalty Card වැනි විධික්‍රම ඔස්සේ පාරිභෝගිකයන් සඳහා වට්ටම් ලබා දෙන බවත් එම කටයුත්ත මීට පෙර සිටම සිදු කෙරුණු බවත් ඔවුන් තවදුරටත් සඳහන් කළා.

    සීමාසහිත සිලෝන් බිස්කට් සමාගමේ (CBL)

    මන්චී ආයතනයෙන් බිස්කට් සඳහා ලබා දෙන මට්ටම් සම්බන්ධයෙන් අප මීට පෙර අවස්ථාවක ද, විමසා සිටි අතර  ඔවුන් සඳහන් කළේ ද, බිස්කට් පැකැට්ටුවල මිලෙහි කිසිදු වෙනසක් නොමැති අතර සුපිරි වෙළඳසැලවල් සඳහා 20% යනාදී පරාසයේ වට්ටම් ලබා දෙන බවයි. එම ලිපිය මෙතනින්.

    Cargills Food City

    ඉහත සමාජ මාධ්‍ය ජාලා ඡායාරූපවල දැක්වෙන සුපිරි වෙළඳසැල අයත් වන්නේ Cargills Food City ලෙස බොහෝ දෙනෙකු සඳහන් කර තිබූ බැවින් අප එහි වෙළඳ ප්‍රවර්ධන අංශයෙන්ද, විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ, ඔවුන්ගේ Loyalty පාරිභොගිකයන් සඳහා ලබා දෙන කාඩ්පතේ නාමය Rewards බවත්, කිසිදු අවස්ථාවක එය Loyalty කාඩ්පත ලෙස දක්වා නොමැති බවත් එහි දැක්වෙන්නේ Cargills Food City ශාකාවක් නොවන බවයි.

    එමෙන්ම ඔවුන් විසින් ලබා දෙන වට්ටම් 30%ක ප්‍රමාණය නොඉක්මවන අතර සතියෙන් සතිය ඔවුන් විසින් බිස්කට් වර්ග සඳහා විශේෂ වට්ටමක් ලබා දෙන බවත් ඒ අනුව එකම වර්ගයේ බිස්කට් වර්ග 2ක් ලබාගත් විට එක් පැකැට්ටුවකට 25%ක වට්ටමක් වැටෙනු බවටත්, එලෙස එම වට්ටම් හිමි වන්නේ, ඔවුන්ගේ Rewards කාඩ්පත හිමි පාරිභෝගිකයන්ට පමණක් බවත් ඔවුන් අවධාරණය කළා. 

    එසේම තම ආයනයට බිස්කට් සමාගම් විසින් බිස්කට් වර්ග විකුණන මුදලට වඩා, සමාජ මාධ්‍ය සටහන්හි දක්වා ඇති පරිදි, විශාල වශයෙන් මිල අඩු කරමින්, පාරිභොගියන් විකිණීමට කටයුතු නොකරන බවත් ඔවුන් සඳහන් කරනු ලැබුවා.

    කීල්ස් සුපර් සිල්ලර භාණ්ඩ අංශයේ කළමනාකරු (Grocery Category)

    කීල්ස් සුපර් ආයතනයේ, සිල්ලර භාණ්ඩ අංශයේ කළමනාකාරිණිය ද පැවසූවේ,  ප්‍රවර්ධන වැඩසටහන් නොයෙකුත් අවස්ථාවල ක්‍රියාත්මක වන බැවින් බිස්කට් නිෂ්පාදන සඳහා පමණක් නොව අනෙකුත් භාණ්ඩ සඳහා ද, අදාළ ආයතන හා එක්ව කීල්ස් ආයතනය මගින් ද වට්ටමක් එකතුකර පාරිභෝගිකයන් වෙත කලින් කලට වට්ටම් ලබා දෙන බවයි. නමුත් එම වට්ටම් ප්‍රවර්ධන කාල සීමාවන් තුළදී පමණක් හිමිවන බවත් ඇය පවසා සිටියා.

    ස.තො.ස

    සතොස ශාඛාවක ඉහළ කළමණාකාරීත්වයෙන් ද, අප විමසා සිටියේ මෙවැනි විශාල වශයෙන් වට්ටම් ප්‍රමාණයක් ලබා දෙනවා ද යන්නයි. ඔවුන් පවසා සිටියේ සෑම පාරිභෝගියන්ටම වට්ටම් ලබා දෙන බවත්, කිසිදු කාඩ්පතක් සතොස විසින් නිකුත් නොකරන බවයි. එමෙන්ම බිසික්ට් මිලෙහි කිසිදු අඩුවීමක් නොමැති අතර මීට පෙර සිටම වරින් වර පාරිභෝගිකයන් සඳහා වට්ටම් ලබා දුන් අතර එය උපරිමය 15% -20%ත් අතර ප්‍රමාණයකින් බවත් ඔවුන් පැවසුවා.

    කෙසේ වෙතත් ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ මීට පෙරද සංසරණය වී තිබුණේ මේ අයුරින් රුපියල් 552/- ක අගයකටයි. 

    Facebook | Archived Link

    එම ඡායාරූපයට අනුව මැලිබන් චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 ක් වන අතර Loyalty කාඩ්පත් හිමි පාරිභෝගිකයන් සඳහා එම පැකැට්ටුව රු. 552කට විකිණනු ලබන බවට එහි සඳහන් කර තිබේ. ඒ අනුව එහිදී හිමවී තිබුණේ 8%ක වට්ටමක් පමණි.

    එම ඡායාරූපය සංසරණය වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link  ඒ අනුව ඉහත ඡායාරූපය සංස්කරණයට භාජනය කරමින් සකසා ඇති බවට දැක ගන්නට ලැබේ. 

    එලෙස නොයෙකුත් මිල ගණන් යටතේ සංස්කරණය කරන ලද සියලු බිස්කට් වර්ග වල මිල දැක්වෙන තවත් සටහනක් මෙතනින්. Archived Link

    කෙසේ වෙතත් බිස්කට් නිෂ්පාදකයින් විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ, භාණ්ඩ හා සේවා වැඩි වීමේදී බිස්කට් නිෂ්පාදන පමණක් මිලදී නොගෙන සිටීමට සමාජ මාධ්‍ය හරහා ගෙන ගිය පණිවිඩය හරහා බොහෝ සෙයින් එම නිෂ්පාදන මිලදී ගැනීමෙන් වැළකී ඇති බවයි. එම වීඩියෝව පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සුපිරි වෙළඳසැල්වල මැලිබන් චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 සිට රු.300 දක්වාත් ඊටත් අඩු මිල යටතේ අලෙවි වන බවට දැක්වීමට දක්වා ඇති ඡායාරූප සංස්කරණය කරන ලද ඡායාරූප බවයි. 

    සුපිරි වෙළඳසැල් සඳහා බිස්කට් නිෂ්පාදනය කරන ආයතන විසින් 30% ට අඩු වට්ටම් ප්‍රමාණය ලබා නොදෙන බවට එම ආයතන විසින් ද, තහවුරු කර සිටින අතර බිස්කට් පැකැට්ටු වල මිල සඳහන් කර ඇති මිල අඩු වීමක් සිදු නොවූ බවත් ඔවුන් පවසනවා. 

    මේ අතර සුපිරි වෙළඳසැල් විසින් යම් කිසි කාල වකවාණු සඳහා හෝ Loyalty කාඩ්පත් වැනි ක්‍රම යටතේ ලබා දෙන වට්ටම්ද, 30% ප්‍රමාණයට අඩු වන බවත් සුපිරි වෙළඳසැල් කිහිපයක් තහවුරු කරනු ලැබුවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.