Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනාධිපතිවරයා රජයේ කාර්යාලයට ගොස් නිදා සිටින පුද්ගලයකු පසුබිම් කරගනිමින් සෙල්ෆි ඡායාරූපයක් ලබාගත්තේද ?

    2019-12-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් උනන්දුවක් දක්වයි. මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදූ පෙර දැනුම්දීමකින් තොරව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ගොස් තිබින. ජනාධිපතිවරයා එම දෙපාර්තමේ

    රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් උනන්දුවක් දක්වයි. මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදූ පෙර දැනුම්දීමකින් තොරව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ගොස් තිබින. ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවට ගොස්  ඇත්තේ එහි කටයතු විධිමත්ව සිදුවනවාද යන්න සොයාබැලීමේ අරමුණෙන්.

    ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපතරය නිකුත් කිරිම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවෙමින් සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවන ලෙස දන්වා තිබිණ.

    මෙවන් පසුබිමක ෆේස්බුක් පිටුවක “ජනාධිපතිවරයා රජයේ කාර්යාලයට ගොස් සෙල්ෆි ගනිමින් විනෝද වූ අයුරු” යනුවෙන් දමිල භාෂාවෙන් පළවූ ෆේස්බුක් සටහනක් විශාල  හුවමාරුවෙමින් පැවති අතර අප පසුගියදා ඒ පිළිබඳ සත්‍ය කරුණු විමර්ෂණයක් සිදු කළෙමු.

    මේ හා සමාන තවත් සේයාරුව සහිතව සටහන් සිංහල බසින්ද ෆේස්බුක් පිටු කිහිපයක ඉදිරිපත් වී ඇති බව නිරීක්ෂණය විය. ජනාධිපති ගෝෘඨාභය රාජපක්ෂ මහතාගේ  වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාව තුලදී ලබාගත් ඡායාරූපයක් ලෙස හැගෙන අයුරින් එම සටහන් තබා තිබේ. 

    ” නිදන් ඉන්න එකාට බුදු සරණයි..🙏😂” යනුවෙන් පළවූ ෆේස්බුක් සටහනක් පහතින්. 

    Facebook LinkArchived News Link

    ට්විටර්  සටහනක් පහතින්.

    Twitter LinkArchived Link

    එමෙන්ම මෙම සටහන් වලට ලැබුණු ප්‍රතිචාර සටහන් බොහොමයක් මෙම සේයාරුව සංස්කරණය කරන ලද්දක් බවට ද යෝජනා වී තිබුණි.මෙම සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සීඝ්‍රයෙන් හුවමාරු වී තිබුණේය. එනිසා මෙම සටහන් පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත සම්බන්දයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක්  මේ සම්බන්දයෙන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි.

    මෙම ෆේස්බුක් සටහනේ අන්තර්ගතව තිබූ ඡායාරූපය google reverse image සෙවීමකට යොමු කළෙමු. නිදා සිටින කාර්යාලීය සේවකයා සහිත ඡායාරූපය රැගත් වාර්තා රැසක් ඇති බව නිරීක්ෂණය විය. මෙම ඡායාරූපය Flicker/India වෙබ් අඩවියෙන් උපුටාගත් බවට වාර්තා තබා තිබුණේය.

    India.ca නමැති වෙබ් අඩවියේ the Exceedingly Strange YMBA  මෙම ඡායාරූපය සහිත වාර්තාවක් දක්නට ලැබුණේය. ඔවුන් මෙම වාර්තාව පළ කළ  තිබුණේ 2012 ජූලි මාසයේය. එබැවින් නිදාසිටින කාර්යාලීය සේවකයන් රැගත් සේයාරුව වර්ෂ 2012 දී ලබාගත් එකක් බවට සනාථ විය.

    LinkArchived Link

    තව දුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කළ කළෙමු. නොවැම්බර් මස 25 වැනිදා එතුමා පවුලේ සාමාජිකයින් සමග  සෙල්ෆියක් ගන්නා සේයාරුවක් එහි දක්නට ලැබුණේය. 

    LinkArchived Link

    ජනාධිපතිතුමාගේ නිල ෆේස්බුක් ගිණුමෙන් ලබා ගන්නා ලද ඡායාරූපය සංසන්දනය කිරීමේ දී පෙනී ගියේ මෙම ඡායාරූපයේ පැත්ත වෙනස් කිරීම මඟින් මෙම සංස්කරණය සිදු කරන ලද බවය.

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “ජනාධිපතිවරයා රජයේ කාර්යාලයට ගොස් නිදා සිටින පුද්ගලයකු පසුබිම් කරගනිමින් සෙල්ෆි ඡායාරූපයක් ලබාගත්තා” යයි පලවන සමාජ මධය ජාල සටහන් සියල්ල සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

    අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ නිදා සිටින කාර්යාලීය සේවකයකු රැගත් සේයාරුව 2012 වර්ෂයේදී ලබාගත් එකක් බවය. එමෙන්ම ජනාධිපතිතුමා එතුමාගේ පවුලේ සාමාජිකයින් සමග සෙල්ෆියක් ගන්නා සේයාරුව එතුමාගේ නිල ෆේස්බුක් පිටුවේ තිබූ බවද සනාථ විය. එබැවින් ජනාධිපතිතුමා නිදාසිටින කාර්යාලීය සේවකයකු පසුබිම් කරගනිමින් සෙල්ෆියක් ලබා ගන්නා ඡායාරූපය සංස්කරණය කරන ඡායාරූපයක් බවට සනාථ විය. 

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ජනාධිපතිවරයා රජයේ කාර්යාලයට ගොස් නිදා සිටින පුද්ගලයකු පසුබිම් කරගනිමින් සෙල්ෆි ඡායාරූපයක් ලබාගත්තේද ?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.