Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ‘පිරිත්’ DJ ආකාරයෙන් වාදනය වූ අවස්ථාවක සත්‍ය වීඩියෝවක් ද? (VIDEO)

    2024-06-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් නොමග යැවීමට AI ඔස්සේ නිර්මාණය කරන ලද නොයෙකුත් නිර්මාණ තුඩු දෙනවා. AI යහපත සඳහා යොදා ගත හැකි අවස්ථා ගණනාවක් තිබුණ ද, මෙය ඇතැම් අවස්ථාවල සමාජයට වැරදි තොරතුරු,

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් නොමග යැවීමට AI ඔස්සේ නිර්මාණය කරන ලද නොයෙකුත් නිර්මාණ තුඩු දෙනවා. AI යහපත සඳහා යොදා ගත හැකි අවස්ථා ගණනාවක් තිබුණ ද, මෙය ඇතැම් අවස්ථාවල සමාජයට වැරදි තොරතුරු, අසත්‍ය තොරතුරු ලබා දෙනවා මෙන් ම, නොයෙකුත් අන්දමින් සමාජයට, පුද්ගලයින්ට හානි එක් කරනවා. එලෙසින් සමාජයේ සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පිරිත් ටික විතරයි බේරිලා තිබුනෙ… එකත් හරි..” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

    මෙහි හඟවා තිබුණේ බෞද්ධ ආගමේ පිරිතක් වන “කරණීය මෙත්ත සූත්‍රය” DJ​( Disc jockey) ආකාරයෙන් සංගීත ප්‍රසංගයක වාදනය වීමට සලස්වා ඊට අගෞරවය ගෙන දී ඇති බවයි.

    FB1 | FB2

    එම වීඩියෝව WhatsApp ඔස්සේ ද, බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයේ දැඩිව විවේචනය එල්ල වූ අතර මේ පිළිබඳ සත්‍ය සෙවීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී එය මෙරට වීඩියෝවක් නොවන බව ට පෙනී යයි. එමෙන් ම එම වීඩියෝවේ පසුබිමින් “කරණීය මෙත්ත සූත්‍රය” නව සංගීත ආකාරයන් මුසු කර ගීතයක් ආකාරයට වාදනය වූව ත්, එම වඩියෝවේ සංගීතය මෙහෙය වන්නා සහ ප්‍රේක්ෂකයෝ එම සංගීතයේ තාලයෙන් පිට නර්ථනයේ යෙදෙන බව ක් ද, දැක ගන්නට ලැබේ. එය 0.28-0.38 කාල පරාසය තුළ හොඳින් නිරීක්ෂණය වේ.

    ඉහත TikTok විඩියෝව @massanomusic ලෙස හසුරුව දැක ගන්නට ලැබෙන බැවින් අප TikTok ඔස්සේ එම හසුරුව ඇති ගිණුම වෙත පිවිස එහි ඇති වීඩියෝවන් පරීක්ෂාවට ලක් කළෙමු.

    ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ “කරණීය මෙත්ත සූත්‍රය” එක් කර ඇති වීඩීයෝවේ සත්‍ය වීඩියෝව දැක ගන්නට ලැබුණු අතර එහි වාදනය වූයේ එම සූත්‍රය ඇති ගීතයක් නොව Melodic techno නිෂ්පාදකයෙකු සහ DJ කෙනෙකු වන Massano විසින් නිෂ්පාදනය කරන ලද ගීතයක් බව ට තහවුරු වුණා. 

    එම සත්‍ය වීඩියෝව පහතින්.

    @massanomusic

    Concluded my run of Central & South American dates over the weekend, it’s been such a pleasure! Looking forward to coming back soon🙏❤ #massano #techno #electronicmusic #melodictechno

    ♬ original sound – Massano

    Archived Link

    2023 වසරේ නොවැම්බර් 11 වන දින මෙම වීඩියෝව TikTok වෙතට එක් කර තිබූ අතර එහි සඳහන් වන්නේ මෙම අවස්ථාව මධ්‍යම සහ දකුණු අමෙරිකාවේ පැවැත්වූ Massanoගේ සංගීත සංදර්ශනයක අවස්ථාවක් බවයි.

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන පරිදි බුදු දහමට අපහස වන අයුරුන් “කරණීය මෙත්ත සූත්‍රය” නව සංගීත මුසු කර DJ ආකාරයට සත්‍ය වශයෙන් ම සංගීත සංදර්ශනයක වාදනය කළ අවස්ථාවක් නොවන බවට තහවුරු වේ.

    කෘතිම බුද්ධිය(AI) ඔස්සේ අපට ඡායාරූප පමණක් නොව සංගීතය, කතාවක්, ගීත පවා වෙනස් කර නව නිර්මාණ ලෙස ලබා ගැනීමට හැකියාව පවතී. මෙය ද, එලෙසින් නිර්මාණය කර පසුබිම් ගායනයක් ලෙස නිර්මාණය කර තිබේ.‍ තමන්ගේ පද පෙළකට වුවද ‍AI ඔස්සේ නව ගීතයක් ලෙසින් නිර්මාණයක් කිරීමේ හැකියාව පවතී. එසෙින් නිර්මාණය කරන ලද තවත් අවස්ථා මෙතනින්. 

    එමෙන් ම වෙනත් ඕනෑම රටක, ඕනෑම භාෂාවක ගායෙකුගේ කට හඬ අනුකරණය කරමින් AI ඔස්සේ ගීත නිර්මාණය කළ ඇති අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    AI තාක්ෂණය ඔස්සේ ගීත නිර්මාණය කළ හැක්කේ කෙලෙසද යන්න පිළිබඳ සිංහල බසින් දැක්වෙන වීඩියෝවක් මෙතනින්. ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වීඩියෝවක් මෙතනින්.

    මේ ආකාරයට කෘතිම බුද්ධිය(AI)  ඔස්සේ “කරණීය මෙත්ත සූත්‍රය” ඇතුළත් කර නිර්මාණය කරන ලද ගීතයක් වෙනත් පුද්ගලයෙකු විසින් එම සත්‍ය වීඩියෝවට එක් කර සංස්කරණය කරමින් නැවත නිර්මාණය කොට සත්‍ය වශයෙන් සංගීත ප්‍රසංගයක “කරණීය මෙත්ත සූත්‍රය” වාදනය කොට ඇති බවට හඟවා තිබේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    “කරණීය මෙත්ත සූත්‍රය” නව සංගීත ආකාරයකින් සංගීත ප්‍රසංගයක වාදනය කරමින් බුදු දහමට අගෞරව කරන ලද අවස්ථාවක වීඩියෝවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව නොමග යවන සුළු වේ. සත්‍ය වීඩියෝවේ දැක්වෙන්නේ වෙනත් සංගීතයක් භාවිත කරන අවස්ථාවක් වන අතර එම සත්‍ය වීඩියෝවේ “කරණීය මෙත්ත සූත්‍රය” වාදනය නොවේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව කෘතිම බුද්ධිය(AI) භාවිත කොට “කරණීය මෙත්ත සූත්‍රය” ඇතුළත් කර නිර්මාණය කරන ලද ගීතයක් වෙනත් පුද්ගලයෙකු විසින් නැවත සංස්කරණය කරමින් එම සත්‍ය වීඩියෝවට එක් කර නිර්මාණය කර තිබේ. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.