Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රනිල් වික්‍රමසිංහ, අනුර කුමාරගේ රැලියක් රූපවාහිනිය ඔස්සේ නරඹන අවස්ථාවක් ?

    2024-09-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මේ අතර සත්‍ය සිදුවීම් බව ට දක්වමින් සංස්කරණය කරන ලද ඡායාරූප, වීඩි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මේ අතර සත්‍ය සිදුවීම් බව ට දක්වමින් සංස්කරණය කරන ලද ඡායාරූප, වීඩියෝ ද මෙලෙසින් නොමග යන තොරතුරු වලට ඇතුළත් වෙනවා. ඒ ආකාරයෙන් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුර කුමාර දිසානායක මහතාගේ රැලියක් රූපවාහිනිය ඔස්සේ නරඹන බවට දක්වමින් වීඩියෝවක් සංසරණය වුණා.

    Fb   Facebook  | Archived Link

    එම වීඩියෝව Youtube ඔස්සේ ද, පළ වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කරගනිමින් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝව අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබූ අතර එහි ලබා දුන් ප්‍රතිඵල අනුව ලෙස මෙහි සත්‍ය වීඩියෝව සොයා ගැනීමට අපට හැකි වුණා.

    ඒ අනුව එම වීඩියෝවේ දැක්වුණේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුර කුමාර දිසානායක මහතාගේ රැලියක වීඩියෝවක් නරඹන අවස්ථාවක් නොවන බවට තහවුරු වුනා.

    එම අවස්ථාව පසුගිය ජූලි 28 වන දා ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථාවේදී ජනාධිපති විසින් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට දුරකතන ඇමතුමක් ලබා ගත් අවස්ථාවකි.

    ජනාධිපති විසින් එම වීඩියෝව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ විසින් ‘X’ හි පළ කර තිබුණේ මෙලෙසින්.

    Archived Link

    කෙසේ වෙතත් එම අවස්ථාව්දී රූපවාහිනි තිරය මත දැක්වෙන්නේ, ඉන්දීය ප්‍රවෘත්ති ආයතනයක් වන ‘Firstpost’ විසින් විකාශනය කරන ලද පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය අවස්ථාව බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

    සත්‍ය වීඩියෝව සහ සංස්කරණය කර ඇති වීඩියෝ අතර සංසන්දනය පහතින්.

    ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය වීඩියෝව සංස්කරණය කරමින් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතාගේ රැලියක් නරඹන බවට දක්වා තිබෙන බවට තහවුරු වේ.

    එමෙන් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ නරඹන බවට දක්වා තිබූ ජාතික ජන බලවේගයේ රැලිය පසුගිය ජූලි 28 වන දා හලාවත පැවති මහ රැලියක වීඩියෝ අවස්ථාවක් බවට ද, දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.(55.35 රූප රාමුව)

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුර කුමාර දිසානායක මහතාගේ රැලියක් රූපවාහිනිය ඔස්සේ නරඹන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වීඩියෝව සංස්කරණය කර ඇති වීඩියෝවක් වන අතර එම සත්‍ය අවස්ථාවේ රූපවාහිනි තිරය මත දැක්වෙන්නේ, ඉන්දීය ප්‍රවෘත්ති ආයතනයක් වන ‘Firstpost’ විසින් විකාශනය කරන ලද පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය අවස්ථාවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.