Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අ.පො.ස. උසස් පෙළ විභාගය, 2023 පෙබරවාරි දක්වා කල් ගියාද ?

    2022-06-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : 07/05/22 2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අද(05) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවා. Facebook ලංකාව

    Update : 07/05/22

    2022 වසරේ උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් 28 වැනිදා ආරම්භ වී දෙසැම්බර් මස 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අද(05) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවා.

    Facebook

    ලංකාව මුහුණපා තිබෙන ඉන්ධන අර්බුදය, අනෙකුත් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැඩිව බලපෑමක් එල්ලකර තිබෙනවා. සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන්ට ද, පාසල් වෙත පැමිණිම ඉමහත් ගැටලුවක් බවට පත්වීම හේතුවෙන්, කොළඹ නගර සීමාවේ රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් තාවකාලිකව වසා දැමීමටත්, අධ්‍යාපන කටයුතු මාර්ග ගත (online) ක්‍රම ඔස්සේ සිදු කිරීමටත් පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලැබුවා.

    මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ, මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ‍ උසස් පෙළ විභාගය, ලබන වසර දක්වා කල් දැමූ බවට ද නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. එහි මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. 

    සමාජ මාධ්‍ය සටහන් :

    2022.10.17 දිනට සංශෝධනය වී තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 පෙබරවාරී මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති බව හඟවමින් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

    Facebook | Archived Link

    එහි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, රටේ පවතින අර්බුදකාරී හේතුන් නිසාවෙන් හා දීර්ඝ කාලයක් පුරා පැතිර තිබූ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පීඩිත පාසල් ළමුන් උදෙසා මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි.

    අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අත්සන් කළ අමාත්‍යංශ ලිපි ශීර්ෂයක පළවූ නිවේදනයක් ලෙසින් පළවූ එම ලිපිය ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ තවත් අවස්ථාවන් මෙතනින් සහ මෙතනින්. Archived Link  | Archived Link 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමා ඇති බවට නිවේදනයක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ නිල පුවතක්, මෙතෙක් වාර්තා වී නොතිබුණි.

    කෙසේනමුත් අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගිය ජූනි 02 වන දා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනු ලැබුවේ මෙලෙසින්.

    ඉන් අනතුරුව උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් තොරතුරක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සඳහන් කර තිබෙනු අපට දැක ගන්නට නොලැබුණි.

    කෙසේ වෙතත් එවැනි නි‍වේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ(19) දින නිකුත් කර තිබුණාද යන්න පිළිබඳව අප කළ නිරීක්ෂණයේදී ද තහවුරු වූයේ, එලෙස නිවේදනයක් නිකුත් කර නොමැති බවයි.

    රංජිත් චන්ද්‍රසේකර මහතා

    එසේම ඉහත ලිපියේ දක්වා තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වන රංජිත් චන්ද්‍රසේකර මහතා ගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර තිබූ බවයි. අප එතුමාව දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, මෙම නිවේදනය තමා 2020 වසරේ එම තනතුරේ සිටය දී නිකුත් කල නිවේදනයක් සංස්කරණ කරමින් පළකර ඇති ව්‍යාජ සටහනක් බවයි. එසේම රංජිත් චන්ද්‍රසේකර මහතා දැනට අධ්‍යාපන අමාත්‍යාශයේ විද්‍යා පීඨ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරනු ලබනවා.

    විභාග කොමසාරිස් ජනරාල් – එල්.එම්.ඩී ධර්මසේන මහතා

    විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් නොකළ බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නිවේදනය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සටහනක් බවයි ඔහු ද පෙන්වා දුන්නේ.

    කෙසේ වෙතත් මේ වන විට උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින වකවාණුව පිළිබඳ නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත්, උසස් පෙළ විභාගය 2023 දක්වා කල් දැමීම සඳහා පාසල් සිසු සිසුවියන්ගේ ඉල්ලීම් ලැබෙන බවත්, නමුත් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

    උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නිශ්චිත දින වකවාණුවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුතු කළ පසු ඒ පිළිබඳ සඳහන් කරමින් මෙම පුවත් ලිිපිය යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අ.පො.ස. උසස් පෙළ විභාගය 2023 දක්වා කල් දැමූ බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසණය වන නිවේදනය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද නිවේදනයක් බවයි.

    විභාග කොමසාරිස් එල්.එම්.ඩී ධර්මසේන මහතා සහ හිටපු අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වන රංජිත් චන්ද්‍රසේකර මහතා තහවුරු කළේ, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි නිවේදනයක් නිකුත් නොකළ බවයි.

    එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වීමට නිශ්චිත දින වකවානු පිළිබඳව අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

    Also Read:

    සතියට දින 3ක් පමණක් පාසල් පැවැත්වීමේ තීරණයක් ?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-06-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.