Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ප්‍රදර්ශනය කෙරේ

    2024-10-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපේක්ෂකයා අපේක්ෂකයා වැය කළ මුදල අපේක්ෂකයා වෙනුවෙන් පක්ෂය වැය කළ මුදල රනිල් වික්‍රමසිංහ රු. 990,327,687.16 ස්වාධීන අපේක්ෂක සජිත් ප්‍රේමදාස රු. 936,258,524.60 රු.194,087,715.04 අනුර කුමාර ද

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අපේක්ෂකයා

    අපේක්ෂකයා වැය කළ මුදල

    අපේක්ෂකයා වෙනුවෙන් පක්ෂය වැය කළ මුදල

    රනිල් වික්‍රමසිංහ

    රු. 990,327,687.16

    ස්වාධීන අපේක්ෂක

    සජිත් ප්‍රේමදාස

    රු. 936,258,524.60

    රු.194,087,715.04

    අනුර කුමාර දිසානායක

    –

    රු.527,999,889.38

    නාමල් රාජපක්ෂ

    –

    රු. 388,939,085.00

    දිලිත් ජයවීර

    රු. 324,643,246.05

    –

    2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාය. දෙවෙනියට වැඩිම වියදමක් දැරූ අපේක්ෂකයා වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ස්වාධීන අපේක්ෂකයින් අතරින් වැඩිම වියදමක් සිදුකළ අපේක්ෂකයා ද ඔහු වෙයි.

    මෙවර ජනාධිපතිවරණය ජයගත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කිසිඳු පෞද්ගලික වියදමක් දරා නොමැති බව ඔහු මැතිවරණ කොමිසමට එවූ වාර්තාවේ දැක්වෙයි. ජනාධිපතිවරණයේදී සිව්වැනි ස්ථානය හිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික මුදලින් කිසිඳු වියදමක් දරා නොමැත.

    ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත් වූ ව්‍යවසායක දිලිත් ජයවීර සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 324,643,246.05ක මුදලක් වියදම් කර තිබෙන අතර එම මුදල් ඔහු පෞද්ගලිකවම දරා ඇති අතර ඔහු වෙනුවෙන් පක්ෂය කිසිඳු වියදමක් දරා නොමැත.

    2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් වියදම් කළ මුදල් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත ප්‍රකාරව සියලු කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණි. ඒ අනුව, එක් අපේක්ෂකයෙකුට එක් ඡන්දහිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109ක උපරිමයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණි.

    එමගින් එක් අපේක්ෂකයෙකුට සියලුම ඡන්ද දායකයින් වෙනුවෙන් රුපියල් 1,868,298,586ක මුදලක් වියදම් කිරීමට අවසර හිමි වුණි.

    ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 38 දෙනෙකු අතරින් එම වියදම් වාර්තා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 දෙනෙකු පමණි. පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබේ.

    Also read ජනාධිපතිවරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුයේ කවුරුන් ද ?

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.