Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිතා සජබයෙන් තරග කරන්නේ නැහැ!

    2024-10-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රංගන ශිල්පිනි දමිතා අබේරත්න , පසුගිය අරගල සමයේ ජනප්‍රිය චරිතයක්. ඒ සමගම ඇය සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලාවලත් පැතිරුනා. කෙසේ වෙතත් මෙම ඇතැම් ප්‍රචාර නොමගයවන සුළුයි. අරගලයෙන් අනතුරුව ඇය ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රංගන ශිල්පිනි දමිතා අබේරත්න , පසුගිය අරගල සමයේ ජනප්‍රිය චරිතයක්. ඒ සමගම ඇය සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලාවලත් පැතිරුනා. කෙසේ වෙතත් මෙම ඇතැම් ප්‍රචාර නොමගයවන සුළුයි. අරගලයෙන් අනතුරුව ඇය සමගි ජන බලවේගය සමග එක්වුණා. ඇය මහ මැතිවරණයට ඉදිරිපත්වන බවට ආදී වශයෙන් සමාජ ජාලාවල පැතිරුණ ප්‍රචාර සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් මේ.

    සමාජ ජාලා සටහන් 

    පසුගිය දින කිහිපය පුරාම සමාජ ජාලාවල පැතිරුණු සටහන්වල දැක්වුණේ දමිතා සජබයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවක් .

    FB | Archived

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Explainer (කරුණු විමසා බැලීම) 

    2022 ලංකාවේ පැවති අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය, ඉන්පසුව පසුගිය ජනාධිපතිවරණ සමයේ ද සමගි ජන බලවේගයේ ප්‍රචාරණ කටයුතුවලට ඇය සෘජුවම සම්බන්ධ වී තිබුණා.

    එසේම සජබ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට, දමිතා අබේරත්න නාමයෝජනා වලට අත්සන් තබා ඇති බව මීට දින කිහිපයකට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලද මෙසේ සඳහන්ව තිබුණා.

    කෙසේ නමුත් සජබය විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බාරදුන් අවසාන නාමයෝජනා ලයිස්තුවේ ඇගේ නම සඳහන්ව තිබුණේ නැහැ. එයට හේතුව ලෙස රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන සදහන් කරන්නේ රත්නපුර දිස්ත්‍රික්ක තුල කාන්තා නියෝජනයකට ඉඩ හසර ලබාදීම සඳහා මේ ආකාරයට ජාතික දේශපාලනයේ නිරත, පිට දිස්ත්‍රික්කයකින් පැමිණි දමිතාට නාමයෝජනා ලබා නොදීමට පක්ෂය අවසානයේ තීන්දු කල බවයි. හේෂා විතානගේ ප්‍රකාශය මෙතනින්.

    අපි මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කල අතර එහිදී ඔවුන් පැවසුවේ දමිතා අබේරත්න රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් නොවන අතර වෙනත් දිස්ත්රිකයකින්ද නාමයෝජනා ලබා නොදෙන බවයි. එමෙන්ම ඇය ජාතික ලයිස්තුවේද නොමැති බවත් ඔවුන් පැවසුවා.

    එසේම, කාන්තා නියෝජනය රත්නපුරයෙන් වැඩි කිරීම සඳහා තමාට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කරන ලෙස ඇරයුම් කලේ ද එම දිස්ත්‍රික් සංවිධායක හේෂා විතරාණ බව සඳහන් කරමින් දමිතා පවසන්නේ, මෙසේ අවසන් මෙහොතේ සිය නම ඉවත් කරමින්, තම අයිතිවාසිකම් කඩවී ඇති බවක්. මේ ගැන අධිකරණයේ සහය පතන බවත්, කිසි ලෙසකත් පක්ෂ නායකත්වය (සජිත් ප්‍රේමදාස මහතා) සමඟ විරසකක් නොමැති බවත්, ඔහු තමාට සාධාරණයක් කරනු ඇති බවත්, ඇතුළුව මෙම සිදුවීමෙන් පසුව මාධ්‍ය වෙත දමිතා අදහස් දක්වා තිබු අයුරු පහතින්.

    https://www.facebook.com/NewsfirstSL/videos/1078886213832443/

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.