Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අශේන් සේනාරත්න ගෑස් සිලින්ඩරයෙන්? මාලිමාවෙන් ? ඇත්ත දැනගන්න කියවන්න!

    2024-10-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නවක මුහුණු රැසක් ඉදිරිපත් වීමට නියමිත අතර මේ සඳහා සමාජයේ නමක් දිනා ගත් තරුණයන් ප්‍රමුඛව සිටින බවට දැක ගන්නට ලැබෙනවා. ඔවුන් ඉදිරිපත් වන ලකුණු, පක්ෂ සම්බන්ධයෙන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නවක මුහුණු රැසක් ඉදිරිපත් වීමට නියමිත අතර මේ සඳහා සමාජයේ නමක් දිනා ගත් තරුණයන් ප්‍රමුඛව සිටින බවට දැක ගන්නට ලැබෙනවා. ඔවුන් ඉදිරිපත් වන ලකුණු, පක්ෂ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විමසිලිමත් වන අතර ඒ නිසාම ඒ හා සම්බන්ධ නොමග යන සුළු තොරතුරු පැතිර යනු ලබනවා. 

    එලෙසින්, සමාජ මාධ්‍ය ඔස්සේ කරලියටපැමිණි අශේන් සේනාරත්න සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ‘අශේන්’ මහ මැතිවරණයෙන් ගෑස් සිලින්ඩරයෙන් තරඟ කරන බවට සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

       

    Facebook | Archived Link  FB

    එමෙන් ම තව ත් TikTok හි පළ වූ වීඩියෝවක, අශේන් මාලිමාවේ සලකුණ සහිත T-ෂර්ට් එකක් පැළඳ සිටින බවක් දක්වමින් එමඟින් පෙන්වා දුන්නේ, ඔහු ජාතික ජන බලවේගයෙන් තරඟ කරන බවක්.

    Tiktok Link  | Archived Link 

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු මෙන් ම යූ ටියුබ් ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්න විසින් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබුණු අතර තමන් තරඟ වදින්නේ, සිලින්ඩරය හෝ මාලිමා ලකුණින් බවට ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා. නමුත් අපට ඔහු විසින් එම ලකුණු වලින් හෝ තරඟ කරන බවට කළ සඳහනක් දැක ගන්නට නොලැබුණි.

    අශේන් තරග කරන සලකුණ ගැන පටලැවිල්ල

    පසුගිය ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී, අශේන් සේනාරත්න විසින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා. ඒ ඔස්සේ, බොහෝ පිරිසක් උපකල්පනය කළේ, පසුගිය ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින්, අශේන් ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවටයි.

    මේ අතර ඉහත සමාජ මාධ්‍ය සටහන මාධ්‍යවේදී ලහිරු මුදලිගේ විසින් පළ කර තිබූ අතර (මේ වන විට ඉවත් කර ඇත) අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, අශේන් සේනාරත්න විසින් තමන් තරඟ කරන්නේ, ගෑස් සිලින්ඩරයෙන් බවට පැවසූ බවයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් , මීට දින කිහිපයකට පෙර අශේන් සේනාරත්නගෙන් ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තමන්ට කිසිදු අවස්ථාවක ජාතික ජන බලවේගයෙන් තරඟ කිරීමයට අවස්ථාවක් හිමි නොවන බවයි. නමුත් එම අවස්ථාවේ තමන් තරඟ වදින පක්ෂය සම්බන්ධයෙන් ඔහු අප සමගින් ප්‍රකාශයක් සිදු කළේ නැහැ.

    නමුත් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කරමින් අශේන් සඳහන් කළේ, තමන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවයි.

     

    එමෙන් ම අශේන් සේනාරත්න විසින් ජාතික ජන බලවේගයේ කමිසයක් ඇඳ සිටි ඇති බවට හුවමාරු වන්නේ ද සංස්කරණය කරන ලද සේයාරුවක්. 2023 නත්තල් සමයේ ලබාගෙන තිබු එහි සත්‍ය ඡායාරූපයේ අශේන් ඇඳ සිටින්නේ තනි සිදු T-ෂර්ට් එකකි. 

    View this post on Instagram

    A post shared by Ashen Senarathna (@ashensrilanka)

    ගෑස් සිලින්ඩරය‘ ලකුණින්‘ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින්නේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණය සඳහා මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා ‘ගෑස් සිලින්ඩරය’ සලකුණ තම පක්ෂයට ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමක් සලකා බලමින්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් තරග කරන බව, මැතිවරණ කොමිෂන් වෙබ් අඩවියේ ද දක්වා තිබුනේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අශේන් සේනාරත්න තරග කරන ලකුණ ගෑස් සිලින්ඩරය බවට හෝ මාලිමාව බවට හෝ දක්වා තිබෙන සටහන් අසත්‍ය වන අතර ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිත බවයි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-10-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.