Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

    2024-10-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් ස

    2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

    එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PE/2024/27) නිකුත් කර තිබේ.

    මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින විසි එකක් (21) ඇතුළත අදාල වන පරිදි පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දෙනු ලැබිය යුතු බවත් සඳහන්.

    අපේක්ෂකයා වෙනුවෙන් පිළිගනු ලැබූ හෝ භාරගනු ලැබූ පරිත්‍යාග හෝ දායකත්ව සහ එම පරිත්‍යාග හෝ දායකත්ව ද්‍රව්‍යමය වශයෙන් ලැබුණේ නම් ඒවායේ ඇස්තමේන්තු වටිනාකම, එකී දායකත්ව පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල් අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන් ද යන වග සඳහන් කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ, මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 114 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති බවයි.

    ඒ අනුව, එක් ඡන්දායකයෙකු වෙනුවෙන් උපරිම මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය ගම්පහ සහ කොළඹ වේ. එම දිස්ත්‍රික්කවල අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 5,750,000 වන අතර එම දිස්ත්‍රික්කය වෙනුවෙන් පක්ෂයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 79,493,756 වේ.

    අවම මුදලක් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වනුයේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 4,327 වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-10-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.