Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2024 මහ මැතිවරණයේ පිළිගත් සහ ප්‍රතික්ෂේප වූ නාම යෝජනා

    2024-10-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින්එකතුවන්න. නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා, දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමින්, පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා ඉදිරිපත් කෙරුණි. මැත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින්එකතුවන්න.

    නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා, දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමින්, පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා ඉදිරිපත් කෙරුණි.

    මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ, ජාතික ලැයිස්තු නාම යෝජනා පත්‍ර ද ඇතුළුව, ඉදිරිපත් වී තිබු සම්පුර්ණ නාම යෝජනා පත්‍ර 786ක් බවයි. ඒ අතරින් නාමයෝජනා පත්‍ර 70ක් ප්‍රතික්ෂේප වී ඇති අතර අවසන් වශයෙන් පිළිගත් නාම යෝජනා 716 නියෝජනය කරමින්, ජාතික ලැයිස්තු අපේක්ෂකන් ද ඇතුළුව, සමස්ත අපේක්ෂක සංඛ්‍යාව 8821ක් බව කොමිෂමේ නිල නිවේදනයේ සඳහන්.

    එසේම පිළිගත් නාම යෝජනා නියෝජනය කරමින්, අපේක්ෂකයින් 8,352ක් මෙවර පාර්ලිමේන්තුව මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වී තිබේ. ඒ අතරින් අපේක්ෂකයින් 5,006ක් ලියාපදිංචි දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ද ඉතිරි අපේක්ෂකයින් 3346 ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් ද මැතිවරණයට තරඟ කෙරේ.

    අපේක්ෂිත ලෙස වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් සහිත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. කෙසේනමුත් තෙවනුවට වැඩිම අපේක්ෂක නියෝජනයක් තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්. එසේම අඩුම අපේක්ෂක නියෝජනයක් තිබෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙනි.

    https://drive.google.com/viewerng/viewer?url=https://srilanka.factcrescendo.com/pdf_upload/mrpe202421s-815451.pdf

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    S

    Sachintha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.