Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මැතිවරණ දිනයේ දි ඔබ විසින් නොකළ යුතු දේවල් මොනවාද?

    2024-09-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීම පවත්වන දින (21) ඒ ඒ ඡන්ද පොළ සීමාව ඇතුළත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝ මීටර භාගයක දුර ප්‍රමාණයක් ඇතුළත දී කිසිම තැනැත්තකු විසින් පහත දැක්වෙන ක්‍රියා අතුරින් කිසිවක් නොකළ යුතු බවත් එම විධි විධාන කඩ කරන සෑම තැනැත

    ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීම පවත්වන දින (21) ඒ ඒ ඡන්ද පොළ සීමාව ඇතුළත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝ මීටර භාගයක දුර ප්‍රමාණයක් ඇතුළත දී කිසිම තැනැත්තකු විසින් පහත දැක්වෙන ක්‍රියා අතුරින් කිසිවක් නොකළ යුතු බවත් එම විධි විධාන කඩ කරන සෑම තැනැත්තෙකුටම දඩුවම් පැමිණ විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

    • ඡන්ද ආයාචනා කිරීම.
    • යම් ඡන්ද හිමියකුගේ ඡන්දය ඉල්ලීම.
    • යම් නිශ්චිත අපේක්ෂකයකුට ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියකු පෙළඹවීම.
    • තෝරා පත්කර ගැනීමේ දී ඡන්දය නොදෙන ලෙස යම් ඡන්ද හිමියකු පෙළඹවීම.
    • තෝරා පත්කර ගැනීමට අදාළව, (යම් නිල අත් පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක්, ඡායාරූපයක් හෝ චිත්‍රයක් හෝ දැන්වීමක් නොවන) යම් අත් පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක්, ඡායාරූපයක් හෝ චිත්‍රයක් හෝ දැන්වීමක් හෝ යම් අපේක්ෂකයකුට වෙන් කර ඇති යම් ලකුණක් බෙදා දීම හෝ ප්‍රදර්ශනය කිරීම.
    • ඡන්ද විමසීම් දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත / වීඩියෝගත කිරීම හෝ සමාජ ජාලා ඔස්සේ මුදාහැරීමට කටයුතු කිරීම.

    මෙවැනි ක්‍රියාවන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වේ. එම නිසා එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලු සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හිමියන් හා පරිපාලකයන් දැනුම් දෙනු ලැබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.