Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය : වැදගත් දින වකවානු

    2024-09-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය 24 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර

    පසුගිය 24 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරයේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර හා 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

    ඒ අනුව, 2024 නොවැම්බර් 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තොරා පත්තර ගන්නා දිනය නොවැම්බර් මස 14 වන දිනය නියම කර තිබෙනවා.

    මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වන දා සිට ඔක්තෝබර් 11 දහවල් 12.00 දක්වා සිදු කරනු ලැබේ.

    1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඉහත මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත්කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයක් මඟින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් මැතිවරණ කොමිසම විසින් නිවේදනයකින් පළ කර තිබුණා. පිළිගත් දේශපාලන පක්ෂ විසින් ඇප මුදල් තැන්පත් කළ යුතු නැති බව ත් එහි වැඩි දුරටත් සඳහන්.

    2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය

    අවසන් වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත් වන ලද්දේ 2020 වසරේදීය. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ වැඩිම ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලදී. පාර්ලිමේන්තු ආසන හිමිකර ගත් අනෙකුත් පක්ෂ වනුයේ සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, ජාතික ජන බලවේගය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂයයි. එක් එක් පක්ෂයට ආසන වෙන් වූ ආකාරය පහතින්.

    parliament.lk

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.