Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු කරුණු

    2024-10-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කළ යුතු තැනැත්තන්ගේ ලැයිස්තුව (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ලැයිස්තුව) පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාවෙන් මාධ්‍ය නිවේදනයක් (PE/2024/17) නිකුත් කර තිබේ. ඒ අන

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කළ යුතු තැනැත්තන්ගේ ලැයිස්තුව (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ලැයිස්තුව) පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාවෙන් මාධ්‍ය නිවේදනයක් (PE/2024/17) නිකුත් කර තිබේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක් / ස්වාධීන කණ්ඩායමක් විසින්ම ජාතික ලැයිස්තුව යටතේ තෝරාපත් කර ගනු ලැබීමට සුදුසු කම් ඇති තැනැත්තන්ගේ ලැයිස්තුවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතු බවත්, ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු කරුණු පිළිබඳවද් නිවේදනයෙන් දැනුම් දී තිබේ.

    ඒ අනුව, ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී;

    සියළුම ජන කොටස්වල නියෝජනය ජාතික ජන සංඛ්‍යා අනුපාතයට අනුකූලවන බව හැකිතාක් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු වේ.

    ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් අත්‍යවශ්‍ය වන බවත් සැලකිය යුතු ය.

    ජාතික ලැයිස්තුවේ නම් සඳහන් තැනැත්තන් හෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී යම් මැතිවරණ කොට්ඨාසයක් සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රයක නම් ඇතුළත් තැනැත්තන් හැර වෙනත් තැනැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට හැකියාවක් නොමැත.

    තවද, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂක ලැයිස්තුව භාරදෙන අවස්ථාවේදී 2023 අංක 9 දරන දුෂණ විරෝධි පනත ප්‍රකාරව ජාතික ලැයිස්තුවේ සියළුම අපේක්ෂකයන් ද ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වේ.

    නාම යෝජනා කාලසීමාව, එනම් 2024.10.04 දින සිට 2024.10.11 දින මධ්‍යහන 12.00 අතර කාලය වන අතර එම කාල සීමාවේදී, අදාල පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක් / ස්වාධීන කණ්ඩායමක් විසින්ම ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිෂම් සභාව වෙත භාර දිය යුතු වේ.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.