Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නාම යෝජනා ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

    2024-10-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12 ට අවසන් වුනා. නාම යෝජනා 764ක් ලැබී අති අතර එයින් නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12 ට අවසන් වුනා. නාම යෝජනා 764ක් ලැබී අති අතර එයින් නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දුන්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම ගැන, සමාජයේ කතාබහක් ඇතිවී තිබුණා.

    මේ හේතුවෙන්, නාම යෝජනා භාර දීම සහ ඒවා ප්‍රතික්ෂේප වන අයුරු ගැන තොරතුරු සොයා බැලීමක් සිදුකළා.

    නාම යෝජනා පත්‍රය, පිළිගත් දේශපාලන පක්ෂයක් සම්බන්ධයෙන් වන විට, ඒ පක්ෂයේ ලේකම් විසින් හෝ ඒ නාම යෝජනා පත්‍රයේ මුලින් ම නම සඳහන් අපේක්ෂකයා විසින් ද ස්වාධින කණ්ඩයමක් සම්බන්ධයෙන් වන විට කණ්ඩායම් නායකයා විසින් ද, නාම යෝජනා කාලසීමාව ඇතුළත සාමාන්‍ය කාර්යල වේලා අතරතුර දී තේරීම් භාර නිලධරයාගේ කාර්යාලයේ දී තේරීම් භාර නිලධරයා වෙත භාර දිය යුතු බව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 15 (4) සහ (5) හි සඳහන් වෙනවා.

    Also read: නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය.

    නාම යෝජනා ප්‍රතික්ෂේප විය හැකි ක්‍රම (පාර්ලිමේන්තු පනතේ 19 (1))

    (අ) 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු පනතේ15 වන වගන්තියේ (4) වන උපවගන්තියේ හෝ (5) වන උපවගන්තියේ විධි විධ නවලට අනුකූලව භාර දී නොමැති යම් නාම යෝජනා පත්‍රයක්; හෝ

    (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස් ථාවේ (2) වන අනුව්‍යවස්ථාව අනුව නාම යෝජනා කරනු ලැබීමට නියමිත අපේක්ෂකයන් මුළු සංඛ්‍යාව ඇතුළත් නොවන යම් නාම යෝජනා පත්‍රයක්; හෝ

    (ඈ) 16 වන වගන්තියෙන් නියමිත තැන්පත් මුදල තබනු නො ලැබුවේ යම් නාම යෝජනා පත්‍රයක් සම්බන්ධයෙන් ද ඒ නාම යෝජනා පත්‍රය; හෝ

    (ඈ) නාම යෝජනා කරනු ලැබූ එක් අපේක්ෂකයකුගේ හෝ ඊට වැඩි දෙනෙකුගේ කැමැත්ත නාම යෝජනා පත්‍රයෙහි පිට සන් කර නොමැති අවස්ථාවක ඒ නාම යෝජනා පත්‍රය; හෝ

    (ඉ) පිළිගත් දේශපාලන පක් ෂයක් සම්බන්ධයෙන් වන විට එහි ලේකම්ගේ අත්සන හෝ ස්වාධීන කණ්ඩායමක් සම්බන්ධ යෙන් වන විට කණ්ඩයම් නායකයාගේ අත් ත්සන නාම යෝජනා පත්‍රයෙහි තබා නොමැති අවස් ථාවක හෝ 15 වන වගන්තියේ (3) වන උපවගන්තියෙන් නියමිත පරිදි ඒ අත්සන සහතික කොට අත්සන් තබා නොමැති අවස් ථාවක ඒ නාම යෝජනා පත්‍රය

    අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳව අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, ඉහත පළමු කරුණ වන, 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු පනතේ15 වන වගන්තියේ (4) වන උපවගන්තියේ හෝ (5) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව භාර දී නොමැති නාම යෝජනා පත්‍රයක් වීමයි.

    කෙසේවෙතත් ඒ පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අශේන් ද සිය විරෝධය දක්වා තිබු අතර මැතිවරණ කොමසාරිස් වරයා පැහැදිලි කරන්නේ, එම ක්‍රියාවලිය පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව සිදුව ඇති බවත්, වෙනත් පුද්ගලයින්ගේ ද මේ හේතුව නිසාම මෙවර ද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබු බවත්, අශේන් ට තමා ට අසාධාරණයක් සිදුව ඇති බව හැඟෙන්නේ නම්, ඒ තීරණය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඔහුට පවතින බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.