Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම සිදු වන්නේ මෙහෙමයි

    2024-09-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කර සිටියේ, නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බවයි. මේ අතර තැපැල් ඡන්ද ගණන්කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්. ගණන් ක

    මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කර සිටියේ, නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බවයි. මේ අතර තැපැල් ඡන්ද ගණන්කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන්. ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදා ඇති බවත් පැවසූහ.

    පළමුව ගණන්කිරීම කරනු ලබන්නේ එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම් බවත්, එම ගණනය කිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් මට්මින් ගණන් කිරීම් සිදුවේ. පළමුව ඡන්ද පෙට්ටිවල තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම සිදු කරන බවත් සඳහන්. ඉන් පසු එක් එක් අපේක්ෂකයාට ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කර, එය ඡන්ද ප්‍රදේශ මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සකස් කිරීම සිදු කරනු ලැබේ.

    මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් සමස්ත ප්‍රතිඵලය ගණනය කරනු ලබයි. කිසියම් අපේක්ෂකයෙකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් හෝ එකක් ලැබිලා තියෙනවාද යන්න නිරීක්ෂණය කරනු ලබන අතර කිසිම අපේක්ෂකයෙකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ප්‍රකාශ වී ඇත්නම්, ඒ අවස්ථාවේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වන අතර ජනාධිපතිවරයා කවුද යන්න ප්‍රකාශයට පත් කරනු ලැබේ. යම් හෙයකින් කිසිඳු අපේක්ෂකයෙකුට සියයට 50%ක් හෝ එකක් ලැබී නැතිනම්, මනාප ගණන් කිරීමේ අවස්ථාවට යා යුතු වන බවත්, එහිදී සිදුවන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා තරගයේ ඉතිරි කර ඉතිරි අපේක්ෂකයන් තරගයෙන් ඉවත් කිරීම වේ.

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් පසුගියදා (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මේ බව සඳහන් කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.