Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදු වුවහොත් අවසන් ප්‍රථිපලය ප්‍රමාද විය හැකියි.

    2024-09-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරා. එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත

    යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරා.

    එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද ඔහු පෙන්වා දුන්හ. එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    මේ නිසා ඡන්දපොළවල් අතර ගැවසීමෙන්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිතරවීමෙන්, ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටි අතර නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙන බවත් සඳහන් කරා. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිද හමුදාව සූදානමින් තබා තිබෙන බවත් කොමිසමේ සභාපති වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් පසුගිය දා (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.