Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීමේ තීරණයක?

    2023-01-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණයට පැවැත්වීමට ඇත්තේ තවත් මාසයක පමණ කාලයක් පමණී. මේ අතර තුර මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීම පිළිබඳ රාවයක් සමාජ මාධ්‍

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණයට පැවැත්වීමට ඇත්තේ තවත් මාසයක පමණ කාලයක් පමණී. මේ අතර තුර මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වීම පිළිබඳ රාවයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බවට සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    ෆේස්බුක් පිටු ඔස්සේ මෙම සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    ඒ බව සඳහන් කරමින් පළ වූ වෙබ් වාර්තාවක් පහතින්.

    iri.lk

    මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අපට ලැබුණු පාඨක ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව එවැනි ප්‍රධාන මාධ්‍ය වාර්තා අපට දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාගෙන් මේ පිළිබඳ විමසීමක් කර තිබූ අතර ඔහු සඳහන් කර තිබුණේ, තමන් ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්‍ය බවත්, ඒ සඳහා පිළිතුරු ලබා දීමට ගත වන කාලය පවා අර්ථයක් නොමැති දෙයක් බවයි.

    පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද පුංචිහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

    මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බව ද නිමල් පුංචිහේවා මහතා සඳහන් කර තිබුණා.

    ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ, පී.එස්.එම්. චාල්ස් මහත්මිය කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

    තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් පසුගිය 25 වන දින ඉල්ලා අස්වූ බවට පී.එම්.එස්. චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වූ අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ, තමන් වෙත මේ සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුවී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන වාර්තා මෙතනින්.

    එසේම පී.එස්.එම් චාල්ස් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීම ජනපති මෙතෙක් පිළි‌ගෙන නැති බවට ද ජනාධිපති කාර්යාලය පැවසූ බව වාර්තා වුනේ මෙලෙසින්

    එමෙන්ම තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ අසත්‍ය තොරතුරු වාර්තා වීම පිළිබඳව හා මැතිරවරණය පිළිබඳ නිමල් පුංචිහේවා මහතා BBC News සිංහල සමග අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බවට පළවන සටහන් අසත්‍ය බවයි. එම වාර්තා අසත්‍ය බවට ඔහු තහවුරු කරනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.