Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

    2024-07-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අනුමාන කළ දිනයන් මෙන් ම, ජනාධිපතිවරණය පැවැත්වෙන සත්‍ය දිනය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පසුගිය කාලවකවානුවේ පළ වුණා. මෙහි නිරවද්‍යතාව හ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අනුමාන කළ දිනයන් මෙන් ම, ජනාධිපතිවරණය පැවැත්වෙන සත්‍ය දිනය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පසුගිය කාලවකවානුවේ පළ වුණා. මෙහි නිරවද්‍යතාව හෙළි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් දින සඳහන් කරමින් සටහන් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    ඒ වගේම මෙවර ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන ඇතැම් නායකයන් සිදුකළ ප්‍රකාශ ඔස්සේ ද සමාජ සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු තොරතුරු හේතුවෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම්දීමේ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(25) තීරණය කරනු ලැබුවා.

    ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අද(26) දින සඳහන් කළේ, 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් අගෝස්තු 15 වන දා නාමයෝජනා භාර ගනු ලබන බවයි.

    එමෙන්ම ජනාධිපති ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා සෙසු ව්‍යවසථාපිත  කාර්යන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වුණා.

    මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වසරේ ඡන්දහිමි නාම ලේඛණය වන අතර එය මේ වන විට සහතික කොට මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පසුගිය ජුලි 16 වනදා මාධ්‍ය හමුවට එක් වෙමින් සඳහන් කළා.

    ඡන්ද හිමි නාම ලේඛනය කොටස් දෙකකින් සකස් කර ඇති බව ත්, 2024 සකස් කරපු ප්‍රධාන නාම ලේඛනය වගේම අවුරුදු 18 සම්පුර්ණ වෙන අලුත් ඡන්ද දායකයින්ට අවස්ථාව සැලසීම සඳහා පරිපුරක ජන්ද හිමි නාම ලේඛනයක් සකස් කර ඇති බව ත් සඳහන් කරනු ලැබීය.

    2024 ප්‍රධාන ඡන්ද හිමි නාම ලේඛනයට අමතරව පෙබරවාරි 01 වෙනිදා සිට මැයි 31 දක්වා කාලයේදී අවුරුදු 18 සම්පුර්ණ වූ අයට මේ ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයට ඇතුල් වීමට හැකියාව ලැබේ.

    ඒ අනුව දල වශයෙන් මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දාහක් සිටින බව ත්, ඒ අතර පරිපුරක ඡන්ද හිමි නාම ලේඛනයේ අඩංගු 76,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව ත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර තිබුණා.

    එමෙන් ම ශ්‍රී ලංකාව වගේ රටක නාමයෝජනා දිනය තෝරා ගැනීමේදී සිරිත් විරිත් ගැනත් අවධානය දිය යුතු අතර නාම යෝජනා දෙන දිනයේදී නැකත්, රාහු කාලය බලන බව ත්, ඒ නිසා නාම යෝජනා භාර ගන්නේ අදාළ දිනයේ පැය දෙකක් පමණ බව ත්, ඒ උදේ 9.00 සිට 11.00 දක්වා කාලය අතර බව ත්, විරෝධතා දැක්වීමට මිනිත්තු 30ක කාලයක් ලබා දෙන බව ත් සභාපතිවරයා පවසා සිටියා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් අසත්‍ය වන අතර 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වනදා පැවැත් වීමට නියමිතයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-07-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.