Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහ මැතිවරණයට නාම යෝජනා කළ යුතු අපේක්ෂකයන් සහ ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්!

    2024-10-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1981 අංක 1 දරන පාර් ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    1981 අංක 1 දරන පාර් ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂම් සභාව මඟින් නිවේදනයක් (PE/2024/01) නිකුත් කරමින් සඳහන් කර සිටී.

    පාර් ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත්කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයක් මඟින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳව සඳහන් කර තිබේ. මැතිවරණ කොමිෂමේ නිවේදනයට අනුව, පිළිගත් දේශපාලන පක්ෂ විසින් ඇප මුදල් තැන්පත් කළ යුතු නැති බවට වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    යාපනය සහ කිළිනොච්චිය යන පරිපාලන දිස්ත්‍රික්ක අයත් වන යාපනය මැතිවරණ කොට්ඨාසය සඳහා යාපනය දිසාපති/ දිස්ත්‍රික් ලේකෂවරයා තේරීම්භාර නිලධාරියා වේ. මන්නාරම සහ මුලතිව් යන පරිපාලන දිස්ත්‍රික්ක අයත් වන වන්නී මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිලධාරියා වන්නේ වවුනියාව දිස්ත්‍රික්කයේ දිසාපති/ දිස්ත්‍රික් ලේකම්වරයා ය. දිගාමඬුල්ල මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිලධාරියා, අම්පාර දිස්ත්‍රික්කයේ දිසාපති දිස්ත්‍රික් ලේකම්වරයාය.

    එමෙන්ම, අනෙකුත් එක් එක් පරිපාලන දිස්ත්‍රික්ක අයත් වන මැතිවරණ කොට්ඨාසවල දිසාපතිවරු දිස්ත්‍රික් ලේකම්වරු එම මැතිවරණ කොට්ඨාසවල තේරීමහාර නිලධාරීන් ලෙස කටයුතු කරනු ලැබේ.

    පාර් ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය යට මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරමින් නිවේදනය පළ කරනු ලැබූ දින සිට ස්වාධීන කණ්ඩායම් ඒ ඒ නාමයෝජනා පසු අදාළ තේරීමහාර නිලධාරී වෙත බාර දීමට අතර වූ කාලය තුළ, ඒ ඒ කණ්ඩායම විසින් නාමයෝජනා ඉදිරිපත් කරන ලද එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් ඇප කැන්පත් ලෙස රුපියල් දෙදහස මැගින් ගණන් බලන ලද මුදලක්, වලංගු මුදලින් තේරීම්භාර නිලධාරියා වෙත සතියේ වැඩ කරන දින වල සාමාන්‍ය කාර් යාල වේලාව තුළ තැන්පත් කළ යුතු වේ. ඇප මුදල් බාර ගැනීම අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර් යාල හෝ විසින් සිදු කරනු ලැබේ.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.