Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සැප්තැම්බර් 21- අලුත් ඡන්ද දායකයන් මිලියනයක් 

    2024-08-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එළැඹෙන සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ  අලුතින් ලියාපදිංචි වූ ඡන්දදායකයින් 876,469 ක් සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ දත්ත පෙන්වා දෙයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලියාපදිංචි වූ ඡන්දදායකයින්ට වඩා 876,469 වැඩි පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන

    එළැඹෙන සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ  අලුතින් ලියාපදිංචි වූ ඡන්දදායකයින් 876,469 ක් සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ දත්ත පෙන්වා දෙයි.

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලියාපදිංචි වූ ඡන්දදායකයින්ට වඩා 876,469 වැඩි පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා  ලියාපදිංචි වී ඇති බව  මැතිවරණ කොමිසම සඳුදා ප්‍රකාශ කළේය.

    මේ වන විට සිටින ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය 17,140,354 වන අතර , 2019 වසරේ ජනාධිපතිවරණයේදී එය 15,992,096 ක් වූ අතර ,2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී , 16,263,885 ක් විය 

    දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ බොහෝ නව ඡන්දදායකයින්  තාක්ෂණයට සමීප කණ්ඩායමක්  වන අතර ඔවුන්ගේ ඡන්දය ලබාදීමේ රටාවට සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑමක් එල්ලවී ඇති බවයි.

    පළමු වරට ඡන්දය ප්‍රකාශකරන  ඡන්දදායකයින් දිනා ගැනීම සඳහා සමහර දේශපාලන පක්ෂ විසින් විවිධ ප්‍රචාරක  ව්‍යාපාර  දැනටමත් ආරම්භ කර ඇත.

    ශ්‍රී ලංකාව 1948 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලැබූ දා සිට විවිධ ආර්ථික ප්‍රතිපත්ති ඇති ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක් විසින් පාලනය කර ඇති බව විශ්ලේෂකයෝ පවසති.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ස්වෛරී නය පැහැර හැරීමත් සමඟ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් ඇතිවීම හා සමගම දේශපාලනය පිළිබද යම් කතිකාවතක් තරුණ ප්‍රජාව අතර ඇතිව ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ  ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මෙම ඡන්ද විමසීමේ ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සැලකේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-08-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.